අපගේ විශ්වාස සමඟ ගැටෙන අදහස් හෝ සිදුවීම් දුටු විට දැනෙන හැඟීම “political grief” හෙවත් දේශපාලන සංවේගය ලෙස හැඳින්වෙනවා. අප ජීවත් වන සමාජයේ වර්ධනය වෙමින් පවතින බෙදීම්වලට මෙය හේතු වන බවට මතයක් පවතිනවා.
ඔබ දරන දේශපාලන මතවාදය නිසා සිත් අමනාපකම් ඇති වෙලා තිබෙනවද?කලක් ඔබ පෙනී සිටි දේශපාලන පක්ෂය තවදුරටත් ඔබේ සිතුම් පැතුම් නියෝජනය කරන්නේ නැද්ද? එවිට අපට දැනෙන හැඟීම දේශපාලන සංවේගය (Political Grief) නමින් හඳුන්වනවා
RMIT විශ්වව්දියාලයේ මාධ්‍ය සහ සන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය ලැරිසා හොර්ත්ට අනුව දේශපාලන සංවේගය නිසා මාධ්‍ය භාවිතයේ දී වගේ ම පොදුවේ අතිමහත් සමාජයේත් බෙදීමක් ඇති වීම ඉහළ ගිහින්.
The thing about political grief is that you're getting those kind of echo chambers.Professor Larissa Hjorth, School of Media and Communication, RMIT University
"වාමාංශික අදහස් දරන්නෙකු සහ දක්ෂිණාංශික මතිමතාන්තර ඇත්තෙකු අතර කිසි විටක එකතු වීමක් නැහැ," ඇය කියනවා.
අනෙකුත් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයන් හා සැසඳීමේ දී ඕස්ට්‍රේලියාවේ දේශපාලන බෙදීම් අවම මට්ටමක පවතින බව ග්‍රැට්න් ආයතනය විසින් මෑතක දී අනාවරණය කළා.
ඔවුන් නිකුත් කළ "For the people: future-proofing Australia’s democracy" නව වාර්තාවට අනුව ප්‍රතිවිරුද්ධ දේශපාලන මත නිසා මිත්‍රකම් පවත්වා ගැනීම නොහැකිව ඇත්තේ සෑම ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් 1 අයෙකුට පමණයි.
කෙසේ වෙතත් රටේ සමාජ සම්මුතිය වෙත යම් පීඩනයක් එල්ල වී තිබෙනවා.
ග්‍රැට්න් ආයතනයේ Democracy Program නියෝජ්‍ය අධ්‍යක්ෂ කේට් ග්‍රිෆිත්ස් පවසන පරිදි සමාජයට අයත් වීම, අවස්ථා සහ සාධාරණය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන්ට දැනෙන හැඟීම අඩු වෙමිනුයි පවතින්නේ.
They're the sorts of things that could lead down the track to disengagement or discontent with the system itself.Kate Griffiths, deputy director of the Democracy Program at Grattan Institute
මෙවර SBS Examines අවධානය දේශපාලන සංවේගය සහ ඒ හා බැඳුණු ඕස්ට්‍රේලියානුවන්ගේ අත්දැකීම් පිළිබඳවයි.
මෙම විශේෂාංගය SBS මැන්ඩරින් සේවය සමඟ එක්ව නිෂ්පාදනය කර ඇත.






