Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

රතු ග්‍රහයා මත රතු මුහුද තරම් විශාල ජල ස්ථරයක්: NASA ආයතනයේ නවතම සුවිශේෂ සොයාගැනීම ගැන විස්තරේ

ESA still of suspected ice at Mars equator (AP).jpg

ESA still of suspected ice at Mars equator

රතු ග්‍රහයා එනම් අඟහරු ග්‍රහයා මත ඉතා සුවිශේෂ භූවිද්‍යාත්මක සැකැස්මක් විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.මෙය ඉතා විශාල මිදුනු ජල තට්ටුවක් වියහැකි බව ඔවුන් විශ්වාස කරයි. මෙම ජලකඳ පෘතුවියේ රතුමුහුද පිරවීමට තරම් ප්‍රමාණවත් වනබව නසා ආයතන විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබේ


යුරෝපයේ Mars Express orbiter මගින් සොයාගැනුණු මෙම ස්ථරය ඉතා විශාල මිදුනු ජල තට්ටුවක් වියහැකි බව නසා විද්‍යාඥයින් විශ්වාස කරයි.

අඟහරු ග්‍රහයා මින්පෙර ගංගා, විල් සහ ග්ලැසියර වලින් පිරීපවතින්නට ඇතිබව බව විද්‍යාඥයින් විස්වාස කරයි.

කෙසේ වුවත් යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ වියපෘති විද්‍යාඥ Colin Wilson ට අනුව මෙහි පුදුම සහගත තත්වය වන්නේ මෙම අයිස් තට්ටු පිහිටා තිබෙන අකාරයි. එය උතුරු හෝ දකුණු ධ්‍රැව වල නොව අඟහරුගේ සමකයට ආසන්නයෙන් පිහිටා තිබේ.

මෙතරම් ජලකඳක් අඟහරුගේ මෙම කොටසින් හමුවූ මුල්ම අවස්තාව මෙය වන අතර මෙය පෘතුවියේ රතු මුහුද පිරවීමට තරම් ප්‍රමාණවත් බව විද්‍යාඥ Colin Wilson පවසයි

  • මේ ජල ස්තරය කිලෝමීටර 3.7 ක් පමණ ඝනකමකින් යුක්ත වේ.
  • මෙම ජලය ප්‍රමාණය මුළු අඟහරුග්‍රහයා මීටර 2ක් උස ජාල තට්ටුවකින් වැසීයාමට තරම් ප්‍රමාණවත් වේ.
  • මෙම ජල ස්ථරය මතුපිට පෘෂ්ටයේ සිට මීටර 300ක් පමණ ගැඹුරින් පිහිටා තිබේ.

මෙය සොයාගැනීම අඟහරු ගවේෂණය පිළිබඳව නව බලාපොරොතු අතිකලත් මෙම ජලස්තර මීටර 300ක් පමණ ගැඹුරින් පිහිටා තිබීම යම් අවාසිදායක තත්වයක් බව විද්‍යාඥ Colin Wilson පවසයි.

අඟහරු පිලිබඳ ගවේෂණයන් වසර 20 ක පමණ කාලයක සිට සිදුකෙරේ

  • 2004 වසරේදී නසා ආයතනය මුල්වරට අඟහරු මත ජලය ඇති බව තහවුරු කලේය.
  • 2005 වසරේදී ලුණු සහිත ජල ධාරාවන් නිරීක්ෂණය කල බව නසා ආයතනවා ප්‍රකාශ කර තිබේ
  • 2007 වර්ෂයේ අඟහරුමත මෙවැනිම ස්ථරයක් ගැන අධ්‍යයනය කලද ඒ පිලිබඳ පැහැදිලි නිගමනයකට පැමිණීමට විද්‍යාඥයින්ට නොහැකි විය.

විද්‍යාඥ Colin Wilson පවසන්නේ ඔවුන් වර්තමානයේ මෙම අධ්‍යයන කාර්ය සම්බන්ධයෙන් විශාල දියුණුවක් ලබා ඇති බවයි.

නසා ආයතනයේ රෝවෙර් යානා අඟහරු ගැන අපගේ අවබෝධය පුළුල් කරනබව ග්‍රලෝක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ Jim Green ප්‍රකාශ කර සිටියි. රෝවෙර් යාන වල සොයාගැනීම් අනුව, අඟහරු වල ආර්ධතාවය ඔවුන් සිතුවාටත් වඩා ඉතා වැඩි බවත් මෙහි ඉහල තෙතමනයක් සහිත පසක් පවතින බවත් Jim Green පවසා තිබේ.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය

*******************************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now