වංචාවලින් ආරක්ෂා වීමට අනුගමනය කළ හැකි පහසු පියවර තුනක් පිළිබඳ දැනුවත් වෙමු

Sneaky Hand Stealing Passwords From Computer, Paper Craft

Paper Craft of a Sneaky Hand Stealing Passwords From Computer on Purple Background. Cyber Security Concept. Source: Moment RF / MirageC/Getty Images

අගෝස්තු 25 සිට 29වන දා දක්වා කාලය ඔස්ට්‍රේලියාව විසින් වංචා පිළිබඳ දැනුවත් කිරීමේ සතිය හෙවත් Scam Awareness Week ලෙස නම් කර තිබෙනවා. වංචාවලට හසු නොවී පියවර තුනකින් ආරක්ෂා වීම පිළිබඳ Services Australia වෙබ් අඩවිය තොරතුරු සපයා තිබෙනවා. මෙම කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.


අගෝස්තු 25 සිට 29වන දා දක්වා කාලය ඔස්ට්‍රේලියාව විසින් වංචා පිළිබඳ දැනුවත් කිරීමේ සතිය හෙවත් Scam Awareness Week ලෙස නම් කර තිබෙනවා. වංචාවලට හසු නොවී පියවර තුනකින් ආරක්ෂා වීම පිළිබඳ Services Australia වෙබ් අඩවිය තොරතුරු සපයා තිබෙනවා. මෙම කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

ගතවන වංචා පිළිබඳ දැනුවත් කිරීමේ සතියේ දී Stop, Check, සහ Protect ලෙස පහසු පියවර තුනකින් වංචාවලින් ආරක්ෂා විය හැකි ආකාරය පිළිබඳව Services Australia වෙබ් අඩවිය සඳහන් කරන්නේ එම සේවා ආශ්‍රිතව සිදු කෙරෙන වංචා පිළිබඳව අවධානය යොමු කරමින්.

Stop, Check සහ Protect පියවර:
  1. පළමු පියවරේ දී ඔබගේ myGov ගිණුමට පිවිසෙන තොරතුරු වැනි පුද්ගලික තොරතුරු කිසිවෙකු සමඟ බෙදා නොගැනීම කළ යුතුයි.
  2. දෙවැනි පියවර නම් නිසි පරික්ෂාවයි. ඔබට ලැබෙන ඊමේල් පණිවිඩ, කෙටි පණිවිඩ, ඇමතුම් හෝ වෙබ් අඩවි සබැඳි සැබෑ ඒවා බවට තහවුරු කළ ගත යුතු වනවා. servicesaustralia.gov.au, my.gov.au හෝ නිල සමාජ මාධ්‍යවලින් ලැබෙන තොරතුරු පමණක් විශ්වාස කිරීම කළ යුතුයි.
  3. තෙවැනි පියවර නම් ආරක්ෂාවයි. මුරපදයක් හෙවත් password එකක් වෙනුවට මුර කේතයක් හෙවත් Passkey එකක් හෝ ඩිජිටල් හැඳුනුම්පතක් භාවිත කිරීම මෙහි දී යෝජනා කරනවා. යමෙකු අවසරයකින් තොරව ඔබගේ myGov ගිණුමට ප්‍රවේශ වූ බව ඔබ සිතන්නේ නම්, ඉක්මනින් ක්‍රියා කළ යුතුයි.
ඔබ වංචාවකට හසු වී ඇති බව සිතේ නම්:

  1. ඔබ කෙටි පණිවිඩයක, ඊමේල් පණිවිඩයක හෝ සමාජ මාධ්‍යයේ පණිවිඩයක සැක සහිත සබැඳියක් ක්ලික් කළේ නම්
  2. ඔබේ myGov ගිණුම් තොරතුරු හෝ පෞද්ගලික තොරතුරු යමෙකු සමඟ බෙදාගෙන ඇත්නම්
  3. ව්‍යාජ වෙබ් අඩවියකට පිවිසීම හෝ ව්‍යාජ දුරකතන යෙදවුමක් බාගත කර ඇත්නම්
වහාම 1800 941 126 අංකය ඔස්සේ Services Australia Scams and Identity Theft Helpdesk ඇමතීම කළ යුතුයි. මෙහිදී භාෂණ පරිවර්තකයෙකුගේ සහාය ද ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

තෙවන පාර්ශ්වයක දත්ත සොරකමකින් ඔබේ අනන්‍යතා ලේඛන හෝ myGov, Centrelink, හෝ Medicare තොරතුරු නිරාවරණය වී ඇත්නම්, අනන්‍යතා සොරකමකට හෙවත් identity theft තත්ත්වයකට ගොදුරු වී ඇති නම් Services Australia සහාය ඔබ වෙත හිමි වනවා.

myGov, Centrelink, Medicare හෝ Child Support ආශ්‍රිත වංචාවක් ඔබ දුටුවහොත් reportascam@servicesaustralia.gov.au ඊමේල් ලිපිනයට ඒ පිළිබඳ දැනුම් දෙන්න.

අනෙකුත් සියලුම වංචා scamwatch.gov.au වෙබ් අඩවියට පිවිස රපෝර්තු කරන්න.

මෙම පොඩ්කාස්ට් විශේෂාංගය Services Australia වෙබ් අඩවියේ පළ වූ ලිපියක් ආශ්‍රයෙන් නිෂ්පාදනය කර ඇත.

—————————————————————————————————————-


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service