Key Points
- ඕස්ට්‍රේලියානු සන්ක්‍යලේඛන කාර්යාංශය 2022 මාර්තු මස ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව, සෑම වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙක් 2020-21 දී මත්පැන් මාර්ගෝපදේශය අනුගමනය කොට නොමැත
- මත්පැන් සඳහා ඇබ්බැහි වීම යනු ශාරීරිකව හා මානසිකව මත්පැන් මත යැපීම හේතුවෙන් මත්පැන් පානය පාලනය කිරීමට නොහැකි වීම වේ.
- ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පිරිස තුල අධික ලෙස මත්පැන් පානය කිරීම අඩුවෙන් දක්නට ලැබේ
- පවුලේ සාමාජිකයන්ට, මත්පැන් පානය කිරීමේ දැඩි ඇබ්බැහි වීමක් සහිත ආදරණීයයෙකු සිටීම දුෂ්කර විය හැකි නමුත් ඔස්ට්‍රේලියාව තුල උපකාර ලබා ගත හැක
මත්පැන් පානය සඳහා ඇබ්බැහි වීම යනු වාර්ගිකත්වය, වයස් කාණ්ඩය, සමාජ තරාතිරම හෝ ඔවුන් ජීවත් වන ස්ථානය නොසලකා බොහෝ ඕස්ට්‍රේලියානුවන් හට බලපාන නිදන්ගත රෝගයක් වශයෙන් දැක්විය හැක.
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) මගින් 2022 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද දත්ත පෙන්නුම් කොට ඇත්තේ, ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකුම (සියයට 25.8 ක් හෝ මිලියන 5 ක්) මධ්‍යසාර මාර්ගෝපදේශ (සතියකට සම්මත බීම 10) ඉක්මවා මත්පැන් භාවිත කොට ඇති බවයි.
කෙසේ නමුත් බොහෝ දුරට ඉංග්‍රීසි භාෂාව සිය පළමු භාෂාව ලෙස කතා කරන පිරිසට වඩා, සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම් (CALD) ඇති පුද්ගලයින් මත්පැන් පානයෙන් වැළකී සිටීමට වැඩි ඉඩක් පවතින බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සහ සුභසාධන ආයතනයේ (AIHW) දත්ත පෙන්වා දෙයි.
සිය පළමු භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාෂාව කතා කරන පිරිසෙන් 19.2% හා සසඳන විට, ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කළ පුද්ගලයින්ගෙන් අඩකට වඩා (53%) වැඩි ප්‍රමාණයක් මත්පැන් පානයෙන් වැළකී සිටින්නන් හෝ මත්පැන් පානය අතහැර දැමු පිරිස වේ.
මෙය ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත සමඟ සහසම්බන්ධ වන අතර, "ඕස්ට්‍රේලියාවේ උපන් අය විදේශයන්හි උපන් අයට වඩා දෙගුණයක් මත්පැන් භාවිතය ආශ්‍රිත මාර්ගෝපදේශ ඉක්මවීමට ඉඩ ඇති බව එයින් ඇඟවේ.

තමන් ආදරය කරන කෙනෙකු මත්පැන් වලට ඇබ්බැහි වී ඇත්දැයි සොයා ගන්නේ කෙසේද?
Helen Gillies යනු Al-Anon Family Groups Australia සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරන අතර එය මත්පැන් පානය කරන්නන්ගේ පවුල් සහ මිතුරන්ට උපකාර කරන සංවිධානයකි.
Helen පවසන්නේ මත්පැන් වලට ඇබ්බැහි වූවන්, සාමාන්‍යයෙන් හැසිරීම් වල වෙනස්කම් පෙන්නුම් කරන බවයි.
ඔවුන් ඉතා කෝපයට හෝ කලබල විය හැකි අතර ඔවුන් ඉතා නොපැහැදිලි සහ රහසිගත විය හැකි වේ.
එමෙන්ම මත්පැන් අධික ලෙස භාවිත කරන්නන් ඉතා තර්කානුකූල විය හැකි අතර පවුලේ අයට සහ මිතුරන්ට රෝග ලක්ෂණ හඳුනා ගැනීමට අපහසු විය හැකි බව ඇය පවසයි.
එමෙන්ම Helen පෙන්වා දෙන්නේ මත්පැන් පානය සඳහා ඇබ්බැහි වූ නමුත් සාමාන්‍ය ලෙස පෙනී සිටින බොහෝ අයද සිටින බවයි.
