Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට තමන් ගෙවූ වීසා ගාස්තු යළි ලබාගැනීමට දැන් අයදුම් කළ හැකියි, සම්පුර්ණ විස්තර මෙන්න

University students.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට තමන් ගෙවූ වීසා ගාස්තු යළි ලබාගැනීම පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට තමන් ගෙවූ වීසා ගාස්තු යළි ලබාගැනීම පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ ශිෂ්‍ය වීසා ගාස්තුව නැවත ඔවුන්ට ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගියදා තීරණය කළේය.

ඒ අනුව අදාළ සුදුසුකම් ලත් ජාත්‍යන්තර සිසුන්ට සිය ශිෂ්‍ය වීසා ගාස්තුව නැවත ලබා ගැනීම සඳහා දැන් අයදුම් කළ හැකිවේ.


Highlights

  • ඔබ 500, 560, 570, 571, 572, 573, 574 හෝ 575 යන ඔස්ට්‍රේලියානු වීසා උප ඛාණ්ඩයට අයත් වලංගු ශිෂ්‍ය වීසා බලපත්‍රයක් දරයි නම් වීසා ගාස්තු යළි ලබාගැනීමට සුදුසුකම් ලබයි.
  • නමුත් ඒ සඳහා ඔබ එම වීසා බලපත්‍රයෙන් 2022 ජනවාරි 19 සිට මාර්තු 19 අතර කාලය තුළ ඔස්ට්‍රේලියාවට පැමිණිය යුතුය.
  • ඔබේ ශිෂ්‍ය වීසා ගාස්තුව යළි ලබා ගැනීමට 2022 දෙසැම්බර් 31 තෙක් කල් හිමිවේ.

ශිෂ්‍ය වීසා ගාස්තුව නැවත ලබා ගැනීමට සැපිරිය යුතු කොන්දේසි

ජාත්‍යන්තර සිසුන් තම ශිෂ්‍ය වීසා බලපත්‍රයට අදාළව ගෙවන ලද වීසා අයදුම්පත් ගාස්තුව ආපසු ලබාගැනීමට නම් පහත සඳහන් කොන්දේසි ද්විත්වය සැපිරිය යුතු වේ.

ඔබ 500, 560, 570, 571, 572, 573, 574 හෝ 575 යන ඔස්ට්‍රේලියානු වීසා උප ඛාණ්ඩයට අයත් වලංගු ශිෂ්‍ය වීසා බලපත්‍රයක් දැරිය යුතු වීම.

එම වීසා බලපත්‍රයෙන් 2022 ජනවාරි 19 සිට මාර්තු 19 අතර කාලය තුළ ඔස්ට්‍රේලියාවට පැමිණිය යුතුය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


International students wear face masks as they arrive at Sydney Airport, 6 December 6 2021.
International travellers who have had two doses of the Russian Sputnik V vaccine will now be allowed to enter Australia. Source: AAP

ශිෂ්‍ය වීසා ගාස්තුව ආපසු ලබා ගැනීමට අයදුම් කිරීම

ඉහත සඳහන් කොන්දේසි සපුරාලන්නේ නම් Visa Refund පෝටලයේ ගිණුමක් නිර්මාණය කළ යුතුවේ.

ඔබේ ශිෂ්‍ය වීසා ගාස්තුව යළි ලබා ගැනීමට ඉක්මන් විය යුතු නැති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඔබ ඉහත සඳහන් කොන්දේසි සපුරා ඇතිනම් ඔබේ ශිෂ්‍ය වීසා ගාස්තුව යළි ලබා ගැනීමට 2022 දෙසැම්බර් 31 තෙක් කල් හිමිවේ.

ඔබ මේ සඳහා අයදුම් කිරීමට පෙර ඔබේ අනන්‍යතාව තහවුරු කරන ලේඛන සහ අනෙකුත් ලේඛන ඔබ සතුව තිබීම වැදගත් වේ.

මෙම මුදල් නැවත ලබාදීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉක්මණින් කටයුතු කරන බවට පවසා ඇති නමුත් එක් එක් වීසා හිමියන්ගේ තත්ත්වය අනුව එම කාලය වෙනස් වන බවද දන්වා ඇත.

මෙම මුදල් ආපසු ලබා ගැනීම ඉක්මන් කිරීම සඳහා ජාත්‍යන්තර මුදල් හුවමාරුවකට නොයා ඔස්ට්‍රේලියානු බැංකු ගිණුමකට හෝ වලංගු ක්‍රෙඩිට් කාඩ්පතකට ඔබේ මුදල් ආපසු ලබාගැනීමට කටයුතු කරන ලෙස ද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


අයදුම් කිරීමේදී සූදානම් කරගත යුතු ලේඛන සහ තොරතුරු

  • සම්පුර්ණ නම
  • උපන් දිනය
  • විදේශ ගමන් බලපත්‍රය
  • Transaction Reference Number (TRN)
  • බැංකු ගිණුමේ විස්තර (ඔස්ට්‍රේලියානු බැංකු ගිණුමක් නම් වඩා යෝග්‍ය වේ)


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now