විවිධ ක්ෂේශ්ත්‍රවල දක්ෂයින්ට ඕස්ට්‍රේලියාවේ PR එක ලැබෙන අලුත් වීසා කාණ්ඩය ගැන තොරතුරු මෙන්න

Diverse Professionals United and Confident

Diverse Professionals United and Confident Credit: LaylaBird/Getty Images

විවිධ ක්ෂේශ්ත්‍රවල දස්කම් දක්වා ඇති පුද්ගලයින්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගත හැකි නව වීසා කාණ්ඩයක් හඳුන්වා දී තිබෙනවා. පෙර තිබූ වීසා කාණ්ඩ දෙකක් වෙනුවට මෙම නව වීසා කාණ්ඩය හඳුන්වා දී තිබෙනවා.


විවිධ ක්ෂේශ්ත්‍රවල ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වන මට්ටමේ දස්කම් දක්වා ඇති පුද්ගලයින්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගත හැකි National Innovation visa (Subclass 858) නව වීසා කාණ්ඩයක් හඳුන්වා දී තිබෙනවා. මෙය මින් පෙර තිබු The Global Talent Visa (Subclass 858) සහ The Business Innovation and Investment Visa (Subclass 188) වීසා කාණ්ඩ එකතුකර මෙම නව වීසා කාණ්ඩය හඳුන්වා දී තිබෙන බව මෙම වීසා කාණ්ඩය පිළිබඳව හැඳින්වීමක් කරමින් දකුණු ඔස්ට්‍රේලිය ප්‍රාන්තයේ සංක්‍රමණික උපදේශිකාවක් වන දේශානි දියුනුගලගේ SBS සිංහල සේවයට පවසා සිටියා.

මෙම වීසා කාණ්ඩය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුදුකම් මොනවාද?

මේ සඳහා අයදුම් කිරීමට ඔබ කිසියම් ක්ෂේශ්ත්‍රයක අන්තර්ජාතික පිළිගැනීමකට ලක්වී ඇති ඉහල දක්ෂතා පෙන්නුම් කර ඇති පුද්ගලයකු විය යුතු වනවා. මේ අනුව යම් වුර්තියක, කළා ක්ෂේශ්ත්‍රයයේ, ක්‍රීඩා ක්ෂේෂ්ඨ්රයේ හෝ පර්යේෂණ යන ක්ෂේශ්ත්‍ර වල සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කර ඇත්නම් මේ සඳහා අයදුම් පතක් යොමු කිරීමේ හැකියාව ඔබට තිබෙනවා.

මේ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ,
  • පර්යේෂකයන්
  • ව්‍යවසායකයින්
  • නවෝත්පාදකයින්
  • මලල ක්‍රීඩකයින්
  • කළා නිර්මාණකරුවන් අයත් වනවා.
මෙම වීසා කාණ්ඩය සඳහා ඔබට එක්වරම අයදුම් කිරීමේ හැකියාවක් නොපවතින අතර මෙම වීසා සඳහා ඔබගේ කැමැත්ත ප්‍රකාශ කර ඒ සඳහා Expression of Interest අයදුම් පතක් යොමු කල යුතු වනවා. මේ ආකාරයට යොමුකෙරෙන අයදුම්පත් සලකාබැලීම අමාත්‍ය නියෝග 112 (Ministerial Direction 112) යටතේ ලබාදී ඇති උපදෙස් අනුව සිදුවනවා. ඔබ ඒ සඳහා සුදුස්සෙක්නම් ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු රජය විසින් ඔබට ආරාධනා පත්‍රයක් යොමුකරනු ලබනවා

මේ සඳහා වන වයස් සීමාව කුමක්ද?

මෙම වීසා කාණ්ඩය සඳහා ඕනෑම වයස් සීමාවක අයෙකුට අයදුම් කිරීමේ හැකියාව පවතිනව. වයස අවුරුදු 18ට අඩු හෝ වයස අවුරුදු 55ට වැඩි අයෙක්නම් ඔබ විසින් ඕස්ට්‍රේලියානු සමාජයට සිදුකරන සේවාව සම්බන්දයෙන් විමසීමක් සිදු කරනවා. ඒ අනුව අඛණ්ඩ සේවාවක් ඔබගෙන් ඕස්ට්‍රේලියානු සමාජයට ලැබෙන බවට තහවුරු කිරීමක් අවශ්‍ය වනවා.

මේ සඳහා වන වීසා ගාස්තුව කොපමණද?

මේ සඳහාඅවම වශයෙන් AUD 4,840.00 ක මුදලක් වැයවනු ඇති බව වාර්තා වනවා.

මෙම වීසා කාණ්ඩය සඳහා අයදුම් කිරීමට ඔබට functional English එනම් IELTS විභාගයෙන් ලකුණ 4.5ක මට්ටම හෝ ඊට සමාන ලකුණු මට්ටමක් PTE හෝ වෙනත් අනුමත විභාගයකින් ලබා තිබිය යුතු වෙනවා.

වෙත පිවිසෙන්න


SBS මාධ්‍ය ආයතනය මෙම ලිපිය හරහා මේ සම්බන්ද මූලික තොරතුරු ඔබ වෙත වාර්තා කිරීමට කටයුතු කර ඇත. මේ සම්බන්ද වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ලියාපන්දින්චි සංක්‍රමණික උපදේශකයකුගේ උපදෙස් ලබාගත යුතුවේ.


********************************************************************************




ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.




********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
විවිධ ක්ෂේශ්ත්‍රවල දක්ෂයින්ට ඕස්ට්‍රේලියාවේ PR එක ලැබෙන අලුත් වීසා කාණ්ඩය ගැන තොරතුරු මෙන්න | SBS Sinhala