ඔස්ට්‍රේලියාවේදී සාර්ථක ලෙස, වැටුප් වැඩිකිරීම් සම්බන්දව ආයතනය සමග සාකච්චා කරන්නේ මෙහෙමයි.

Pay rise.png

Source: Getty Images

ඕස්ට්‍රේලියානු වැඩකරන ජනතාවගෙන් හරි අඩක් පමන දෙනා ඉදිරියේදී නව රැකියාවක් සොයාගැනීමට අපේක්ෂා කරන බව හෝ රැකියාවක් සොයාගැනීමට ක්‍රියාකාරීව යොමුවී ඇති බව Gallup ආයතනයේ සමීක්ෂණයකින් හෙළිවී ඇත. කෙසේ උවත් වර්තමානයේ ඔබ රැඳී සිටින රැකියාවේ ඉහල වැටුපක් ලබාගැනීමේ හැකියාව පිලිබඳ තොරතුරු සොයා බැලීම වැදගත් වේ.


රැකියාවේ අධික ආතති මට්ටම්, රැකියාවේ සහ පුද්ගලික ජීවිතය අතර සමබරතාවයක් නොමැතිවීම සහ ප්‍රමාණවත් පටුපක් නොලැබීම බොහෝ ඕස්ට්‍රේලියානුවන් නව රැකියා සෙවීමට හෝ වැඩි වැටුප් ලබාගැනීමට සාකච්ඡා කිරීමට යොමුකර ඇත. කෙසේ වෙතත්, නව රැකියාවක් සොයා ගැනීම සැමවිටම විකල්පයක් නොවන අතර වර්තමාන රැකියාවේ වැටුප් වැඩිවීමක් ලබාගැනීම හොඳ විකල්පයක් විය හැක.

වැටුප් සහ දීමනා පිලිබඳ සාකච්චා ද්විපාර්ශවික සාකච්චා බව අවබෝද කරගැනීම වැදගත් වේ. ඔබේ සහ ආයතනය යන පාර්ශ්ව දෙකේම අවශ්‍යතා අවබෝධ කර ගැනීම වඩාත් සාර්ථක ප්‍රතිඵලයකට මඟ පෑදිය හැකි බව මතක තබාගත යුතු වේ.

සාර්ථකව ඉහල වැටුපක් ලබාගැනීමේ ක්‍රමවේද මොනවාද ?

1. මෙහිදී ඔබට සත්‍ය වශයෙන්ම අවශ්‍ය වන්නේ මොනවාද සහ ඒ සඳහා හේතු පැහැදිලිව දැනගැනීම වැදගත් වේ.

නව රැකියාවක් හෝ වැටුප් වැඩිවීමක් සොයන ඔබේ ඉලක්ක සහ වැටුප් වැඩිවීම් සඳහා හේතු තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. සාධාරණ වැටුප් තල සහ වරප්‍රසාද පිළිබඳව තොරතුරු දැන ගැනීමට ඔබේ රැකියා ක්ෂේශ්ත්‍රයේ රැකියාවන් සඳහා වැටුප් තල ප්‍රමිතීන් අධ්‍යයනය කිරීම අවශ්‍ය වේ. හොඳින් සූදානම් වීම මෙහිදී අතිශය වැදගත් වේ. රැකියාව තුල ඔබේ හැකියාවන් සහ වගකීම් පිළිබඳ සාක්ෂි මගින් සහාය දක්වන පැහැදිලි, නිශ්චිත ඉල්ලීමක් සූදානම්ව තබා ගන්න.

2. ඔබගේ ආයතන ප්‍රධානියාගේ සහ ආයතනයේ අවශ්‍යතා පිළිබඳව හොඳ අවබෝදයකින් පසුවීම ඉතා වැදගත් වේ.

ඔබගේ ආයතන ප්‍රධානීන්ගේ මතය පිලිබඳ අවබෝදයක් ලබා ගැනීම සඳහා ආයතනික වශයෙන් පවතින අවශ්‍යතා සහ සීමාවන් සහ ආයතනයේ ඉදිරි සැලසුම් තේරුම් ගැනීම මෙහිදී වැදගත් වේ. ආයතනය විසින් ඔබට යජනා කළහැකි වෙනත් යෝජනා සහ වරප්‍රසාද සම්බන්දයෙන්ද යම් අදහසක් තිබීම සහ එවැනි විවිද යෝජනා සඳහා සූදානම් වී සිටීම ඉතා වැදගත් වේ.

3. විකල්ප සැලසුමක් තබාගනීමට කටයුතු කලයුතු වේ.

මෙහිදී ඔබගේ ඉල්ලීම් ඔබ බලාපොරොත්තු වූ ආකාරයට සිදු නොවූ අවස්ථාවක එසන්දහා ඔබ සතුව විකල්ප සැලසුමක් තිබීම වැදගත් වේ. රැකියාව වඩාත් ආකර්ෂණීය කළ හැකි අමතර නිවාඩු වැනි සහ වෙනත් අමතර ප්‍රතිලාභ පිළිබඳව සලකා බැලීමට නම්‍යශීලී වීම අවශ්‍ය වේ. අනාගතයේ වැටුප් වැඩිවීම් පිළිබඳව සාකච්චා කිරීම සඳහා සූදානම් වීමක් ලෙස විවිද පාටමආලා හැදෑරීම සහ වෘත්තීය සුදුසුකම් ලබාගැනීම වැනි දී කෙරෙහි අවදානය යොමුකිරීමද වැදගත් වේ.

වැටුප් සහ දීමනා පිලිබඳ සාකච්චා ද්විපාර්ශවික සාකච්චා බව අවබෝද කරගැනීම වැදගත් වේ. ඔබේ සහ ආයතනය යන පාර්ශ්ව දෙකේම අවශ්‍යතා අවබෝධ කර ගැනීම වඩාත් සාර්ථක ප්‍රතිඵලයකට මඟ පෑදිය හැකි බව මතක තබාගත යුතු වේ. මෙවැනි සාකච්චා වල ප්‍රතිඵල සම්බන්දයෙන් නම්‍යශීලී වීම සහ සාකච්චා අසාර්ථක උවහොත් ඒ සඳහා මුහුණ දීමට සැලැස්මක් තමන් සතුව තිබිය යුතු වේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now