ඔස්ට්‍රේලියාව තුල රැකියා ලබාදෙන බව අඟවමින් මුදල් සහ පුද්ගලික තොරතුරු සොරාගනීම් පසුගිය කාලයේ ඉහල ගොස් තිබේ. මෙහිදී ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාගැනීම් සම්භන්ද අත්දැකීම් නැති සංක්‍රමණිකයින් වැනි පුද්ගලයින් මෙම අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇතිබව වාර්තා වේ.
රැකියා ලබාදීම ආශ්‍රිතව සිදුවන වංචනික කටයුතු හේතුවෙන් අහිමි වන මුදල් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 150%කින් ඉහල ගොස් තිබේ.
ඔස්ට්‍රේලියාව තුල සිදුවන වංචනික කටයුතු හේතුවෙන් අහිමිවන මුදල 13.1%කින් පසුගිය කාලයේ අඩු වීමක් දක්නට ලැබේ. කෙසේ උවත් රැකියා ලබාදීම ආශ්‍රිතව සිදුවන වංචනික කටයුතු හේතුවෙන් අහිමි වන මුදල් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 150%කින් ඉහල ගොස් තිබේ.
රැකියා වංචාවන් ක්‍රියාත්මක වන්නේ කෙසේද? රැකියා සොයන්නන්ට සත්‍ය රැකියා අවස්ථා සහ වංචනික යෝජනා ක්‍රම අතර වෙනස හඳුනා ගත හැක්කේ කෙසේද යන්න සොයා බැලීම ඉතා වැදගත් වේ.
විවිද ආකාරයේ රැකියා වංචා මොනවාද?
- බොහෝ රැකියා වංචා සිදුකිරීමේදී රැකියාව ලබා දීම සඳහා ගාස්තුවක් අයකිරීම හෝ පුද්ගලික තොරතුරු ඉල්ලා සිටීම සිදුවේ.
- වංචා කරුවන් විසින් සමාජ මාධ්‍ය යොදාගනිමින් වංචනිකව රැකියා දැන්වීම් පල කර සිටී. රැකියා වෙබ් අඩවි සහ ආයතනික දුරකථන අංක යොදාගනිමින් රැකියා සම්බන්ද වෙළඳ දැන්වීම් පලකරනු ලැබේ.
- රැකියා වංචාකරුවන් ඉහළ මට්ටමේ විධායක නිලධාරීන් හෝ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂාවට මෙහෙයවන කළමනාකරුවන් ලෙස පෙනී සිටිමින් අයදුම් කරුවන්ගේ මුදල් හෝ පුද්ගලික තොරතුරු සොරාගැනීම සිදු කරයි.
- රැකියා ලබාදීමට පෙර ඒ සඳහා සම්බන්ද වීමේ ගාස්තුවක් අයකර සිටීම මෙහිදී සිදුවන තවත් වංචනික ක්‍රියාවක් වේ. මෙහිදී අදාළ ආයතනයේ භාණ්ඩයක් වෙනුවෙන් මුදල් ගෙවීමක් කිරීමට අයදුම් කරුවන් පෙළඹ වීමක් සිදු කරයි.
- රැකියාවේ කොටසක් ලෙස අයදුම් කරුගේ පුද්ගලික ගිණුම් භාවිතා කරමින් අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම මෙහිදී සිදුවන තවත් වංචා වර්ගයක් වේ. මෙහිදී මුදල් විශුද්ධි කරණය සඳහා අයදුම් කරුවන් යොදා ගැනීම සිදුවේ.
කුමන ආකාරයකින් මෙම වංචා කටයුතු සිදු උවත් අයදුම් කරුගෙන් මුදල් අයකර ගැනීමක් හෝ පුද්ගලික තොරතුරු ලබා ගැනීම හා අනන්‍යතාවය සොරා ගැනීමක් සිදු විය හැක.
රැකියා වංචාවලට වැඩිවශයෙන් ගොදුරු වන්නේ කවුද?
- ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමණික ප්‍රජාව
- විශ්ව විද්‍යාල සිසුන්
- රැකියා සොයන උපාධිධාරීන්
- ආර්ථික අපහසු හේතුවෙන් දෙවැනි රැකියාවක් සොයන්නන්
- රැකියා සඳහා ඔස්ට්‍රේලියාව වැනි රටවල් සඳහා යාමට සිටින සංක්‍රමණිකයින්
රැකියා වංචාවන් වළක්වා ගන්නේ කෙසේද?
- රැකියා අවස්තාව ගැන හොඳින් අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ. ක්ෂේශ්ත්‍රයේ ප්‍රවීනයකුගෙන් අදාළ රැකියාව ගැන උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.
- ආයතන මට්ටමේ ඊ මේල් පණිවුඩ හැර අනෙකුත් ඊ මේල් පණිවිඩ හෝ කෙටි පණිවිඩ සඳහා පිළිතුරු ලබා දීමෙන් වැළකී සිටිය යුතු වේ.
- රැකියාව ලබාදෙන ආයතනය පිළිබඳව නැවත විමසා සිටිය යුතු වේ. එම ආයතනය සම්භන්ද කර රැකියා අවස්තාව පිළිබඳව විමසා සිටීම ඉතා වැදගත් වේ.
- රියදුරු බලපත්‍රයේ විස්තර, පාස්පෝර්ට් අංක, බැංකු ගිණුම් විස්තර ලබා දීමෙන් වලකිය යුතු වේ.
- රැකියාව ලබා දීමට පෙර ඒ සඳහා ගෙවීම් සිදුනොකිරීමට වගබලා ගත යුතු වේ.
- කොමිස් මුදල් සඳහා තම බැංකු ගිණුම් භාවිතා කරමින් අන් අයගේ ගිණුම් වලට මුදල් හුවමාරු කිරීම නොකළ යුතු වේ.
මෙවැනි රැකියා වංචා සම්බන්දයෙන් නිරන්තර අවධානයෙන් පසුවීම ඉතා වැදගත් වේ. මේ සම්භන්ද සැකකටයුතු ක්‍රියාවන් Scamwatch වෙබ් අඩවිය හරහා වාර්තා කිරීමට හැකියාව පවතී.





