Centrelink ගෙවීම්වල වෙනස්කමක් සිදු වුණොත් නිවැරදිව tax return එක ගොනු කරන්නේ මෙහෙමයි

Australian Tax Form

An editorial stock photo of the Australian Government Taxation forms. Credit: LPETTET/Getty Images

Payment summary හෙවත් ගත වූ මූල්‍ය වසරේ ඔබේ ආදායම් සහ බදු අයකිරීම් පෙන්වන වාර්තාවේ සඳහන් තොරතුරු මූල්‍ය වසර අවසන් වූ පසු වෙනස් විය හැකි අවස්ථා තිබෙනවා. Services Australia ආයතනයේ වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ ඔවුන් විසින් ලබා දෙන ගෙවීම්වල වෙනස්කමක් මත සිදු වන වෙනස්කම් ද ඊට ඇතුළත් බවයි. මේ කෙටි පොඩ්කාස්ට් විශේෂාංගය ඒ පිළිබඳවයි.


සමහර අවස්ථාවල මූල්‍ය වර්ෂය අවසන් වූ පසු ඔබේ Centrelink payment summary වාර්තාව වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. එය එසේ සිදු වුවහොත් වෙනස් වූ දේ සහ කළ යුතු දේ පැහැදිලි කරමින් Services Australia වෙතින් ලිපියක් ඔබට ලැබෙනවා. ඔබ මේ වන විටත් බදු ගොනු කර ඇත්නම් එය යාවත්කාලීන කිරීම අවශ්‍ය වීමට පුළුවන්. එලෙස යම් වෙනසක් කිරීමට පෙර, ඔබේ ATO tax return ගොනුව හෙවත් බදු ප්‍රතිලාභයේ නව විස්තර Services Australia වෙතින් ලැබුණ ලිපිය සමඟ ගැළපෙනවාද යන්න පරීක්ෂා කළ යුතු වනවා.

ඔබට Centrelink ලිපි මාර්ගගතව හෙවත් online ක්‍රමයට ලැබෙන්නේ නම්, ඒවා ඔබගේ myGov ගිණුමට ලැබෙනු ඇති. එසේ නොමැති නම් ඒවා තැපැල් මාර්ගයෙන් එවනු ලබනවා. මේ සඳහා ලිපිනය යාවත්කාලීන බවට වග බලා ගත යුතු වනවා. එලෙස එවන ලිපියේ වෙනස්කම් ATO myTax හි දිස් නොවන්නේ නම්, බදු කාර්යාලයේ වෙබ් අඩවිය ඔස්සේ ATO සමඟ සම්බන්ධ වීම කළ යුතුයි.

ඔබ තවමත් ඔබගේ බදු වාර්තාව ගොනු කර නැත්නම්:

  • ඔබගේ Centrelink payment summary වාර්තාවේ ඕනෑම වෙනස්කමක් ATO myTax හි ස්වයංක්‍රීයව යාවත්කාලීන වනවා.
  • බදු ගොනු කිරීමට සූදානම් විට එහි දැනටමත් පිර වී ඇති තොරතුරු Services Australia වෙතින් ඔබට ලැබුණ ලිපියේ කරුණු සමඟ ගැළපේ ද යන්න සොයා බැලිය යුතු වනවා.
    • එසේ ගැළපේ නම් සාමාන්‍ය පරිදි බදු වාර්තාව ගොනු කිරීම සිදු කළ හැකියි. නොගැළපේ නම් අදාළ වෙනස්කම් ඔබ විසින්ම සිදු කිරීම හෝ ATO වෙබ් අඩවිය ඔස්සේ බදු කාර්යාලය සමඟ සම්බන්ධ වීම කළ යුතු වනවා.

ඔබගේ බදු වාර්තාව ගොනු කර ඇත්නම්:

  • ඔබ විසින් ගොනු කළ වාර්තාවේ කරුණු සංශෝධනය කිරීමට සිදු වනවා.
  • ATO myTax හි යාවත්කාලීන කරන ලද තොරතුරු Services Australia ලිපියේ වෙනසට ගැලපෙනවාදැයි පරීක්ෂා කළ යුතු වනවා.
    • එලෙස ගැලපෙන්නේ නම්, ඔබේ බදු වාර්තාව නැවත ගොනු කිරීම කළ යුතුයි. නොගැළපේ නම් අදාළ වෙනස්කම් ඔබ විසින්ම සිදු නැවත බදු වාර්තාව ගොනු කිරීම හෝ ATO වෙබ් අඩවිය ඔස්සේ බදු කාර්යාලය සමඟ සම්බන්ධ වීම කළ යුතු වනවා.

මෙම පොඩ්කාස්ට් විශේෂාංගය Services Australia වෙබ් අඩවියේ පළ වූ ලිපියක් අනුසාරයෙන් නිර්මාණය කර ඇත.

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now