Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නිවාස කුලී මිලගණන් අඩුවෙමින් යන ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මෙන්න

Rental Market.png

Image gredit: Getty Images

ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස වෙළඳපොල පසුගිය කාලයේ දැඩි කතාබහකට ලක් උනා. කුලී නිවාස හිඟය මෙන්ම අධික ලෙස නිවාස කුලී මිල ගණන් ඉහල යාම පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමුඋනා. කෙසේ උවත් කුලී නිවාස වෙළඳපොල මිලගණන් එහි උපරිමයට ලඟා වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඇතැම් ප්‍රාන්තවල නිවාස කුලී මිලගණන් පහල යාමක්ද දක්නට ලැබෙන බව වාර්තා වනවා.


Published

By Madeleine Wedesweiler

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස වෙළඳපොල පසුගිය කාලයේ දැඩි කතාබහකට ලක් උනා. කුලී නිවාස හිඟය මෙන්ම අධික ලෙස නිවාස කුලී මිල ගණන් ඉහල යාම පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමුඋනා. කෙසේ උවත් කුලී නිවාස වෙළඳපොල මිලගණන් එහි උපරිමයට ලඟා වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඇතැම් ප්‍රාන්තවල නිවාස කුලී මිලගණන් පහල යාමක්ද දක්නට ලැබෙන බව වාර්තා වනවා.


ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස වෙළඳපොල පසුගිය මාස තුනක කාලයතුල ඉතා මන්දගාමී ස්වභාවයක් ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාව තුල නිවාස කුලී මිල ගණන් ඉහළයාම සිදුවී ඇත්තේ ඉතාමත් සුළු වශයෙන් බව මෙහිදී වාර්තා වනවා. මීට අමතරව බ්‍රිස්බේන් සහ කැන්බරා යන නගර වල නිවාස කුලී මිලගණන් පහත යාමක් වාර්තා වනවා.

බැංකු පොලී අනුපාත අඩු වීමක් 2025 වසරේදී බලාපොරොත්තු විය හැකි බව Domain ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Nicola Powell පවසා සිටී

නිවාස කුලී ස්ථාවර වීමට හේතු මොනවාද?

2020 මාර්තු මාසයේ සිට මේවනතෙක් නිවාස කුලී මිලගණන් 48%කින් ඉහල ගොස් තිබෙනවා. කෙසේ උවත් වැටුප් වැඩිවීම් සිදුවී ඇත්තේ 13%කින් පමණක් වනවා. මෙහිදී නිවාස කුලී ජනතාවට දරාගත හැකි ප්‍රමාණයට වඩා ඉතා ඉහල අගයක් ගෙන තිබීම හේතුවෙන් තවදුරටත් කුලී වැඩිවීම සිදුකල නොහැකි තත්වයක් ඇතිවී ඇති බව Domain ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්යාඥ Nicola Powell පෙන්වා දෙනවා.

අවසන් කාර්තුවේදී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල නිවාස මිලගණන් වල සාමන්‍යය පහත පරිදි වේ.

  • Sydney: $775 ( 2% කින් ඉහල ගොස් ඇත )
  • Darwin: $680 (3% කින් ඉහල ගොස් ඇත)
  • Hobart: $550 (1.9% කින් ඉහල ගොස් ඇත)
  • Adelaide: $600 (0.8% කින් ඉහල ගොස් ඇත)
  • Brisbane: $625 (0.8% කින් පහල ගොස් ඇත)
  • Canberra: $680 (0.7% කින් පහල ගොස් ඇත)
  • Melbourne: $580 (ස්ථාවර මට්ටමක පවතී ඇත)

විකිණීමට ඇති නිවාස ප්‍රමාණය යම් පමණකට ඉහල ගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් නිවාස මිල ස්ථාවර වීමට හෝ පහත වැටීමට ඉඩක් ඇති බව වාර්තා වේ. මේ අනුව නිවාස ගැනුම් කරුවන්ට ඉදිරි මාස කිහිපය පුරාවට නිවාස මිලදී ගැනීම හොඳ අවස්තාවක් හිමිවනු ඇති.

ඉදිරි කාලයේ දී ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් නිවාස පොලී අනුපාත අඩු කිරීමට කටයුතු කරනු ඇතිබවට බොහෝ නිවාස ගැනුම් කරුවන් බලාපොරොත්තු වන අතර පොලී අනුපාත අඩු වීමක් 2025 වසරේදී බලාපොරොත්තු විය හැකි බව Nicola Powell පවසා සිටිනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now