මිල නියාමනයක් නොමැති ඔස්ට්‍රේලියාවටම අවේනික ඉන්ධන මිල චක්‍රය හරහා මුදල් ඉතිරිකර ගන්නා ආකාර මෙන්න

Gas station price display

Gas station price display Credit: Thomas Winz/Getty Images

ඔස්ට්‍රේලියාව තුල ඉන්දන මිල ගණන් වෙනස්වන ආකාර පිළිබඳව නිසි අවබෝදයක් ලබාගැනීමෙන් ඉන්ධන සඳහා වියදම් වන මුදල් ප්‍රමාණය ඉතිරිකර ගත හැකි බව විශේෂඥයින් පවසා සිටී.


ඔස්ට්‍රේලියාව තුල ඉන්දන මිල ගණන් නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වේ. මෙහිදී බොහෝ විට ලෝක බොරතෙල් වෙළඳ පොළ මිලගණන් වෙනස් වීමත් සමග සහ ඔස්ට්‍රේලියාව තුලද ඊට සාපේක්ෂව මිල ගණන් වෙනස් වීම සිදුවේ. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ පවතින මිල වෙනස් වීමේ චක්‍රය ඔස්ට්‍රේලියාවට පමණක් අවේනික බව විශේෂඥයින් පවසා සිටී.

ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිලගණන් ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී එක්වරම විශාල වැඩිවීමකට භාජනය වේ. මෙවැනි මිල චක්‍රයක් ලොව අන් රටවල දක්නට නොලැබෙන බව වාර්තා වේ

ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ගණන් යම් රටාවකට අනුව නිරන්තරයෙන් උච්චාවචනය වනබව පෙනෙන්නට ඇත. මෙය ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රධාන නගර වල සිදුවන අතර කැන්බරා, හෝබාර්ට් සහ ඩාර්වින් යන නගර වල මේ ආකාරයට මිල චක්‍රයක් දක්නට නොලැබේ.

ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විස්තර කරන ආකාරයට ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිලගණන් ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී එක්වරම විශාල වැඩිවීමකට භාජනය වේ. මෙවැනි මිල චක්‍රයක් ලොව අන් රටවල දක්නට නොලැබෙන බව වාර්තා වේ.

මෙහිදී බොහෝ විට සිදුවන්නේ පාරිභෝගිකයින් ඉන්ධන පිරවුම් හල් වෙත ගෙන්වා ගැනීම සඳහා මිල ක්‍රමක් ක්‍රමයෙන් අඩු කිරීමක් සිදු කරන අතර ඉන් පසුව පාරිභෝගිකයින් එම ඉන්ධන පිරවුම් හල වෙත පැමීනීම පුරුදු වූ පසුව එක්වරම මිල ඉහල දැමීමක් සිදු කරයි. මේ ආකාරයට මිල වැඩි වූ විට ඉන්ධන සැල් ලාභ ලැබීම ආරම්භ කරයි.

මේ හේතුවන් මෙම ඉන්ධන මිල චක්‍රය නිසියාකාරව හඳුනාගැනීමෙන් අඩුමිලට ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීමට අවස්තාවක් උදා වේ.

ඔස්ට්‍රේලියාව තුල ඉන්දන මිල නියාමනයකට ලක් කර නැත. මෙහිදී ඉන්ධන මිල පාලනයට රජය කටයුතු නොකරයි. මේ හේතුවෙන් ප්‍රධාන නගරවලට වඩා මදක් ඈතින් පිහිටි කුඩා නගර වල ඉන්දන මිල ගණන් එක ලීටරයක් සඳහා සත 30කින් හෝ 40කින් වෙනස් විය හැක. මේ හේතුවෙන් ප්‍රධාන නගර වලින් මදක් ඈතට ගමන් කිරීම හරහා අඩු මිලට ඉන්දන ලබා ගැනීමට හැකිවේ.

ඉන්ධන වියදම අවම කර ගැනීමට ගතහැකි අනෙකුත් ක්‍රියාමාර්ග කවරේද?

  • වාහනය පදවන විට එහි ඇති අනවශ්‍ය බදු භාහිරාදිය ඉවත්කර තැබීම හරහා ඉන්දන ඉතිරිකර ගැනීමට හැකි බව වේ.
  • හැකි සෑම අවස්ථාවකම වායුසමනය කිරීම ක්‍රියාත්මක නොකිරීමෙන්ද ඉන්දන ඉතිරි කර ගත හැක. කෙසේ උවත් අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී වීදුරු වසා ගමන් කිරීම හරහා වායු ප්‍රතිරෝධය අඩු වීමෙන් ඉන්ධන ඉතිරි කර ගත හැක.
  • වේගයෙන් රිය ධාවනය සහ නිරන්තරයෙන් වේගය අඩු වැඩි කිරීම් වලදී විශාල ඉන්ධන දහනයක් සිදුවේ. සාමාන්‍ය වේගයකින් රිය පැදවීම හරහා ඉන්ධන ඉතිරි කරගැනීමට හැකිවේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now