ඔස්ට්‍රේලියාව තුල අන්තර්ජාතික සිසුන් මුහුණ දෙන දැඩි මානසික පීඩනය ගැන නවතම තොරතුරු හෙළිවේ.

Girl looking down and thinking while holding book and pencil.

A worried Indian girl thinking, looking down by holding book in hands. Credit: gawrav/Getty Images

ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය ලැබීමේදී මුහුණ දෙන මානසික ගැටළු සම්බන්දයෙන් විශ්වවිද්‍යාල විසින් ලබාදෙන සහයෝගය ඉතා අවම මට්ටමක පවතින බව වාර්තා වේ. වික්ටෝරියානු ප්‍රාන්තයේ පමණක් පසුගිය දශකය තුල සිසුන් 47 දෙනෙක් සියදිවි හානිකරගනීමට පෙලඹී ඇත.


ජාත්‍යන්තර සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු සඳහා ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල මගින් ලබාදෙන සහය ඉතා අවම මට්ටමක පවතින බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ. මෙහිදී ඕස්ට්‍රේලියානු සිසුන්ගේ මානසික ගැටළු සඳහා වැඩසටහන් නිර්මාණය වී තිබුනද ජාත්‍යන්තර සිසුන් මුහුණ දෙන සුවිශේෂී ගැටළු සහ අභියෝග සඳහා එම සේවාවන් නිසියාකාරව සකස් වී නොමැති බව මෙහිදී හෙළිවී ඇත. සිඩ්නි විශ්ව විද්‍යාලයේ සහ ඩීකින් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනයෙන් විශ්ව විද්‍යාල 37ක් සමාලෝචනය කරන ලද අතර ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් සැලකිය අවධානයක් යොමුකර ඇති මානසික සෞඛ්‍ය උපාය මාර්ග ඇත්තේ ඉන් විශ්ව විද්‍යාල තුනක පමණක් බවද සොයා ගන්නා ලදී.

ජාත්‍යන්තර සිසුන් මුහුණ දෙන මානසික සෞඛ්‍ය අභියෝග මොනවාද?

2021 වසරේ නිකුත් වූ වාර්තාවකට අනුව, 2009 සහ 2019 අතර දශකයක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් ජාත්‍යන්තර සිසුන් 47 දෙනෙකු සියදිවි නසාගෙන මිය ගොස් ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර සිසුන් ඕස්ට්‍රේලියාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනගහනයෙන් එකක් වන අතර සමාජ හුදකලාව, රැකියා සූරාකෑම, අස්ථිර නිවාස, මූල්‍ය අනාරක්ෂිතභාවය, වර්ගවාදය සහ වෙනස් කොට සැලකීමේ ඉහළ අවදානමක් අත්විඳින බව මෙම නව වාර්තාවේ, පර්යේෂකයන් සඳහන් කර සිටී. ඉංග්‍රීසි ඉගෙනීමේ අවශ්‍යතාවය සහ තම අධ්‍යාපනය සම්බන්දයෙන් පවුලේ අයගේ අපේක්ෂාවන් සපුරාලීමට ඇති පීඩනය මගින් ජාත්‍යන්තර සිසුන් අත්විඳින ආතතිය තවදුරටත් ඉහල යයි.

ජාත්‍යන්තර සිසුන්ට මානසික සෞඛ්‍ය සඳහා සහය ලබා ගැනීමේ ඇති ගැටළු මොනවාද?

ඔවුන් මුහුණ දෙන විශාල අභියෝග තිබියදීත්, ජාත්‍යන්තර සිසුන් ඕස්ට්‍රේලියානු සිසුන්ට වඩා මානසික රෝග සඳහා උපකාර ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩු බව අධ්‍යයනවලින් සොයාගෙන ඇත. භාෂා ගැටළු , අපකීර්තියට ඇති බිය සහ සෞඛ්‍ය රක්ෂණාවරණ පිළිබඳ සීමිත අවබෝධය ජාත්‍යන්තර ශිෂ්‍යයන් උපකාර පැතීමට බිය වීමට හේතු වී ඇත. වීසා අවශ්‍යතාවල සංකීර්ණතා ද සිසුන් මානසික සෞඛ්‍ය සහාය ලබා ගැනීමෙන් වළක්වාලීමට හේතු වී ඇත.

ජාත්‍යන්තර සිසුන්ට සැලකිය යුතු අධ්‍යයන පීඩනයක් දැනෙන විට පවා, ඔවුන් අධ්‍යාපනික සහය හෝ අධ්‍යයනයන් තාවකාලිකව කල්දැමීමට මැලිකමක් දක්වන බව Orygen පර්යේෂණය සොයාගෙන ඇත. ඔවුන්ගේ වීසා බලපත්‍ර කෙරෙහි මේ ආකාරයේ උදව් ලබාගැනීමක් හරහා ඇති කළ හැකි බලපෑම පිළිබඳව ඔවුන් දැඩි සැලකිල්ලක් දැක්වීම මෙයට හේතු වී ඇත.

මේ සඳහා ඇති විසඳුම් කවරේද ?

බොහෝ විශ්ව විද්‍යාලවලට තම අය වැය කලමානාකරණයට දැඩි තීරණ ගැනීමට සිදුවී ඇති බැවින් ශිෂ්‍යයින් සඳහා වන අමතර සේවාන් ලබා දීම කප්පාදු කිරීමට බොහෝ විශ්වවිද්‍යාල කටයුතු කර ඇත. මේ හේතුවෙන් නවාතැන් ආධාර, මානසික සෞඛ්‍ය උපදේශනය සහ රැකියා උපදේශනය ඇතුළු ජාත්‍යන්තර සිසුන්ගේ යහපැවැත්මට දායක වන සහාය ලබාදීමේ ක්‍රමවේද අවම මට්ටමක පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් මෙම ගැටළු සඳහා රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවය ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Phil Honeywood පෙන්වා දී ඇත. අන්තර්ජාතික ශිෂ්‍යයින් සඳහා වන සහය ලබාදීමේ ක්‍රමවේදයන් අනිවාර්ය කිරීමට Phil Honeywood යෝජනා කර සිටී.

තවද මෙම ගැටළු විසඳීමට විශ්වවිද්‍යාල තුලින්ම විනිවිද භාවයකින් යුත් නව උපායමාර්ගික ක්‍රමවේදයන් හඳුන්වා දියයුතු වේ.

වැඩිදුර තොරතුරු සඳහා Beyond Blue.org.au
 වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සහ 1300 22 4636 දුරකථන අංකය හරහා මානසික සෞඛ්‍ය ගැටළු සඳහා සහාය ලබාගැනීමට හැකියාව ඇත.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.


*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service