Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා පිරිනමන ප්‍රාන්ත සහ ටෙරිටරි වීසා කෝටාවන් ඉහළ දමයි, නවතම විස්තරේ මෙන්න

Australian visa

2022-23 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන්ගෙන් හරි අඩක්ම පමණ හිමිව ඇත්තේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලටය.


Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


2022-23 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන්ගෙන් හරි අඩක්ම පමණ හිමිව ඇත්තේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලටය.


2022-23 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල සංක්‍රමණ වීසා කෝටාව වැඩි කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම තීරණය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාදෙන 190 වීසා, ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලැබෙන 491 වීසා සහ Business Innovation and Investment වැඩසටහන යටතේ ඇති වීසා කෝටාව ඉහළ දමා ඇත.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණ වීසා කෝටාව

2022-23 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව සහ ප්‍රාන්ත හා ටෙරිටරිවල සංක්‍රමණික වැඩසටහන් වෙනුවෙන් අදාළ සංක්‍රමණික කෝටාවන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මෙවර ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 195,000 ක් දක්වා ඉහළ දැමීමට වත්මන් කම්කරු පක්ෂ රජය තීරණය කළේය.

පසුගිය මුල්‍ය වර්ෂයේදී එම ප්‍රමාණය 160,000 ක් විය.

Skilled වීසා සඳහා 79,600 ක්ව තිබූ කෝටාව 2022-23 මුල්‍ය වර්ෂය සඳහා 142,400 ක් දක්වා වැඩි කර තිබේ.

එමෙන්ම 80,300 ක්ව පැවති Family වීසා කෝටාව 52,500 දක්වා කපා හැර තිබේ.

2022-23 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන්

2022-23 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන් වැඩි කිරීමත් සමග මෙවරත් ඉහළම කෝටාව ලැබී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.

නව කෝටාව අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වීසා කෝටාව 15,536 ක් වන අතර මීට පෙර ලැබී තිබුණේ 12,290 කි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙහි දෙවැනි වැඩිම කෝටාව හිමිව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයට වන අතර එය 15,070 කි.

වික්ටෝරියානු ප්‍රාන්තයට මෙම නවතම වැඩි කිරීමට පෙර ලැබී තිබුණේ 11,570 ක කෝටාවකි.

2022-23 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන්ගෙන් හරි අඩක්ම පමණ හිමිව ඇත්තේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලටය.

ඒ ඒ ප්‍රාන්තයට හා ටෙරිටරියට 2022-23 වසර සඳහා හිමිවූ නවතම සංක්‍රමණික කෝටාව ප්‍රධාන ඛාණ්ඩ තුන අනුව පහත පරිදි වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • Subclass 190 – 9,108
  • Subclass 491 – 6,168
  • Business Innovation and Investment Program – 260

වික්ටෝරියා ප්‍රාන්තය

  • Subclass 190 – 11,500
  • Subclass 491 – 3,400
  • Business Innovation and Investment Program – 170

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

  • Subclass 190 – 5,350
  • Subclass 491 - 2,790
  • Business Innovation and Investment Program - 40

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

  • Subclass 190 – 2,700
  • Subclass 491 – 5,300
  • Business Innovation and Investment Program – 70

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • Subclass 190 – 3,000
  • Subclass 491 – 2,000
  • Business Innovation and Investment Program – 235

 

ටස්මේනියා ප්‍රාන්තය

  • Subclass 190 – 2,000
  • Subclass 491 – 2,250
  • Business Innovation and Investment Program - 10

Australian Capital Territory

  • Subclass 190 - 2,025
  • Subclass 491 - 2,025
  • Business Innovation and Investment Program - 10

Northern Territory

  • Subclass 190 - 600
  • Subclass 491 - 1,400
  • Business Innovation and Investment Program – 15

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now