Key Points
- ඔබේ Tax return හෙවත් බදු ප්‍රතිලාභය lodge කිරීමට පෙර එහි දත්ත නිසිලෙස කලින් පිරවීම ඔස්සේ ඔබට ATO හෙවත් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය නැවත ඔබට දන්වන තෙක් හෝ ඔබෙන් සිදු විය හැකි වැරදි වළක්වාගැනීමට හෝ හැකියාව පවතී.
- ඔබේ Tax return එක lodge කරන විට බදු නියෝජිතයෙකු භාවිතා කිරීම ඔස්සේ යම් මුදලක් ගෙවීමට සිදු වුවත් බදු අනුකූලතාවය සහතික කිරීමට සහ ක්‍රියාවලිය පහසු කිරීමට එය උපකාරී වේ.
- Tax Clinic හෝ Tax Help වැනි වැඩසටහන් ඔස්සේ ඔබට සුදුසුකම් ලැබිය හැකි වට්ටම් සහ ආධාරක විකල්ප සඳහා යොමුවිය හැක.
ඔබේ Tax return හෙවත් බදු ප්‍රතිලාභය මත පදනම්ව සහ ඔබට හිමිකම් පෑ හැකි බදු අඩු කිරීම්වලට අනුව, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) ඔබට හිමි මුදල ආපසු ගෙවීමක් හෝ ඔබ සිදු කල යුතු ගෙවීමක් තීරණය කරයි.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Robert Thomson බදු ගෙවන්නන්ට පවසන්නේ ඔවුන්ගේ බදු ප්‍රතිලාභය ගොනු කිරීමට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇති බවයි.
නැතහොත් ඔවුන් එය බදු නියෝජිතයෙකු හරහා කරන්නේ නම් ඊටත් වඩා වැඩි කාලයක් පවතින බව Robert කියා සිටී
ඔබට ජූලි 1 දා සිට Tax return එක lodge කල හැකි අතර, කෙසේ නමුත් ඔබ එම මාසය අවසන් වනතුරු සිටියහොත් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට ස්වයංක්‍රීයව ඔබගේ මූල්‍ය තොරතුරු සමහරක් කලින් පිරවීමට හැකියාව පවතී.
මීට ඔබගේ වැටුප් සාරාංශය, පොලී ආදායම සහ පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ දත්ත ඇතුළත් වේ.

යමකු තම Tax return එක lodge කිරීමට ගිය විට එය වඩාත් පහසු කරවන අතර ඔවුන්ට යමක් අමතක වීමට ඇති ඉඩකඩ අඩු කරන බව Robert පෙන්වා දෙයි.
එමෙන්ම Robert සඳහන් කොට සිටින්නේ මෙලෙස කලින් පුරවන තොරතුරු සඳහා ඔබට ලැබී ඇති ඕනෑම සුබසාධන ගෙවීම්ද ඇතුලත් වන බවයි.
Services Australia හි ප්‍රජා තොරතුරු නිලධාරි Justin Bott කියා සිටින්නේ යමකු Services Australia හි ගනුදෙනුකරුවන්ගෙන් කෙනෙකු නම් සහ ජූලි මස මැද භාගයේදී Tax return එක සිදු කරන්නේ නම් ඔබට Centrelink ගෙවීමේ සාරාංශයක් ලබාදෙන බවයි.
ඔබට Family Tax Benefit හෝ Childcare Subsidy වැනි සහනාධාර ලැබී ඇත්නම්, Services Australia විසින් ඔබේ ප්‍රකාශිත ආදායම් ඇස්තමේන්තුව ඔබේ සැබෑ ආදායම සමඟ සංසන්දනය කිරීමෙන් මූල්‍ය වර්ෂය අවසානයේදී ඔබේ ගෙවීම් තුලනය කරයි.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය ඔබේ බදු ප්‍රතිලාභය තක්සේරු කිරීම ඔස්සේ, ඔබට හිමිවියයුතු ගෙවීම් බදු කාර්යාලය මගින් සිදු කිරීම හෝ ඔබ බදු කාර්යාලයට සිදු කලයුතු ගෙවීම් සිදු කිරීමට සිදු වේ.
ඔබට හෝ ඔබේ සහකරුට මුල්‍ය වර්ෂය සඳහා බදු වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැතිනම් එය දැන්වීම වැදගත් වන බව Services Australia හි Justin සඳහන් කරයි.
ඕස්ට්‍රේලියාවේ සිටින නවකයින් පසුගිය මූල්‍ය වර්ෂය සඳහා බදු වාර්තාවක් ගොනු කිරීමට අවශ්‍ය දැයි පරීක්ෂා කිරීම වැදගත් වේ.
එසේ නොමැති නම්, ඔවුන් non-lodgement advice යන පෝරමය ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට ඉදිරිපත් කල යුතු වේ.

