ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීමට පලස්තීනයේ සන්නද්ධ කණ්ඩායම රහසිගතව කුඩා හමුදාවක් ගොඩනැගුවේ මෙහෙමයි

PALESTINIAN-ISRAEL-CONFLICT-HAMAS

Hamas has bolstered its numbers and weaponry in recent years. Source: Getty / Said Khatib/AFP

හමාස් සංවිධානය 1987 දෙසැම්බර් 10 වන දින ආරම්භ විය.


හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරට ඉතිහාසයේ දරුණුතම ප්‍රහාරය පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් 07) එල්ල කිරීමත් සමග පලස්තීන - ඊශ්‍රායල ගැටුම් යළිත් ඇවිලී තිබේ.

මේ හේතුවෙන්ම හමාස් සංවිධානය මුළුමනින්ම විනාශ කර දමන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී තිබේ.

කෙසේවෙතත්, මේ ප්‍රහාරයත් සමග හමාස් සංවිධානය පිළිබඳ මුළු ලෝකයම දැන් යළිත් කතා කරන්නට පටන් ගෙන තිබේ.

හමාස් සංවිධානය මෙතරම් විශාල වූයේ කෙසේද?

හමාස් සංවිධානය 1987 දෙසැම්බර් 10 වන දින ආරම්භ විය.

එහි ආරාබි අරුත වන්නේ හේතුවක් හෝ අරමුණක් ලුහුබැඳීමේදී යෙදවිය හැකි විශාල ශක්තිය හෝ උද්යෝගය යන්නය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————

ඊශ්‍රායල හමුදා ට්‍රක් රථයක් පලස්තීන සේවකයන් හතර දෙනෙකු රැගත් මෝටර් රථයක ගැටීමෙන් ඔවුන් සියල්ලන්ම මිය ගිය දිනට පසු දින මුස්ලිම් සහෝදරත්වයේ ඇතැම් සාමාජිකයින් එදින රැස්විය.

ගාසා තීරයේ ගල් ප්‍රහාර විරෝධතා, වැඩ වර්ජන සහ වසා දැමීම් ඉන් පසුව සිදු විය.
මුස්ලිම් පූජකයෙකු වන Sheikh Ahmed Yassin ගේ නිවසේ රැස්වීමක් පවත්වමින්, ඊශ්‍රායලයට එරෙහිව පළමු ඉන්ටිෆාඩා නොහොත් විරෝධතා සීමාව ඉක්මවා යාමත් සමඟ ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කිරීමේ පත්‍රිකාවක් දෙසැම්බර් 14 දින නිකුත් කිරීමට ඔවුහු තීරණය කළහ.

එම ක්‍රියාව අදාළ කණ්ඩායමේ පළමු මහජන ක්‍රියාව විය.

අද, එම කුඩා පලස්තීන කණ්ඩායමෙන් රහසිගතව හා පුළුල්ව පැතිරුණු සංවිධානය හඳුනාගත නොහැකි මට්ටමට විශාල වී තිබේ.

රොයිටර් සම්මුඛ සාකච්ඡාවලට අනුව හමාස් පුද්ගලයින්, කලාපීය ආරක්ෂක නිලධාරීන් සහ හමුදා විශේෂඥයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු පමණක් කණ්ඩායමේ අරමුණු සහ හැකියාවන් ගැන නිවැරදිව දන්නා බව හෙළිවී ඇත.
Four members of Hamas stand next to a missile on a truck
Hamas' expanding capabilities have produced increasingly lethal results over the years. Source: Getty / Said Khatib/AFP
"ඔවුන් කුඩා හමුදාවක්" යැයි හමාස් සංවිධානයට සමීප ගාසා තීරයේ නම හෙළි නොකළ පුද්ගලයකු පැවසීය.

මෙම කණ්ඩායමට සයිබර් ආරක්‍ෂාව ඇතුළු විශේෂ විෂයය මාලාවන් පුහුණු කරන හමුදා ඇකඩමියක් ඇති බවත් එහි 40,000 ක සන්නද්ධ අංශයක් ඇති බවත් ඊට නාවික කමාන්ඩෝ ඒකකයක් ඇති බවත් ඔහු පැවසීය.

ඊට හාත්පසින්ම වෙනස් අදහසක් globalsecurity.org වෙබ් අඩවිය පවසයි.

1990 ගණන්වලදී හමාස් සතුව සටන්කාමීන් 10,000කට වඩා අඩු සංඛ්‍යාවක් සිටි බව එය පවසයි.

සටන්කරුවන්ට පහසුවෙන් නොපෙනී යාම පිණිස සහ ආයුධ කම්හල් ඇති කිරීමට හා විදේශයන්ගෙන් ආයුධ ගෙන ඒමට උපකාර වීම පිණිස 2000 දශකයේ මුල් භාගයේ සිට මෙම කණ්ඩායම ගාසා තීරයේ උමං ජාලයක් ගොඩනඟා ඇති බව නම හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ කලාපීය ආරක්ෂක තොරතුරු මූලාශ්‍රයක් පැවසීය.

මෙම කණ්ඩායම බෝම්බ, මෝටාර්, රොකට්, යුධ ටැංකි නාශක සහ ගුවන් යානා නාශක මිසයිල රාශියක් අත්පත් කරගෙන ඇති බව හමාස් බලධාරීහු පවසති.
Members of Hamas training
Iran helps to finance and train Hamas. Source: Getty / Marco Longari/AFP
ගාසා තීරයේ තමන්ගේම හමුදාවන් ශක්තිමත් කරන අතරම, හමාස් සංවිධානය ඉරානයේ සහ ලෙබනනයේ හිස්බුල්ලා වැනි ඉරාන කලාපීය ප්‍රොක්සි කණ්ඩායම් වලින් මුදල් සහ පුහුණුව ලබාගෙන ඇති බව හමාස් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Ali Baraka පැවසුවේය.

ආයුධ ආනයනය කිරීමේ දුෂ්කරතා නිසා පසුගිය වසර නවය තුළ "අපි අපගේ හැකියාවන් වර්ධනය කර දේශීයව ආයුධ නිෂ්පාදනය කිරීමට සමත් වූවා" යනුවෙන් ලෙබනනයේ වෙසෙන Ali Baraka පැවසීය.

2008 ගාසා යුද්ධයේදී හමාස් රොකට් ප්‍රහාරවල උපරිම දුර පරාසය කිලෝමීටර 40ක් වූ නමුත් 2021 ගැටුම වන විට එය කිලෝමීටර් 230 දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මොවුන්ගේ ව්‍යාප්ත වන හැකියාවන් වසර ගණනාවක් පුරා වඩ වඩාත් මාරාන්තික ප්‍රතිඵල ඇති කර ඇත.

ඊශ්‍රායලයට 2008 ආක්‍රමණයේදී සොල්දාදුවන් නව දෙනෙකු අහිමි විය. 2014 දී එම සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගියේය.

හමාස් සංවිධානය ජීවත් වන්නේ සාගරයේ දූපතක හෝ කාන්තාරයේ ගුහාවක නොවන අතර ජනයා අතරම නිසා ඔවුන්ව මුළුමනින්ම විනාශ කිරීම සංකීර්ණ බව බ්‍රිතාන්‍යයේ රාජකීය ඒකාබද්ධ සේවාවේ ජ්‍යෙෂ්ඨ සහකරු H.A. Hellyer පැවසීය.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service