485 Work වීසා සඳහා නව වෙනස් කම් රැසක් හඳුන්වා දී ඇත. මේ සඳහා අයදුම් කිරීමේ වයස් සීමාව මේ වසරේ ජුලි පළමු වනදා සිට වයස අවුරුදු 35 තෙක් අඩුකොට ඇති බව සංක්‍රමණ උපදේශිකා දේශානි දියුනුගලගේ පවසා සිටී. මෙහිදී Masters by research හෝ PHD උපාධියක් හදාරන අය සඳහා මෙය බලනොපාන බව ඇය වැඩිදුරටත් පවසා සිටී. කෙසේ උවත් වයස් සීමාව වයස අවුරුදු 35 කිරීම සම්බන්දයෙන් මේවන විටත් ගැටළු කාරී තත්වයක් ඇතිවී තිබෙන සංක්‍රමණ උපදේශිකා දේශානි දියුනුගලගේ පවසා සිටී. මෙහිදී වයස අවුරුදු 35 සහ 36 අතර වයස් වල සිටින අය මේ සඳහා සුදුසුකම් ලබන්නේද යන්න පිළිබඳව නිසියාකාර දැනුවත් කිරීමක් මේ වනතෙක් ලැබී නොමැති බව ඇය වැඩිදුරටත් පවසා සිටී.
485 Work වීසා අයදුම් කිරීමට ඇති වයස් සීමාව 35 දක්වා අඩුකිරීම හේතුවෙන් වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් වෙනත් විකල්ප මාර්හ සොයමින් සිටියද ඒ සඳහා ඇති විකල්ප මාර්ගද ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටී.
මේ සම්බන්දයෙන් ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවල අධ්‍යාපනය ලබන සිසුන් ගේ අදහස් කිහිපයක් වෙත අපි දැන් යොමු වෙමු.
බටහිර ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන කසුන්දරා Post Study work visa කාලය අඩු කිරීම ගැන ඉතා කනගාටුවට පත්වන බව පවසා සිටියාය. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ Regional ප්‍රදේශ වල අධ්‍යාපනය ලැබූවන්ට අමතර කාලයක් ලැබෙන අතර එය නොලැබී යාමද ඉතාම කනගාටු දායක බව ඇය පවසනවා. මෙහිදී විශේෂයෙන්ම මේ සඳහා අයදුම් කිරීමේ වයස් සීමාව අවුරුදු 35 දක්වා අඩු කිරීම නිසා මේ වන විට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන තම සහෝදර ශිෂ්‍යයින් දැඩි අපහසු තාවයට පත්වී ඇතිබව ය පවසා සිටියාය.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ දෙනා අධ්‍යාපනයෙන් පසුව Work Visa සඳහා අයදුම් කිරීමේ බලාපොරොත්තුවෙන් පැමිණෙන බවත් ඔවුන වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටින අය මෙම තීරණය හේතුවෙන් දැඩි අසාධාරණයකට ලක්වන බවත් NSW ප්‍රාන්තයේ දිලීප දයානන්ද පවසා සිටී.
තාවකාලික වීසා හිමයන්ගේ ජීවිත වලට බලපාන ය සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු රජය තීරණ ගැනීමේදී මීට වඩා වගකීමෙන් තීරණ ගතයුතු බව දිලීප වැඩිදුරටත් පවසා සිටී.
මෙවැනි වීසා නීති වෙනස් කිරීම් වලදී ඕස්ට්‍රේලියානු රජය පෙර දැනුම් දීමක් නොකිරීම ඉතාම කනගාටුදායක බව වික්ටෝරියා ප්‍රාන්තයේ අරවින්ද චර්ද්‍රපද්ම පවසා සිටී. 485 Work වීසා අයදුම් කිරීමට ඇති වයස් සීමාව 35 දක්වා අඩුකිරීම හේතුවෙන් වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය ලබමින් සිටින පුද්ගලයින් වෙනත් විකල්ප මාර්හ සොයමින් සිටියද ඒ සඳහා ඇති විකල්ප මාර්ගද ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටී.
විශේෂයෙන්ම නැවත ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමේ අවස්තාව අහුරා ඇත. මීට අමතරව 190 වීසා සඳහා අයදුම් කිරීමේදී යම් අයෙකු රැකියාව සිදුකලයුතු පය ගණන වැඩි කොට තිබෙනවා. මේ හරහා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ඇති අයට work වීසා ලබාගනීමකින් තොරව වෙනත් ස්ථිර පදිංචිය ලබා ගතහැකි වීසා කාණ්ඩයකට යොමුවීම ඉතා දුෂ්කර බවද ඔහු පවසා සිටී.
මෙහිදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට මෙවැනි නීතියක් පිළිබඳව දන්නේ නම් ඔවුනට ඔස්ට්‍රේලියාවට නොපැමිණ වෙනත් රටක අධ්‍යාපනය සඳහා යොමුවීමේ හැකියාව තිබූ බව ඔහු පවසා සිටී. මීට අමතරව මෙම වයස් සීමාව පිලිබඳ නීති සම්බන්දයෙන් නිසි පැහැදිලිකිරීමක් නොමැති ක හේතුවෙන් බොහෝ දෙනා දැඩි මානසික පීඩනයකින් පසුවන බවද ඔහු පවසා සිටී.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************