ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල තව කොපමණ ඉහළ යාවි ද? තෙල් අරපිරිමසා ගත හැකි මේ ක්‍රම අට ගැන දැන ගෙන හිටියා ද?

Thumbnail 16x9 SBS Audio.png

The escalating conflict in the Middle East is creating uncertainty in global fuel supply, prompting concerns about potential shortages and price spikes.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත වල පාහේ ඊයම් රහිත පෙට්‍රල් ලීටරයක සිල්ලර විකුණුම් මිල ඩොලර් 2 ඉක්මවා ගොස් තිබෙනවා. මැදපෙරදිග උත්සන්න වන යුද්ධය ගෝලීය බලශක්ති වෙළඳපොළ දැඩි කැලඹීමකට ලක් කල අතර ඕස්ට්‍රේලියාව ඇතුළු සියලුම රටවල ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යෑමට එය බලපා තිබෙනවා.


Table graph titled: 'Average unleaded fuel prices in capital cities'.
Figures from fuel comparison app PetrolSpy show average unleaded prices last week climbed above 210 cents per litre in several major cities. Source: SBS

වාහන ධාවනය කරන ආකාරය සහ කළමනාකරණය කරන ආකාරය වෙනස් කිරීමෙන් මෝටර් රථ හිමියන්ට ඉන්ධන භාවිතය අඩු කර ඉන්ධන පිරිමසා ගැනීමට හැකි වැදගත් උපක්‍රම 8 ක්.

පළමු උපක්‍රමය:

  • මෝටර් රථය තුළ අඩු බරක් රැගෙන යන්න.

ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා මෝටර් රථ හිමියන් තම වාහනවල පසු පස ගබඩා කොටසේ ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කරන්න.

දෙවන උපක්‍රමය:

  • නිවැරදි ටයර් පීඩනය පවත්වා ගන්න.

නිසි ලෙස සුළං පිරුණු ටයර් ප්‍රතිරෝධය අඩු කිරීමට සහ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කිරීමට උපකාරී වනවා.

තෙවන උපක්‍රමය:

  • ඔබේ වාහනය සඳහා නිර්දේශිත ඉන්ධන භාවිතා කරන්න.

ඉහළ ඔක්ටේන් සහිත පෙට්‍රල් තෝරා ගැනීමට වඩා තම වාහනයේ වර්ගය සහ ධාරිතාව අනුව ඊට ගැළපෙන ඔක්ටේන් අගය සහිත ඉන්ධන භාවිතා කරන්න.

සිව්වන උපක්‍රමය:

  • අවශ්‍යතාව අනුව වායු සමකරණය භාවිතා කරන්න.

සිසිල් වාතාශ්‍රය ලබාගන්නා ධාරිතා වේගයත් ඉන්ධන භාවිතයට බලපෑම් කරනවා. අවට වාතාශ්‍රය සිසිල් නම් රථයේ වායු යන්ත්‍රය වසා කවුළු විවෘත කර ස්වාභාවික වාතය ලබාගන්න. අධිවේගී මාවතක හෝ දුහුවිලි සහිත පරිසරයක රිය ධාවනය කරන්නේ නම් රථයේ වායු සමකරණය භාවිත කරන්න නමුත් එහි සුළං ධාරා වේගය අවශ්‍ය ප්‍රමාණයට පමණක් විවෘත කරන්න.

පස්වන උපක්‍රමය:

  • අනවශ්‍ය ලෙස වාහනය වේගවත් කිරීම සහ කඩින් කඩ තිරිංග යෙදීම් වළක්වා ගන්න.

සුමට රිය පැදවීමේ පුරුදු පෙට්‍රල් ඉතිරි කර ගැනීමට ද උපකාරී වනවා. අනවශ්‍ය ආතතිය මත රිය පැදවීම ඉන්ධන නාස්තිය වැඩි කරනවා.

සයවන උපක්‍රමය:

  • තිරිංග වෙනුවට ස්වභාවික නැවතුම් වලට හුරු වෙන්න.

ඉදිරියෙන් අනිවාර්යය නැවතීමක් දක්නට තිබිය දී ප්‍රමාද වී තිරිංග දැමීම වෙනුවට වාහනය ස්වාභාවික ලෙස රථයට මන්දගාමී වීමට ඉඩ දී නවතා ගැනීමෙන් ඉන්ධන ඉතිරි කර ගත හැකියි.

සත්වන උපක්‍රමය:

  • ස්වයංක්‍රීය කෲස් පාලනය සමඟ ස්ථාවර වේගයක් පවත්වා ගන්න.

ස්ථාවර වේගයක් පවත්වා ගැනීමෙන් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකියි. ස්වයංක්‍රීය කෲස් පාලනය ඉන්ධන දහනය ප්‍රශස්ත කිරීමට උපකාරී වන බව සනාථ වී තිබෙනවා.

අටවන උපක්‍රමය:

  • ඉන්ධන පිරවීමට පෙර ඉන්ධන මිල ගණන් සසඳන්න.

ඔස්ට්‍රේලියාව තුල ඉන්ධන සිල්ලර වෙළෙන්දන් තරගකාරී මිල ගණන් ලබා දෙන නිසා සෑම විටම පෙට්‍රල් මිල ගණන් පරීක්ෂා කර අඩු පිරිවැය සහිත සැපයුම්කරුගෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කිරීමෙන් ඔබට යම් ඉතිරියක් ලබා ගත හැකියි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now