ඔවුන් තමන්ගේ වැඩ කටයුතු සාමාන්‍ය ලෙස සිදු කරමින් තරමක් ක්‍රියාකාරී ලෙස පෙනී සිටින ඉතා වෘත්තීය පුද්ගලයින් වේ. කෙසේ නමුත් ඔවුන් මත්පැන් වලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ඉතා දරුණු ආබාධිත තත්ත්වයකට පත්විය හැක.
ඔවුන් රැකියාවේදී පරිපූර්ණ විය හැකි අතර පසුව නිවසට පැමිණි විට ඔවුන්ගේ ක්‍රියාකලාපය එතරම් ප්‍රසන්න නොවිය හැකිය.

Eleanor Costello මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය පදනමේ (ADF) සාක්ෂි කළමණාකරු වශයෙන් කටයුතු කරයි, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය පදනම යනු රජය විසින් අරමුදල් සපයන මධ්‍යසාර සහ වෙනත් මත්ද්‍රව්‍ය නිසා සිදුවන හානිය අවම කිරීම අරමුණු කරගත් සංවිධානයකි.
Eleanor පවසන්නේ, කලින් ඇතැමුන්ට වැදගත් වූ ක්‍රියාකාරකම්වල ඔවුන්ගේ නියැලීමේ මට්ටමේ වෙනසක් පැවතීම, ආදණීයයන් මත්පැන් සඳහා ඇබ්බැහි වී ඇති බවට පෙනෙන තවත් ලකුණක් වන බවයි.
ඔවුන්ගේ ශක්ති මට්ටම් වෙනස් වන අතර ඔවුන් එකම ආකාරයෙන් ක්‍රියා නොකරන බව ක්‍රමයෙන් පෙනී යයි.
මත්පැන් සහ ඒ හා සම්බන්ධයෙන් ශාරීරිකව දක්වන සංඥා වල අවධීන්
මත්පැන් සහ ඒ හා සම්බන්ධ ශාරීරික සංඥා වල අවධීන් ක්ෂණයකින් පෙන්නුම් නොකරන අතර ඒ සඳහා කාලයක් යන බවත් Eleanor පෙන්වා දෙයි.
මත්පැන් පානය කිරීමේ අදියර පහක් හඳුනාගෙන ඇති බව විශේෂඥයින් පවසයි.
- ඉඳහිට අධික ලෙස මත්පැන් පානය කිරීම
- මත්පැන් බීම වැඩි වීම
- ගැටළු සහගත බීම
- මත්පැන් මත යැපීම
- මත්පැන් සඳහා ඇබ්බැහි වීම
මත්පැන් පානය කිරීමේ අහිතකර බලපෑම් පිළිබඳව දැනුවත්ව සිටියද, මත්පැන් පානය සඳහා ඇබ්බැහි වූ අයකුට ඔවුන්ගේ පරිභෝජනය පාලනය කළ නොහැක.
මත්පැන් සඳහා ඇබ්බැහි වීම යනු මත්පැන් පානය කිරීමේ අවසාන අදියරයි. මෙම අවස්ථාවෙහිදී, මත්පැන් පානය කිරීම විනෝදය සඳහා පමණක් සිදු නොකරයි, එය ශාරීරික හා මානසික අවශ්යතාවකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් සිදු කරයි.
මත්පැන් පානය සඳහා ඇබ්බැහි වුවන් සන්සුන් වූ විට, ඔවුන්ට නුසුදුසු රෝග ලක්ෂණ දැනිය හැකිය:
මත්පැන් පානයෙන් පසු දැනෙන hangover තත්වයට සම්බන්ධ නැති ඔක්කාරය
- සිරුර වෙව්ලීම
- දහඩිය දැමීම
- දැඩි කෝපයක්
- වැඩි හර්ධ ස්පන්ධනයක්
- නිදාගැනීමේ අපහසුතාව
මත්පැන් සහ මානසික සෞඛ්ය
මත්පැන් සහ මානසික සෞඛ්‍යය අතර සම්බන්ධය ඉතා සමීප සහ සංකීර්ණ බව Eleanor පවසයි. මානසික සෞඛ්‍ය ගැටලු ඇති බොහෝ පුද්ගලයන් ඉන් පලා යාමේ ක්‍රමයක් හෝ ඖෂධයක් ලෙස මත්පැන් වෙත බර වීම සිදු වේ.
මත්පැන් සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ මානසික සෞඛ්‍ය ගැටලු අතර ඡේදනයක් තිබේ.
