වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ පවතින අධි උද්ධමන තත්වය හේතුවෙන් බොහෝ ඕස්ට්‍රේලියානුවන් දැඩි පීඩනයකින් පෙළෙන බව වාර්තා වේ. කෙසේ උවත් රජය පසුගිය කාලය පුරාවටම ජනතා සහන ලබාදීමට විවිද යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණ.
තුන්වන අදියරේ බදු කප්පාදුව, වැටුප් වැඩිකිරීම් මෙන්ම විදුලි බිල්පත් සහනය වැනි මෙම දීමනා බොහොමයක් ජුලි 1 වෙනිදායින් ආරම්භ වන නව මූල්‍ය වර්ෂයේදී ජනතාවට අත්විඳීමට ලැබේ. ඒ මොනවාදැයි විමසා බැලීම ඉතා වැදගත් වේ.
බොහෝ ඕස්ට්‍රේලියානු පවුල් නව බදු සහනය හරහා වසරකට $2000ක් එනම් සතියකට $40ක පමණ අමතර මුදලක් තම වැටුපට එකතු කරගනු ඇත.
තුන්වන අදියරේ නව බදු සහනය
මිලියන ගණනක් ඕස්ට්‍රේලියානු පවුල් නව බදු සහනය හරහා වසරකට $2000ක් එනම් සතියකට $40ක පමණ අමතර මුදලක් තම වැටුපට එකතු කරගනු ඇති බව වාර්තා වේ. මෙම මුදල් එකවර ලැබීමක් සිදු නොවන අතර එය ක්‍රමක් ක්‍රමයෙන් වැටුපට අමතර බදුමුදල් ඉතිරියක් ලෙස එකතු වීමට නියමිත වේ.
උදාහරණයක් වශයෙන්, වසරකට ඩොලර් 60,000ක් ගෙවන අයෙකු තම වැටුපට අමතර ඩොලර් 23ක පමණ සතිපතා එකතු කරගනු ඇත. වසරකට ඩොලර් 120,000 ක අයකුට සතියකට ඩොලර් 52 ක් වැනි මුදලක් සතිපතා එකතුකරගනු ඇති.
විදුලි බිල්පත් සහනය
ඕස්ට්‍රේලියානු පවුල් මිලියන 10ක් සෑම කාර්තුවකම $75ක විදුලි බිල්පත් දීමනාවකට (කාර්තු 4ක් සඳහා ) හිමිකම් කියයි. මෙම දීමනාව ස්වයන්ක්‍රීයව බිල්පත් ගාතුවෙන් අඩුවන ලෙස සකසා ඇත. මීට අමතරව කුඩා ව්‍යාපාර විදුලි බිල්පත් සඳහා $325ක වාර්ෂික දීමනාවකටද හිමකම් කියනු ලබයි.
වැටුප් වැඩිවීම
ඕස්ට්‍රේලියාවේ අවම වටුපවටුප 3.75%කින් ඉහල දැමීමට රජයට ජුනි මස මුලදී නිදේශ ලැබින. මේ හේතුවෙන් ජුලි 1 වනදා සිට ඕස්ට්‍රේලියාවේ අවම වැටුප පයකට $24.10ක් ලෙස ඉහල යනු ඇත. මෙහිදී සතියක අවම වැටුප $882.80 සිට $915.90 දක්වා ඉහල යනු ඇති.
පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් ද 3.5%කින් ඉහල ගොස් ඇත. සාමාන්‍ය මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප $225,750 to $233,650 දක්වා ඉහල ගොස් ඇත. විපක්ෂ නායක වරයාගේ වැටුපද වසරකට $15000කින් ඉහල ගොස් ඇත.
මේ සමග අග්‍රාමාත්‍ය වරයාගේ ගේ වාර්ෂික වැටුප $586,950 to $607,490 දක්වා $20000කින් ඉහල ගොස් ඇත.
Superannuation දීමනා ඉහළයාම
Superannuation දීමනා මෙම වසරේ ජුලි 1 වනදා සිට 11% සිට 11.5%ක් දක්වා ඉහල යනු ඇති. මේ හරහා තම විශ්‍රාම ගිණුමේ ඉහල මුදල් ප්‍රමාණයක් ඉතිරිකරගැනීමට ඔබට හැකිවේ. මෙම දීමනා වැඩිවීම ඔබට ලැබෙන්නේද යන්න ඔබගේ සේවායෝජකයා සමග විමසා බැලීම මෙහිදී වැදගත් වේ.
Centrelink දීමනා
ආබාධිත අයසන්දහා ලැබෙන දීමනා, විශ්‍රාම වැටුප්, රැකවරණ සපයන්නන්ට ලැබෙන දීමනා, දෙමාපිය දීමනා සහ පවුල් සඳහා ලැබෙන බදු ප්‍රතිලාභ වැනි දීමනා බොහොමයක් සඳහා සුළු වැඩිවීමක් නව මූල්‍යවර්ෂයේ ලැබෙනු ඇති. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න. www.dds.gov.au
ශිෂ්‍ය වීසා නීති තද කිරීම්
ඕස්ට්‍රේලියානු රජය පවතින උද්දමන තත්වයට විසඳුම් ලෙස සංක්‍රමණිකයන් අඩු කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මෙහි එක පියවරක් ලෙස ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රියාවලියට දැඩි නීති ගෙනවිත් ඇත. මේ හරහා Visitor වීසා වැනි විවිද වීසා කාණ්ඩ වල සිට ඔස්ට්‍රේලියාව තුලදී ශිෂ්‍ය වීසා අයදුම් කිරීම එළඹෙන ජුලි 1 වනදා සිට තහනම් කර ඇත. මෙහිදී විවිද වීසා කාණ්ඩ වලට මාරුවෙමින් සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන මුවාවෙන් ඔස්ට්‍රේලියාව තුල දිගුකලක් රැඳීසිටින පිරිස අඩුකිරීම මෙහි අරමුණ වී ඇත.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





