මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය දෙස සති ගණනක් මුළුල්ලේ අප බලා සිටිනවා. කලාපය පිලිබඳ සාවද්‍ය සහ නොමඟ යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමත් සමඟ සත්‍ය සහ අසත්‍ය අතර වෙනස පිළිබඳ ගැටලු මතු වී තිබෙනවා.
SBS පර්සියානු මාධවේදී නිව් හට අන්තර්ජාලයේ වීඩියෝ පටයක් ඇස ගැසෙනවා. ඔහු ඒ වන විට කතාවකට කරුණු එක් රැස් කරමිනුයි සිටියේ.
ඔහුට හමු වූ වීඩියෝව ඒ කතාවට ගැලපුණා. මේ වීඩියෝවේ සිටියේ සිරකරුවන් පිරිසක්.
"කාගේ හරි දුරකතනයකින් පටිගත කළ වීඩියෝවක් වගෙයි පෙනුනේ, ඒක ඉරානයේ සාමාන්‍ය දෙයක්" ඔහු SBS Examines වෙත පැවසුවා.
"මිනිස්සු සාමාන්‍යයෙන් දුරකතනයෙන් විරෝධතා පටිගත කරනවා. බටහිර මාධ්‍ය ඒවා පුවත් වාර්තාකරණයට යොදා ගන්නවා"
කතාව ප්‍රකාශයට පත් කිරීමට පෙර නිව් අසාමාන්‍ය දෙයක් දුටුවා.
"සූම් කරද්දී සමහරු වීඩියෝවෙන් අතුරුදන් වෙනවා, සමහර අය අමුතු විදියට ඇවිදිනවා පේනවා"
විශේෂඥයෙකු නිව්ගේ සැකය තහවුරු කළා
It was a massive reality check for me.Niv Sadrolodabaee
මැදපෙරදිග යුද වාර්තාකරණයේ දී කෘත්‍රිම බුද්ධියේ භූමිකාව සහ සාවද්‍ය දේ හඳුනා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂඥ මත මේ SBS Examines විශේෂාංගයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
මෙම කතාංගය SBS පර්සියානු සේවය සමඟ එක්ව නිර්මාණය කර ඇත.
————————————————————————————————————————
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





