Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සංස්කෘතීන් එකතු කළ හදවත් වල බැඳීම - කැන්බරා අගනුවරින් ඇසෙන සුවිශේෂී දීපාවලී සැමරුමක කතාව

Niluka family deepavali.png

අද දීපාවලී සැමරුම් දිනයයි. ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාවත් ඇතුලත්ව ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් හරසරින් මේ උත්සවය සමරනවා. ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිලූකා ප්‍රිශානි රොබින්ද්‍රන් සහ ඇගේ පවුලේ අයට මේ සැමරුම සුවිශේෂයි. මේ කතාබහ ඒ පිළිබඳවයි.


Published

Updated

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS



Share this with family and friends


අද දීපාවලී සැමරුම් දිනයයි. ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාවත් ඇතුලත්ව ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් හරසරින් මේ උත්සවය සමරනවා. ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිලූකා ප්‍රිශානි රොබින්ද්‍රන් සහ ඇගේ පවුලේ අයට මේ සැමරුම සුවිශේෂයි. මේ කතාබහ ඒ පිළිබඳවයි.


මගේ තාත්තා ශ්‍රී ලාංකීය ද්‍රවිඩ හින්දු සහ මගේ අම්මා සිංහල බෞද්ධ. ඉතින් මමත් මගේ අක්කාත් වාසනාවන්ත වුනා මේ සංස්කෘතීන් දෙක ම ඇතුලෙ හැදීවැඩෙන්න
නිලූකා ප්‍රිශානි රොබීන්ද්‍රන්
Niluka parents.jpeg
Niluka's parents Source: Supplied / Niluka Prishani Robrindran
Niluka with sister.png
Niluka with her sister Source: Supplied / Niluka Prishani Robindran
මගේ සහකාරයා විදිහට මට ගැලපුනේ සිංහල බෞද්ධ කෙනෙක්. දැන් මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. එයාලටත් මට ලැබුණා වගේම අපේ සංස්කෘතීන් දෙකේම අත්දැකීම් මම ලබලා දෙනවා
නිලූකා ප්‍රිශානි රොබීන්ද්‍රන්
Niluka wedding.jpeg
Niluka and Sharman on their wedding day with Niluka's parents and sister Source: Supplied / Niluka Prishani Robindran
1000009001.jpg
Niluka, Sharman and kids with Niluka's mother in Canberra. Source: Supplied / Niluka Prishani Robindran
ඕස්ට්‍රේලියාවේ තියෙන බහුසංස්කෘතික පසුබිම නිසා අපිට අපේ සංස්කෘතීන් නිදහසේ අනුගමනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා
නිලූකා ප්‍රිශානි රොබීන්ද්‍රන්

'ආලෝකයේ සැමරුම' ලෙස අර්ථ ගැන්වෙන දීපාවලී උත්සවය සාමාන්‍යයෙන් දින පහක් පුරා පැවැත්වෙන සැමරුමකි.

ඕස්ට්‍රේලියාවේ, හින්දු, ජෛන, බෞද්ධ සහ සීක් යන ආගමිකයන් මිලියනයකට අධික පිරිසක් මෙම උත්සවය හෝ ඊට සමාන්තර සංස්කෘතික අදහසින් මෙය සමරන අතර, එයට තිහාර් සහ බන්ඩි චෝර් දිවාස් යන සැමරුම් ඇතුළත් වේ.

දීවාලි, දීපාවලී, බන්ඩි චෝර් දිවාස් සහ තිහාර් සැමරුම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, sbs.com.au/Diwali වෙත පිවිසෙන්න.

මෙම සැමරුම නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම මෙන්ම අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය සංකේතවත් කරයි.

—————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now