ඔස්ට්‍රේලියාවේ නිවාස සහ දේපළ වෙළඳපොළ මේ වන විට කැපී පෙනෙන වෙනසක් අත්විඳිමින් තිබෙනවා. සමහර ප්‍රදේශවල නිවාස මිල ගණන් පහළ යාමත්, ඇතැම් ආයෝජකයන් වෙළඳපොළෙන් ඉවත් වෙමින් සිටින බවට මතුව ඇති සංවාදත් මෙන්ම මේ තත්ත්වය 2027 වසර දක්වාම පැවතිය හැකි බවට වන පුරෝකථනත් නිසා මේ ගැන බොහෝ දෙනෙක් මේ දිනවල අවධානයෙන් සිටිනවා. මේ අතර මේ තත්වය , පළමු නිවාස ගැනුම් කරුවන්ට හොඳ අවස්ථාවක් විය හැකි බවටත් මත පලවෙනවා. මේ හේතුවෙන් වර්තමානයේ පවතින ඔස්ට්‍රේලියානු දේපල වෙළඳපොළ තත්වය ගැන කරුණු විමසීමක් සිදුකරන්න මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා සම්පත් දායකත්වය ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 15කට වැඩි අත්දැකීම් ඇති, වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස සහ දේපළ ක්ෂේශ්ත්‍රයේ වරලත් නියෝජිතවරියක ලෙස කටයුතු කරන විනූ උඩවත්ත.
සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව සලකන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