ඔබේ කාර්යයේ කොටසක් ලෙස ඔබ දරන ලද වියදම් සඳහා බදු අඩු කිරීම් ඉල්ලා සිටිය හැක.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Robert කියා සිටින්නේ බදු හිමිකම් පෑමක් සිදු කිරීමට පෙර මතක තබා ගත යුතු ප්‍රධාන කරුණු තුනක් ඇති බවයි:
- ඔබ විසින්ම වියදම් සිදු කොට ඇති අතර ප්‍රතිපූරණය නොකළ යුතුය.
- එම වියදම ඔබ උපයන ආදායමට සෘජුවම සම්බන්ධ විය යුතුය.
- වියදම පිළිබඳ සාක්ෂි පෙන්වීමට ඔබ සතුව receipt හෙවත් කුවිතාන්සි තිබිය යුතුය.
Working from home
Working from home හෙවත් නිවසේ සිට රැකියා කරන්නේ නම්, ඔබට නිවසේ සිට රැකියාව කරන පැයකට ස්ථාවර මුදලක් හෝ ඔබේ සැබෑ වියදම් භාවිතයෙන් ඔබේ වියදම් ගණනය කළ හැකිය.
ඕනෑම අවස්ථාවක, ඔබ මුළු වසර පුරාම නිවසේ සිට වැඩ කළ පැය ගණන පිළිබඳ වාර්තාවක් තබා ගත යුතුය.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාල වෙබ් අඩවියේ විවිධ කර්මාන්ත සහ වෘත්තීය විශේෂිත මාර්ගෝපදේශ 40 ක් තිබෙන අතර එමඟින් පුද්ගලයින්ට ඔවුන්ගේ නිශ්චිත රැකියාව සඳහා හිමිකම් පෑමට හැකි සහ හිමිකම් පෑමට නොහැකි දේ මෙන්ම ඔවුන් තබා ගත යුතු වාර්තා මොනවාද යන්න තේරුම් ගැනීමට උපකාර ලබාගත හැක.

ඔබට ලබා ගත හැකි සහායන්
වසරකට ඩොලර් 60,000 ට අඩුවෙන් උපයන්නන් Tax Help program යන වැඩසටහන හරහා ඔවුන්ගේ බදු ප්‍රතිලාභය lodge කිරීමට ලබාදෙන සහයට සුදුසුකම් ලබයි.
ජාතික බදු සායන වැඩසටහන වශයෙන් වැඩසටහනක්ද ඇති අතර එය මධ්‍යම රජයේ ආධාර මත ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන රට පුර මධ්‍යස්ථාන 15කට වැඩ වැඩි සංක්‍යාවක ක්‍රියාත්මක අතර ලියාපදිංචි බදු නියෝජිතයන් සමඟ එක්ව සුදුසුකම් ඇති පිරිසට නොමිලේ උපදෙස් ලබා දීම සිදු කරයි.
මෙය ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය මගින් ස්වාධීනව ක්‍රියාත්මක වේ.
Ann Kayis-Kumar University of New South Wales හි බදු නීතිය පිළිබඳ සහකාර මහාචාර්යවරියක වන අතර UNSW බදු සහ ව්‍යාපාර උපදේශන සායනයේ ආරම්භක අධ්‍යක්ෂවරියකි.
මෙම සේවාව මූල්‍ය දුෂ්කරතා සහ විපත්තිවලට ලක්ව සිටින පුද්ගලයින්ට උපකාර කරන බව ඇය පැහැදිලි කරයි.
ප්‍රජා අංශයෙන්, බොහෝ දුරට මූල්‍ය උපදේශකයින්, නීති සේවා, Lifeline සහ වෙනත් ප්‍රජා සහයෝගය හරහා ඔවුන්ව තම ආයතනය වෙත යොමු කරන බවත් ඇය කියා සිටී.
බදු නියෝජිතයෙකු සම්බන්ධ කරගැනීම
බොහෝ ඕස්ට්‍රේලියානුවන් තම බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා බදු නියෝජිත සේවා සඳහා ගෙවීමට තීරණය කරයි.
ඕස්ට්‍රේලියාවේ බදු නියෝජිතයින්ගේ භාවිතය දෙවැනි වන්නේ ඉතාලියට පමණක් බව වාර්තා වේ.
මහාචාර්ය Kayis-Kumar ගේද ප්‍රමුඛත්වය මත සිදු කෙරුණු අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ ඔබට අවම වශයෙන් ඩොලර් 180,000 ක වාර්ෂික ආදායමක් නොමැති නම්, බදු නියෝජිතයෙකු භාවිතා කිරීම ඔස්සේ ඔබ විසින් සිදු කරන Tax return lodge කිරීමක් මගින් ලැබෙන සේ බදු ප්‍රතිලාභයක් හිමි නොවන බවයි.
සම-කර්තෘවරුන් වන Chris Evans සහ Youngdeok Lim සමඟ වසර හතරක් තුළ ඕස්ට්‍රේලියානු බදු ප්‍රතිලාභ මිලියන පහකට වඩා වැඩි සංක්‍යාවක් පිළිබඳව අධ්‍යයන සිදු කොට ඇති අතර බදු උපදේශකයෙකු භාවිතා කිරීමෙන් පහසුව සහ නිශ්චිත බව තිබෙන බව සොයාගෙන තිබේ.

