අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- මෙල්බර්න් කලාපයේ රිච්ටර් මාපක 4.6 ක භූමිකම්පාවක්.
- නාසි සංකේතයක් ප්‍රදර්ශනය කරන හෝ නාසි ආචාරයක් පවත්වන ටස්මේනියානුවන්ට මාස තුනක සිරදඬුවමක් හෝ ඩොලර් 3500කට වැඩි දඩයක්.
- ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු පද්ධතිය නිදහස් බව මහ බැංකු අධිපති අවධාරණය කරයි.
- තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ඇති වී ඇති පැරිස් නුවර උණුසුම්කාරී තත්ත්වය මැඩ පවත්වන්න පොලිස් නිලධාරීන් 40,000 කගේ ආරක්ෂාවක්.
- 2023 එක් දින ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අදයි.