ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් අතර උඩුගුවනේදී ඇතිවූ ගැටුම්කාරී තත්වය ගැන තොරතුරු මෙන්න

sri lankan01.jpg

Image credit: Sri Lankan Airlines official facebook page

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කොළඹ බලා ගමන් ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන්යානයේ ගුවන් නියමුවන් අතර ඇතිවූ ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත.


ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් කොළඹ බලා පිටත්වූ ශ්‍රී ලංකන් ගුවන්සේවයේ UL607 ගුවන්යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සහ සහායක ගුවන් නියමුවා අතර දැඩි ගැටුම් කාරී තත්වයක් ඇතිවී තිබෙනවා. මෙහිදී ගුවන් යානය සිඩ්නි නුවරින් ගුවන්ගත කල අවස්ථාවේ ගැටලුකාරී තත්වයක් නොතිබූ අතර ගුවන් ගතවී මොහොතකට පසුව මෙම තත්වය ඇති වී ඇත.

මෙහිදී උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවී ඇති අතර ගුවන් නියමු කුටියේ දොර විවෘත කර ගැනීම සඳහා ගුවන් සේවක කාර්ය මණ්ඩලයේ ජේෂ්ඨ නිලධාරියෙකුට දැඩි උත්සාහයක් දැරීමට සිදුවී ඇත.

එහිදී ප්‍රධාන ගුවන් නියමුවාගේ සහයට සිටි ගුවන් නියමුවරිය විසින් වැසිකිලියට යාම සඳහා ඉල්ලීමක් සිදුකර තිබෙනවා. එවැනි අවස්තාවකදී ගුවන් නියමු කුටිය තුල ප්‍රධාන ගුවන් නියමුවා පමණක් සිටීමට අවසර නොමැති අතර එහිදී ගුවන් සේවක කාර්යමණ්ඩලයේ අයෙකු ගුවන් නියමු කුටිය තුල රන්දී සිටීම අනිවාර්ය වේ.

කෙසේ උවත් ගුවන් නියමුවරිය ගුවන් නියමු කුටියෙන් පිටතට පැමිණි අවස්ථාවේ ගුවන් නියමු කුටියේ දොර වසා දැමීමට ප්‍රධාන ගුවන් නියමුවා කටයුතු කර ඇති බව වාර්තා වේ. ප්‍රධාන ගුවන් නියමුවා ගුවන් නියමු කුටියේ දොර විවෘත කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගුවන් සේවක කාර්යමණ්ඩලයේ අයකුට ගුවන් නියමුකුටියට ඇතුළුවීමට අවසර ලැබී නොමැත.

මෙහිදී උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවී ඇති බව වාර්තා වේ. ගුවන් නියමු කුටියේ දොර විවෘත කර ගැනීම සඳහා ගුවන් සේවක කාර්ය මණ්ඩලයේ ජේෂ්ඨ නිලධාරියෙකුට දැඩි උත්සාහයක් ගැනීමට සිදුවී ඇත. ගුවන් යානය සාර්ථකව කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩ බස්සවා ඇති අතර ඉන් අනතුරුව සහායක ගුවන් නියමුවරිය විසින් සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇත.

මෙම ගැටලුව මේවනවිට සිවිල් ගුවන්සේවා අධිකාරිය වෙත යොමුවී ඇති බවත් ඒ සම්බන්ධව විමර්ශන කටයුතු සිදුවන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. මෙම විමර්ශන කටයුතු අවසන් වනතුරු ප්‍රධාන ගුවන් නියමුවාගේ වැඩ තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බවද මෙම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now