මානසික සෞඛ්‍ය තත්ත්ව පුද්ගලයන්ට මත්පැන් පානය කිරීම නැවැත්වීම වඩාත් අපහසු කළ හැකි අතර, අධික ලෙස මත්පැන් පානය කිරීම වැනි අවදානම් සහගත හැසිරීම් සඳහා වන සම්භාවිතාව ඉහල දමයි.
එමෙන්ම මධ්‍යසාර භාවිතය බොහෝ මානසික සෞඛ්‍ය ගැටළු වර්ධනය සහ රෝග ලක්ෂණ උග්‍ර කිරීම සිදු කරන අතර, ඒවායේ කාලසීමාව දීර්ඝ කළ හැක.
මේ පිළිබඳව සංවාදයක් ආරම්භ කිරීම
ඔබේ ආදරණීයයකු හෝ සමීපතමයකු හට මත්පැන් භාවිතයේ ගැටලුවක් ඇති බව ඔබ විශ්වාස කරන්නේ නම්, පළමු පියවර වන්නේ ඒ ගැන ඔවුන් සමඟ කතා කිරීමයි.
නමුත් ඔවුන් මෙය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් පැවතීම හේතුවෙන් මෙය පහසු කාර්යයක් නොවිය හැක.
මත්පැන් පානය කිරීම යනු "මනෝවිද්‍යාත්මක රෝගයක් වන අතර එහිදී පුද්ගලයා සම්පූර්ණයෙන්ම මත්පැන් වලට හසු වීම සිදු වන බව Helen පැහැදිලි කරයි.
මෙහිදී ඔවුන් බොරු කීම, වංචා කිරීම ඇතුළු කළ හැකි ඕනෑම දෙයක් කරනු ඇති බවත් Helen තවදුරටත් පවසයි.

මෙම මත්පැන් සඳහා ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ඔබේ ආදරණීයයන් සමග කතා බහ කිරීමට පෙර, මිතුරන් සහ පවුලේ අය වෘත්තීය මාර්ගෝපදේශ ලබා ගැනීම වැදගත් වේ.
Eleanor පවසන්නේ මිනිසුන්ට මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රවේශය සැලසුම් කිරීමට, ඇසිය යුතු ප්‍රශ්න තේරුම් ගැනීමට සහ ඔවුන්ගේම හැඟීම් උපකාර කිරීමට ADF වෙබ් අඩවිය මගින් බොහෝ භාෂාවලින් සම්පත් සපයන බවයි.
ඔවුන් ගැන සැලකිල්ලක් දක්වන බව ඔවුන්ට හැඟෙන්න සැලැස්විය යුතු අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් ගැටලුව සම්බන්ධයෙන් විවෘත වීමට ඉඩ තිබේ.
අධික ලෙස මත්පැන් පානය කිරීම, කෝපය සහ ගෘහස්ථ හිංසනය
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මත්පැන් අනිසි ලෙස භාවිතය, වෙනත් ඕනෑම මනෝවිද්‍යාත්මක ගැටලුවකට වඩා ආක්‍රමණශීලී හැසිරීම් සමඟ සමීපව සම්බන්ධ වේ.
මේ හේතුවෙන් Eleanor පවසන්නේ ඕනෑම පවුල් සාමාජිකයෙකු අවදානමට ලක්ව ඇත්නම්, පළමුව ආරක්ෂාව සහතික කිරීම වැදගත් වන බවයි.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට හෝ වෙනත් ආකාරයක ආක්‍රමණවලට හැකියාවක් තිබේ නම්, එම තත්වයෙන් ඉවත් වන ලෙසත් ඔබ ක්ෂණික අනතුරක සිටී නම්, සෑම විටම 000 අමතන ලෙසත් Eleanor පවසයි.
ආක්‍රමණශීලී හෝ ප්‍රචණ්ඩකාරී කෙනෙකු ඔබේ ජීවිතයේ සිටීම පිළිගත නොහැකි වේ.
එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ අදාළ පුද්ගලයා තමන් ලබාදෙන උපදෙස් ප්‍රතික්ෂේප කරන්නේ නම් සහ ඔවුන්ට ගැටලුවක් ඇති බව පිළිගැනීමට අවශ්‍ය නැතිනම්, ඔවුන් අවධානය තමන්ගෙන් ඈත් කර තබා ගැනීමට උත්සාහ කරන බවයි.
