2024 මුල් මාස තුන තුල ඕස්ට්‍රේලියාවේ Units සහ Apartments නිවාස කුලිය වාර්තා ගත ලෙස ඉහලට

Housing Crisis Continues

New land for new houses Source: AAP

ඕස්ට්‍රේලියාවේ දැඩි නිවාස අර්බුදයක් පවතින බව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනා අත්දැක තිබේ. මෙහිදී නිවාස මිලදීගැනීමට මෙන්ම කුලී නිවාස මිල ගනන්ද ඉතා ඉහල ගොස් ඇති බව වාර්තා වේ. මෙහිදී කුඩා නිවාස සහ තට්ටු නිවාස වල මිල ගණන්ද වාර්තා ගත ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වේ.


විශාල නිවාස වල මිලගණන් ඉහල යාම හේතුවෙන් බොහෝ දෙනා කුඩා නිවාස සහ තට්ටු නිවාස වෙත යොමු වීමට කටයුතු කරමින් සිටී. මේ හේතුවෙන් කුඩා නිවාස ඒකක වල කුලී මිලගණන් වාර්තාගත ලෙස ඉහල ගොස් තිබේ. කුඩා නිවාස ඒකක වල කුලී මිලගණන් මාර්තු කාර්තුවේදී 13.5% කින් ඉහල ගොස් තිබේ. මෙහිදී සාමාන්‍ය නිවාස වල මිලගන්නන් වැඩිවීම 9.1%ක් වන බව PropTrack ආයතනයේ අලුත්ම සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබේ.

ඔස්ට්‍රේලියාව පුරා කුලී නිවාස මිලගණන් වල සාමන්‍යය සතියකට $600ක් බව වාර්තා වේ
PropTrack's latest market report

පසුගිය වසරේ අවසන් කාර්තුවේ සමස්ත නිවාස වල කුලී මිලගණන් වැඩි වීම 3.4ක් ලෙස සටහන් වී ඇති අතර 2024 වසරේ මුල් කාර්තුවේ මෙලෙස මිල ඉහළ යාම ඉතාම අධික මිල ඉහල යාමක් ලෙස සඳහන් කල හැකි වේ.

PropTrack යාතනයට අනුව ඔස්ට්‍රේලියාව පුරා කුලී නිවාස මිලගණන් වල සාමන්‍යය සතියකට $600ක් බව වාර්තා වේ.

ප්‍රාන්ත වශයෙන් කුඩා සහ තට්ටු නිවාසවල කුලී මිල ඉහල ඉහළයාම කෙබඳුද ?

කුඩා සහ තට්ටු නිවාසවල වාර්ෂික කුලී මිල ඉහල යාමේ වැඩිම අගය පර්ත් නුවරින් වාර්තා වේ. කෙසේ උවද සිඩ්නි නුවර කුලී නිවාස මිල ඉහලම නගර අතර තවමත් ප්‍රමුඛ ස්ථානයේ රැඳී සිටී. පර්ත් නුවර නිවාස කුලිය සතියකට $590 දක්වා ඉහල ගොස් තිබේ. මෙය පෙර වසරට සාපේක්ෂව 19.2ක වැඩිවීමකි. සිඩ්නි නුවර සතියක කුලිය $700ක් දක්වා ඉහල ගොස් තිබේ. එය පෙර වසරට සාපේක්ෂව 12.9ක වැඩි වීමකි.

බ්‍රිස්බේන් නුවර සතිය නිවාසකුලිය $580 දක්වා ඉහල ගොස් ඇති අතර මෙල්බර්න් නුවර එම අගය සතියකට $550ක් දක්වා ඉහල ගොස් තිබේ. ඇඩිලේඩ් නුවර නිවාස කුලිය 11.6%කින් ඉහල ගොස් ඇති අතර එය සතියකට $480ක් ලෙස වාර්තා වේ. මේ අතර ඩාර්වින් සහ ACT හි කුලී මිල 1.8% කින් ඉහල ගොස් තිබේ. නිවාස කුලී මිලගණන් පහත වැටී ඇති එකම නගරය ලෙස හෝබාර්ට් නගරය වාර්තා වන අතර එම අගය සතියකට $470ක් වේ. එහිදී 2.1%කින් නිවාස කුලී මිලගණන් පහත වැටී තිබේ.

House rents.png

විශාල ප්‍රමාණයේ නිවාසවල මිල ගණන් ඉහල යාම කෙබඳුද?

මෙහිදී තට්ටු නිවාස සහ කුඩා නිවාස ඒකක වලට සාපේක්ෂව විශාල ප්‍රමාණයේ නිවාස මිල ගණන් ඉහල යාම අඩු මට්ටමක පවතී. එය 9.1%ලෙස වාර්තා වේ. සිඩ්නි නුවර වාර්ෂික නිවාස කුලී මිල වැඩිවීම 10.3ක් ලෙස පවතින අතර එහි සතියක නිවාස කුලිය $750ක් දක්වා වැඩි වී තිබේ. ACT හි සතියක නිවාස කුලී ප්‍රමාණය $700ක් පමණ වන අතර ඩාර්වින් නුවර සතියක නිවාස කුලිය $680ක් වී තිබේ. බ්‍රිස්බේන් නුවර එය $640ක් ලෙස සටහන් වන අතර ඇඩිලේඩ් නුවර එම අගය $590ක් ලෙස සටහන් වේ. මෙල්බර්න් නුවර නිවාස කුලී මිල සටහන් වන්නේ සතියකට $575ක් ලෙස වේ.

අඩුම නිවාස කුලී මිල ගණන් සටහන් වන්නේ හෝබාර්ට් නගරයෙන් වේ. එහි මධ්‍යස්ථ මිල සතියකට ඩොලර් 560ක් ලෙස වසර පුරා ස්ථාවරව පැවතුනි.

විශාලතම නිවාස කුලී වැඩිවීම වාර්තා වූයේ පර්ත් නගරයේ වන අතර එහි මධ්‍ය නිවාස කුලී මිල ගණන් 16% කින් එනම් ඩොලර් 650 දක්වා ඉහළ ගොස් තිබේ.

නිවාස කුලී මිලගණන් පහත වැටීමක් අපේක්ෂා කල හැකිද?

නිවාස කුලී මිල ගණන් ඉදිරියේදී පහත වැටීමේ යම් හැකියාවක් පවතී. මෙහිදී කුලියට දීම සඳහා දැන්වීම් පළකර ඇති නිවාස ප්‍රමාණයේ වැඩිවීමක් දැකගත හැකිවේ. මෙහිදී පෙර වසරට සාපේක්ෂව 9.1%කින් වෙළඳපොළට පැමිණ ඇති කුලී නිවාස ප්‍රමාණය ඉහල ගොස් තිබේ. කෙසේ උවත් තවමත් කුලී නිවාස හිඟය ඉතා දැඩිව පවතින බව සමීක්ෂණ වාර්තා දත්ත පෙන්වා දේ.

නිවාස කුලී මිලගණන් ඉදිරි වසර තුන තුලදී පහත වැටෙනු ඇති බව Oxford Economics Australia හි වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. එහිදී නව නිවාස ඉදිකිරීමේ ප්‍රමාණය, සංක්‍රමණිකයින්ගේ පැමිණීමේ අඩුවීම සහ පොලී අනුපාත කප්පාදුව යන කරුණු සැලකිල්ලට ගෙන තිබේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now