අලුත් අවුරුද්දේ නව රැකියා ක්ෂේත්‍රයකට යොමු වීමට ඔබත් සිතනවා නම් මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න

People crowd crossing street in central Sydney

Thinking of changing your career this year? Consider these five steps before you do. Credit: olaser/Getty Images

අලුත් අවුරුද්දක් උදා වීමත් සමඟ ජීවිතේ විවිධ තීරණ ගැනීමට අපි පෙළඹෙනවා. ඔබ කරන රැකියාව සම්බන්ධයෙන් යම් වෙනස්කමක් කරන එකත් එහෙම තීරණයක්. සමහරු රැකියාවේ උසස්වීමක් අපේක්ෂාවන් කටයුතු කරන්න අධිෂ්ඨාන කරගන්නවා. ඒ වගේ ම රැකියා ස්ථානය වෙනස් කර වෙනත් තැනකට යන්න ආසාවෙන් ඉන්නවා. මේ දෙපාර්ශ්වයටම අයත් නොවන කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි වෙනත් රැකියා ක්ෂේත්‍රයකට මාරු වෙන්න යොමු වන අය. 2025 නොවැම්බර් වෙනකොට ඕස්ට්‍රේලියාවේ සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව රටේ සමස්ත රැකියා පුරප්පාඩු ගණන 326,700ක් පමණක් වුණා. එය අගෝස්තු මාසයට සාපේක්ෂව 0.2%ක අඩු වීමක්. ඉන් පෙර වසරත් එක්ක සැසඳීමේ දී 5.2%ක අඩු වීමක්. ඉතින් මේ වගේ තත්ත්වයක දී රැකියා ක්ෂේත්‍රයේ වෙනසක් කිරීමට ඔබත් සිතනවා නම් එවැනි පරිවර්තනයක සාර්ථකත්වය උදෙසා මේ විශේෂාංගය ඔබට වැදගත් වේවි.


රැකියාව සම්බන්ධ තීරණ ගැනීමේ දී මේ වෙළදපොළ දත්ත පිළිබඳව සුවිශේෂ අවධානයක් ලබා දෙන්න අවශ්‍යයි. වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍ර සහ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා පිළිබඳ විස්තරවලින් ඔබේ තීරණ වඩාත් යතාර්ථවාදී ප්‍රායෝගික ඒවා බවට පත් වෙනවා.

LinkedIn අඩවියේ Jobs on the Rise 2026 වාර්තාව ඕස්ට්‍රේලියාවේ ඉහළ වර්ධන වේගයක් ගෙන ඇති රැකියා 15ක් හඳුනාගෙන තිබෙනවා. එහි පෙරමුණේ සිටින්නේ AI තාක්ෂණය ආශ්‍රිත රැකියා.

ඒ වගේ ම දෙසැම්බර් මාසයේ Seek අඩවිය විසින් නිකුත් කළ වාර්තාවකින් ඇබෑර්තු වැඩි වශයෙන් පළවන රැකියා පිළිබඳ අදහසක් මතු කරලා තිබෙනවා. ඒ අනුව හෙද සේවයට ඉහළ ඉල්ලුමක් තිබෙන බව පෙනෙනවා. ඒ වගේ ම වෛද්‍ය, aged care/disability support වගේ උපස්ථායක සේවා වගේ ම ඉදිකිරීම් කටයුතු කළමනාකරණය වැනි අංශවලට නොවෙනස් ඉල්ලුමක් පවතින බවත් සඳහන් වෙනවා.

gfx-150126-in-demand-job-data-vis.jpg
Job ads for nursing and construction roles saw the most growth year-on-year, according to December data from SEEK. Source: SBS News

——————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now