බොහෝ විට ඔවුන් වෙනත් හේතු තම ගැටලුව සඳහා හේතු වී ඇති බවට චෝදනා එල්ල කිරීමද දැකිය හැක.

ක්‍රමිකව වර්ධනය වන රෝගයක්
මත්පැන් සඳහා ඇබ්බැහි වීම යනු ක්‍රමිකව වර්ධනය වන ආබාධයකි, එබැවින් එය කාලයත් සමඟ මෙය නරක අතට හැරේ.
මත්පැන් පානය කරන්නෙකු පානයක් ගන්නා සෑම අවස්ථාවකම එය නරක අතට හැරෙන බව Helen පවසයි. මේ ඔස්සේ ඔවුනට අවහිරතා ඇති වීම, ඔවුන්ට චර්යාත්මක වෙනස්කම් ඇති වීම, ඔවුන්ට රැකියාවේදී කරදර ඇති වීම, ඔවුන්ට මුදල් සමඟ ගැටලු ඇති වීම සහ ඔවුන්ගේ සබඳතා සමඟ ගැටලු ඇති වීම සිදු වේ.
දිගු කලක් අධික ලෙස මත්පැන් පානය කිරීම ඔස්සේ මොළයේ රසායනය වෙනස් කළ හැකිය, ස්නායු මාර්ගවලටද බලපෑම් කළ හැකි අතර තරුණයින්ගේ මොළයේ වර්ධනයට බාධා කරයි.
අධික ලෙස මත්පැන් භාවිතා කරන තරමට, එය ඔබට යම් ආකාරයක දුකක් ඇති කළ හැක. මේ සඳහා හේතු වශයෙන් Eleanor පෙන්වා දෙන්නේ මත්පැන් ඔස්සේ ඔබේ හෘද ස්පන්දන වේගය වැඩි කරන අතර මේ ඔස්සේ ඔබව මානසික අවපීඩනයකට ලක් කරන බවයි.
මෙම ගැටලුවේ මුල් අවධියේදී සහය ලබා ගැනීම යහපත් විය හැක. කෙසේ වෙතත්, මත්පැන් පානය සඳහා ඇබ්බැහි වුවන් වෛද්ය ආධාර නොමැතිව මත්පැන් පානය නතර කිරීම භයානක වේ.
Path2Help වෙබ් අඩවිය තුල උපකාර සහ සහාය සේවා 10,000කට වඩා ලැයිස්තුගත කොට තිබේ.
එහි ස්වයං-උපකාර තොරතුරු රාශියක් පවතී, මන්ද මත්පැන් සඳහා ඇබ්බැහි වුවන් යමෙකු සමඟ කතා කිරීමට සූදානම් නොවනු ඇත, නමුත් මත්පැන් වලින් ඉවත් වීම සිදු කිරීමට ඔවුන්ට කළ හැකි ඇතැම් දේ දෙස බැලීමට ඔවුන් සූදානම් විය හැකි බව Eleanor වැඩිදුරටත් පවසයි.
පවුල් සඳහා උපකාර
අධික ලෙස මත්පැන් පානය සඳහා ඇබ්බැහි වීම නිසා ආදරණීයයකුගේ වෙනසක් දැකීම වේදනාකාරී හා ව්යාකූල විය හැක. එමෙන්ම ඔබට ඔවුන්ට සහයෝගය දැක්වීමට වසර ගණනාවක් ගත විය හැකි අතර එය ඇත්ත වශයෙන්ම පවුලේ යහපැවැත්මට ද බලපෑ හැකි බව Eleanor පවසයි.
මේ හේතුවෙන් එය හඳුනා ගැනීම සහ ඔබ සහ ඔබේ පවුලේ අය කෙරෙහි ඉතා කාරුණික වීම ඇත්තෙන්ම වැදගත් වේ.
Helen පවසන්නේ පවුලේ සාමාජිකයන් වෘත්තීය උපකාර ලබා ගත් පසු, ඔවුන්ගේ ආදරණීයයන්ව ඔවුන්ගේ මත්පැන් ඇබ්බැහියට ප්‍රතිකාර කිරීමට දිරිමත් කළ හැකි බවයි.
කෙසේ වෙතත්, ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් තමන් විසින්ම තීරණ ගත යුතු වේ.
උපකාර සඳහා පිවිසෙන්න:
- Al-Anon advice line 1300 252 666
- The ADF advice line 1800 85 85 84
- Lifeline on 13 11 14
- 1800RESPECT 1800 737 732
- Beyond Blue 1300 22 4636
_______________________________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_______________________________________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න





