AI තාක්ෂනය පිලිබඳ ලියවුණු Embrace සහ AI for finance කෘති වල කතෘ ප්‍රභාෂ් ගලගෙදර සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
කෘතිම බුද්ධිය සමග අත්වැල් බැඳගෙන අනාගත රැකියා වෙළඳපොළට මුහුණ දෙන්නේ මෙහෙමයි.

Photo by cottonbro studio/ Pexels.com
කෘතිම බුද්ධිය එහෙම නැතිනම් AI තාක්ෂනය ලොව පුරා බොහෝ දෙනා අතර දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා. මෘදුකාංග නිර්මාණකරණය මෙන්ම සංගීතය, චිත්‍රපට නිර්මාණය වැනි කලානිර්මාණ බිහිකිරීම දක්වා AI තාක්ෂනය දිනෙන් දින දියුණු වෙමින් පවතිනවා. මේ හරහා විශාල රැකියා ප්‍රමාණයක් අහිමිවීම මෙන්ම නව රැකියා උත්පාදනයක්ද සිදුවීමට නියමිත වනවා. අනාගත රැකියා වෙළඳපොල සහ AI තාක්ෂනය සම්බන්දව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Share