ඔබේ බදු වාර්තා ඉදිරිපත් කිරීමට බදු නියෝජිතයෙකු භාවිතා කරන විට, ඔවුන් ලියාපදිංචි වී ඇති බවට වග බලා ගැනීම වැදගත් වේ.
Ann පවසන්නේ මෙහිදී බදු වෘත්තිකයින්ගේ මණ්ඩලය හරහා ඒ සම්බන්ධයෙන් සොයා බැලිය හැකි බවයි.
එමෙන්ම බදු නියෝජිතයින් ඔවුන් ලියාපදිංචි බදු නියෝජිතයෙකු වශයෙන් ලබාගත් සහතික ප්‍රදර්ශනය කරන බවත් ඇය කියා සිටී.
විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය වශයෙන් පෙනී සිටිමින් සිදු වන විවිධ වංචා පිළිබඳව සැමවිටම සුපරීක්ෂාකාරී වීමට මතක තබා ගැනීම වැදගත් වේ.
පුද්ගලික හඳුනාගැනීමේ තොරතුරු ලබා ගැනීම සඳහා 2023 වසරේ දී බදු ගෙවන්නන් සම්බන්ධ කර ගන්නා වංචාකරුවන්ගේ 60% ක වැඩිවීමක් තිබෙන බව ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Robert කියා සිටී.
ඔබේ නම, ලිපිනය, myGov හැඳුනුම්පත, බදු ගොනු අංකය, හෝ ක්‍රෙඩිට් කාඩ් විස්තර වැනි දේ ඔස්සේ වංචාසහගත ක්‍රියා සිදු කරන්නන් හට ඔබ ලෙස පෙනී සිටීමට හැකියාව හිමි වේ.
ඔබට ලැබෙන කෙටි පණිවිඩය හෝ ඇමතුම ව්‍යාජ විය හැකි අතර ඔබේ MyGov ගිණුමට යැයි පවසන hyperlinks කිසිදු විටෙක ක්ලික් නොකළයුතු වේ.
සෑම විටම MyGov හෝ ATO සඳහා ඇතුළු වීමට බ්‍රවුසරයේ ටයිප් කිරීම වැදගත් වේ.
ඔබට යම් දෙයක් පිළිබඳව සැකයක් මතු වුවහොත් හෝ ඔබගේ ATO ගිණුමේ සැක කටයුතු ක්‍රියාකාරකම් ඔබ දුටුවහොත් වහාම ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය සමග සම්බන්ධ වන ලෙස Robert සඳහන් කරයි.

ඔබට ප්‍රයෝජනවත් වන links
- Centrelink ගෙවීම් සහ සේවා පිළිබඳ බදු සම්බන්ධ මාතෘකා සඳහා, ඔබට ඔබේ භාෂාවෙන් තොරතුරු මෙතැනින් සොයා ගත හැක නැතිනම් 131 202 හි Centrelink බහුභාෂා දුරකථන සේවාව අමතන්න.
- පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔබ Family Tax Benefit හෝ Child Care Subsidy ලබා ගත්තේ නම් බදු කාලය තුළ ඔබ කළ යුතු දේ පරීක්ෂා කරන්න.
- ඔබ පසුගිය මූල්‍ය වර්ෂය සඳහා වෙනත් රටක බදු ගෙවා ඇත්නම්, ඔබට ඕස්ට්‍රේලියාවේදී විදේශීය ආදායම් බදු හිලව්වක් ඉල්ලා සිටීමට හැකි වනු ඇත. මෙහි සුදුසුකම් නිර්ණායක පරීක්ෂා කරන්න.
- myDedductions යනු ATO app එකේ තුල තිබෙන වාර්තා තබාගැනීමේ මෙවලමකි
- Tax Clinic වැඩසටහන ගැන මෙතනින් දැනගන්න.
- ඔබ ඩොලර් 60,000ක් හෝ ඊට අඩු මුදලක් උපයන්නේ නම්, ATO හි Tax Help වැඩසටහන හරහා ඔබේ බදු ප්‍රතිලාභය ගොනු කිරීමට උපකාර සඳහා ඔබ සුදුසුකම් ලබයි. ඒ පිළිබඳව තව දැනගන්න.
- බදු සම්බන්ධ මාතෘකා සඳහා තොරතුරු ATO වෙබ් අඩවියේ විවිධ භාෂාවලින් ලබා ගත හැක, ඒ සඳහා https://www.ato.gov.au/other-languages වෙත පිවිසෙන්න





