ඕස්ට්‍රේලියාවේ ඉහල ගිය ණය වාරික නිසා විඳවන්නේ නැතුව Smart විදියට උදව් ගන්නේ මෙහෙමයි.

Did you see what inflation did to the budget??

Financial Stress Credit: katleho Seisa/Getty Images

මිලියන හයකට අධික ඕස්ට්‍රේලියානුවන් නිවාස ණය වාරික ඉහල යාම හේතුවෙන් දැඩි අපහසු තාවයකට පත්වී ඇති බව වාර්තා වේ. මෙහිදී බොහෝ දෙනෙක් තම ණය සම්බන්දයෙන් උදව් ලබාගතහැකි ආකාර පිළිබඳව ඉතා අඩු අවබෝදයකින් පසුවේ. තවද බොහෝදෙනා ණය ගෙවීමට ඇති අපහසුතා පිළිබඳව අදාළ මූල්‍ය ආයතන දැනුවත්කර ඒ සඳහා උදව් ලබාගැනීමට මැලිකමක් දක්වන බව වාර්තා වේ. මෙහිදී ඕස්ට්‍රේලියානු බැංකු සහ ණයදෙන ආයතන නය ගෙවාගැනීමට අපහසු ණය ගැනුම්කරුවන්ට සහය වීමට නීතියෙන් බැඳී සිටින බව ඔබ දැන සිටියාද?


ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිසම විසින් ඉදිරිපත්කර ඇති දත්ත වලට අනුව ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.8ක් පසුගිය මාස 12ක කාලය තුල ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්වී සිටී. මීට අමතරව පුද්ගලික ණය හෝ ක්‍රෙඩිට්කාඩ් පත් හිමියන්ගෙන් 41%ක් ඉදිරි මාස 12ක කාලයේදී තම ණය වාරික ගෙවාගැනීමට අපහසුවනු ඇති බවට අනුමාන කරයි.

ජීවන වියදම් පීඩනය, ආදායම අඩුවීම සහ අනපේක්ෂිත වියදම් මෙම දුෂ්කරතා පිටුපස ඇති ප්‍රධාන හේතු ලෙස දක්වා ඇත.
2024-06-19_17-10-45.png
මේ ආකාරයට උදව් ඉල්ලීම හරහා එය තම Credit Score එක අඩුවීමට බලපානු ඇතිබවට 32% ක් විශ්වාස කරයි.
මෙවැනි ඉතා අපහසු තත්වයකදී පවා නිවාස ණය ගෙවාගැනීමට අපහසු ඔස්ට්‍රෙලියානුවන්ගෙන් 30%ක් පමණ දෙනා මේ සම්බන්දයෙන් උදව් ඉල්ලීමට අකමැත්තක් දක්වන බව වාර්තා වේ. සමීක්ෂණයට සහභාගී වූ අයගෙන් සියයට 42 ක් පවසන්නේ බැංකුවෙන් උදව් ඉල්ලීමට වඩා ඔවුන් තම දේපළ සහ වත්කම් විකිණීමට කැමැත්තක් දක්වන බවයි.

බැංකුව හෝ වෙනත් ණය දෙන්නෙකුගෙන් උදව් ලබාගැනීම සඳහා අයදුම් කිරීමට පෙර දෙවන රැකියාවක් කිරීමට කැමති බව මේ අතරින් අතර සියයට 40 ක් දෙනා පවසා ඇත.

මේ ආකාරයට සහන දායී ගෙවීම් ක්‍රමයකට බැංකුව සමග ගිවිසුම් ගතවීමක් සිදුකලොත් දිගුකාලීන වශයෙන් එය අවාසි සහගත විය හැකි බව මෙම පිරිසෙන් 50%ක් දෙනා විශ්වාස කරයි. මේ අතර මේ ආකාරයට උදව් ඉල්ලීම හරහා එය තම Credit Score එක අඩුවීමට බලපානු ඇතිබවට 32% ක් විශ්වාස කරයි. තවද තමා ණය ලබාගත් මූල්‍ය ආයතනය විසින් තමාට කිසිම අයුරකින් උදව් ලබාදීමක් සිදු නොකරනු ඇති බවට 31%ක් දෙනා විශ්වාස කරන බව හෙළිවී ඇත.

ණය ආපසු ගෙවීම් සම්බන්දයෙන් උදව් ලබාගෙන ඇත්තේ සමීක්ෂණයට ලක්වූ අයගෙන් 20%ක් පමණක් බව හෙළිවී ඇත. මේ අයගෙන් 65%කම පවසා ඇත්තේ ණය ගෙවීම් සම්බන්දයෙන් උදව්ලබා ගැනීම පිළිබඳව ඔවුන් සතුටු වන බවයි.

මෙහිදී ඕස්ට්‍රේලියානු නීතියට අනුව බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන තම ණය ගැනුම්කරුවන්ට අවශ්‍ය අවස්තාවලදී උදව්කිරීමට නීතියෙන් බැඳී සිටී. මේ අනුව දුෂ්කරතා ඇති ගනුදෙනුකරුවන්ට සහය ඉල්ලා සිටීමට නීතිය යටතේ හිමිකම් ලබා දී ඇත. මෙහිදී ඔබට අදාළ මූල්‍ය ආයතනය සහය ලබාදීම පිළිබඳව යම් අසතුටක් පවතීනම් එහ පිළිබඳව Australian Financial Complaints Authority වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

මේ ආකාරයට ණය ගෙවීම් සම්බන්දව උපදෙස් ලබාගතහැක්කේ කෙසේද?

මෙහිදී MoneySmart ආයතනය විසින් ණය ගෙවීමට අපහසුතා ඇති අයට ඒ සඳහා උදව් ලබා ගැනීමට ඇති අයිතිය පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. ණය ගෙවීමට අපහසු අවස්ථාවල උදව් ඉල්ලීමට ඔබට ඇති අයිතිය පිළිබඳව ඔබව දනුවත්කිරීමට සහ දැඩි ආතති තත්වයකින් පෙලෙන පුද්ගලයින් මේ සඳහා දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

ණය වාරික ගෙවාගැනීමට අපහසුතාවයෙන් පෙලෙන අය සඳහා MoneySmart ආයතනය විසින් ස්වාධීන මූල්‍යමය උපදෙස් නොමිලයේ ලබා දීමට කටයුතු කරයි.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.


*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service