ඔස්ට්‍රේලියාව සහ කැනඩාව උසස් අධ්‍යාපනය සඳහා අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමුඛතම තොරානනීම වී තිබිණ. කෙසේ උවත් නවතම සමීක්ෂණ වාර්තා අනුව ඔස්ට්‍රේලියාව සහ කැනඩාව එම ලැයිස්තුවේ දෙවන සහ හතරවන ස්ථාන ලබාගෙන තිබේ. උසස් අධ්‍යාපනය සඳහා විදෙස් රටවල් තෝරාගැනීමේදී ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල් කෙරෙහි අන්තර් ජාතික සිසුන්ගේ පවතින ආකල්ප වල යම් වෙනසක් සිදුවී ඇති බව වාර්තා වේ. උසස් අධ්‍යාපන පහසුකම් සපයන ආයතනයක් වන ඉද්ප් ආයතනය විසින් සිදුකල නවතම සමීක්ෂණයකින් මේ තොරතුරු හෙළිවී තිබේ.
මෙහිදී උසස් අධ්‍යාපනය සඳහා අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමුඛතම තේරීම ලෙස කැනඩාව සමග සමතැන සිටි ඔස්ට්‍රේලියාවට එම ස්ථානය අහිමි වීමට ඔස්ට්‍රේලියාව තුල මේ වනවිට පවතින උද්දමන තත්වය බලපෑ ඇති බව IDP ආයතන සමීක්ෂණ වාර්තාව විසින් හෙළිකර තිබේ.
අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, රැකියා ලබාගැනීමේ පහසුව සහ අයකරන මුදලට ලබා දෙන වටිනාකම සිසුන් අධ්‍යාපනය ලැබිය යුත්තේ කුමන රටේද යන්න තීරණය කරන ප්‍රධාන සාධක වේ.IDP Education
පසුගිය වසරේ මෙම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ රැඳී සිටි ඔස්ට්‍රේලියාවට 2%කින් ශ්‍රේනිගතකිරීම් වල පෙර පැවති තත්වය අහිමිවී ඇති අතර එය 23% දක්වා අඩුවී තිබේ. කෙසේ උවත් ඕස්ට්‍රේලියානු අධ්‍යාපනය කෙරෙහි අන්තර්ජාතික සිසුන් තුල පවතින තෘප්තිය 2023 වසරේ මද භාගයේ සිට එම මට්ටමේම පවතින බව මෙම සමීක්ෂණ වාර්තාව හරහා හෙළිකර තිබේ.
24%ක ප්‍රතිශතයක් ලැබූ ඇමරිකාව ප්‍රථම ස්ථානයට පත්වී ඇති අතර 22%ක් ලබා සිටින බ්‍රිතාන්‍යය තෙවන ස්ථානයට පත් වී තිබේ. කැනඩාව 19%ක් ලබා සිව්වන ස්ථානයේද රැඳී සිටී.
ජාත්‍යන්තර සිසුන් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට අඩු කැමැත්තක් දක්වන්නේ ඇයි?
අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, රැකියා ලබාගැනීමේ පහසුව සහ අයකරන මුදලට ලබා දෙන වටිනාකම සිසුන් අධ්‍යාපනය ලැබිය යුත්තේ කුමන රටේද යන්න තීරණය කරන ප්‍රධාන සාධක වී ඇති බව IDP ආයතනය පෙන්වා දී තිබේ.
වර්තමාන ලේබර් රජය අන්තර්ජාතික ශිෂ්‍ය වීසා ලබාදීම දැඩි ලෙස කප්පාදු කිරීමට පසුගිය කාලයේදී කටයුතු කර තිබේ. මෙහිදී ඔස්ට්‍රේලියාවට ඇතුළුවන සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය අඩුකිරීම සහ ශිෂ්‍ය වීසා හරහා ඕස්ට්‍රේලියාවේ රැකියා කිරීමට පැමිණීම අවහිර කිරීම ප්‍රධාන අරමුණ වී තිබේ. ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක නව සංක්‍රමණ ප්‍රතිපත්ති හරහා අධ්‍යාපනය මුවාවෙන් රැකියා කිරීමට ඉඩ දෙන අධ්‍යාපන ආයතන පිලිබඳ විමර්ශන සිදුකෙරේ. මේ හේතුවෙන් ඉන්දියාව වැනි සමහර රටවල සිසුන් සඳහා වීසා ලබා ගැනීමේ අපහසු තාවයක් පවතී.
රටවල් 117ක වත්මන් ජාත්‍යන්තර සිසුන්, වර්තමාන අයදුම් කරුවන් සහ ඉදිරියේදී විදෙස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන සිසුන් 11,500ක් මෙම පර්යේෂණ වාර්තාව සඳහා යොදාගෙන තිබේ.