කෘතිම බුද්ධිය භාවිතයෙන් ඔබේ හඬ අනුකරණය කරමින් සිදුකරන නවතම වංචා පිලිබඳ තොරතුරු මෙන්න

Hacker

Hacker involving in Cyber crimes. Credit: D-Keine/Getty Images

වර්තමානය වනවිට අපරාධ කරුවන් විසින් නවතම තාක්ෂණය යොදාගනිමින් විවිද වංචා කටයුතු වල නිරත වනු දක්නට ඇත. කෘතිම බුද්ධිය යොදා ගනිමින් ඔබේ කටහඬ ප්‍රතිනිර්මාණය කරමින් ඒ හරහා මූල්‍ය වංචා ඇතුළු විවිද වංචා සිදුකිරීමට අපරාධ කරුවන් කටයුතු කරමින් සිටී.


වර්තමානයේ ක්‍රමක් ක්‍රමයෙන් ලොවට හඳුන්වාදෙමින් පවතින ඉතා දියුණු තාක්ෂණික ක්‍රමයක් වන කෘතිම බුද්ධිය යොදාගනිමින් විවිද පුද්ගලයින්ගේ අනන්‍යතාවය සොරාගැනීමට වංචා කරුවන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙහිදී විශේෂයෙන්ම යමයකුගේ හඬ පට භාවිතා කරමින් එම පුද්ගලයා මෙන් කතා කල හැකි කෘතිම බුද්ධි වැඩසටහනක් නිර්මාණය කිරීම හරහා වංචා කටයුතු සිදුකිරීම සිදුවේ.

ඔබ කතා කරන විලාසය, ඔබගේ හඬේ ස්වභාවය, වචන උච්චාරණය කරන ආකාරය වැනි කරුණු පිලිබඳ දත්ත එකතු කර ගැනීම හරහා ඔබ මෙන් කතා කල හැකි කුත්‍රිම බුද්ධි වැඩසටහනක් නිර්මාණය වීම සිදුවේ

මේ ආකාරයට ඔබේ කටහඬ ප්‍රතිනිර්මාණය වන්නේ කෙසේද?

මෙහිදී නොදන්නා දුරකථන ඇමතුමක් හරහා ඔබගේ හඬ පටයක් ලබා ගැනීමට වංචා කරුවන් කටයුතු කරයි. එහිදී ඔබ සමග කෙටි සංවාදයක නිරත වීම හරහා වංචා කරුවන් විසින් ඔබේ හඬ පටය පටිගත කරනු ලැබේ.

මෙහිදී ඔබ කතා කරන විලාසය, ඔබගේ හඬේ ස්වභාවය, වචන උච්චාරණය කරන ආකාරය වැනි කරුණු පිලිබඳ දත්ත එකතු කර ගැනීමක් සිදුවේ. මේ සඳහා ඔබගේ හඬ ඇතුලත් කෙටි හඬපට කිහිපයක් පමණක් උවද ප්‍රමාණවත් වේ.

ඉන්පසුව මෙම දත්ත යොදාගනිමින් ඔබේ හඬ අනුකරණය සඳහා කෘතිම බුද්ධි වැඩසටහනක් පුහුණු කිරීමට වංචා කරුවන් කටයුතු කරයි. මේ ආකාරයට පුහුණුකළ කුත්‍රිම බුද්ධි වැඩසටහනකට ඔබ මෙන් ඔබේ දෙමාපියන් හෝ මිතුරන් පවා රැවටීමකට ලක්වන අයුරින් දුරකථන සංවාද වල නිරත වීමේ හැකියාව පවතී.

මෙහිදී ඔබව ඍජුවම දුරකතනයෙන් සම්බන්දකර නොගෙන ඔබ විසින් අන්තර්ජාලයට මුදාහැර ඇති හඬ පට හෝ වීඩියෝ වල ඇති හඬ යොදාගෙන ඔබේ හඬ අනුකරණය කළහැකි කෘතිම බුද්ධි වැඩසටහනක් නිර්මාණය කළහැකි බව විශේෂක්නයින් පෙන්වා දේ.

මෙහිදී මූල්‍ය වංචා වලට අමතරව යම් අයකුගේ හඬ යොදාගනිමින් අසත්‍ය හෝ අපහාසාත්මක ප්‍රකාශ නිර්මාණය කිරීමද අපරාධ කරුවන් අතින් සිදුවේ.

මෙවැනි අපරාධ වලින් ආරක්‍ෂා වන්නේ කෙසේද?

  • මෙහිදී මූලික වශයෙන් තම පුද්ගලික තොරතුරු, හඬපට සහ වීඩියෝ දර්ශණ අන්තර්ජාලයට එකතු කිරීමේදී ඉතා කල්පනාකාරී වියයුතු බව සයිබර් ආරක්ෂාව පිලිබඳ විශේෂඥයින් ගේ මතය වී ඇත.
  • මේ අතර නොදන්නා පුද්ගලයින් සමග දුරකථන සංවාද වල නිරත වීමේදී ඉතා කල්පනාකාරී වියයුතු වේ. හැකිපමණ නොදන්නා අංක වලින් ලැබෙන දුරකතන ඇමතුම් වලට පිළිතුරු දීමෙන් වැළකී සිටිය යුතු වේ.
  • හදිසි අවශ්‍යතාවයක් යැයි සඳහන් කරමින් ඔබේ සමීපතමයකු මුදල් ඉල්ලීමක් සිදුකළහොත් ඒ පිළිබඳව කටයුතු කිරීමට පෙර හොඳින් විමසා බැලීමක් සිදුකලයුතු වේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now