මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයක් පවතිනවා කියල බොහෝ දෙනෙක් දන්නවා. නිවාස සඳහා අධික ඉල්ලුමක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පවතිනවා. කුලී නිවාස මිල ගණන්ද ඉතා ඉහල මට්ටමකයි පවතින්නේ. මේ නිසා දැරිය හැකි මිලගණන් යටතේ කුලී නිවසක් සොයා ගැනීම ඉතාම අපහසු කාර්යයක් වෙලා තියෙනවා. මෙවැනි තත්වයකින් පීඩාවිඳින ඔස්ට්‍රේලියානුවන් සඳහා නිවාස සොයාගත හැකි විවිධ ක්‍රම ඕස්ට්‍රේලියාවේ පවතිනවා. 'Public housing', 'Social Housing' වගේම 'Affordable housing' කියන විවිධ ක්‍රමවේද හරහා, නවාතැනක් සොයාගන්න අපහසු අයට සහයවෙන්න මේ ක්‍රම සකස් කරලා තියෙනවා. මේ විවිධ ක්‍රම ගැන තොරතුරු අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






