Sydney නගරයේ කැළඹිලිකාරී නාසි අන්තවාදී සිද්ධි පෙළක්: 'කාලින විග්‍රහය' පෙබරවාරි 01

A group of white men stand under a burning cross at Gariwerd, Victoria.

A group of white men, part of the National Socialist Network, set fire to a cross in Gariwerd over the January 26 long weekend. Credit: Sydney Morning Herald

ඕස්ට්‍රේලියානු දිනය යෙදුන සති අන්තයේ දි, අඛණ්ඩව Sydney නගරයේ තරමක් කැළබිලිකාරි සිද්ධි පෙළක් දකින්නට ලැබුණා. නව-නාසි එහෙමත් නත්නම් Neo- Nazi සිදුවීම් කිහිපයක් ඇති වුණා. මේ මතවාදය ටිකෙන් ටික ජනප්‍රිය වීම, මිනිසුන් අතරෙ බියක් ඇති කරමින් තිබෙනවා.


දින තුනක් පුරාවට නොර්ත් සිඩ්නි හි සිද්ද වුණ සිදුවීම් දිහා බලද්දි, ඔස්ට්‍රේලියාව තුළ නව නාසිවාදීන් බිහි වීමට ප්‍රවනතාවයක් තියනවාද යන්න පිලිබදව අවදානය යොමු වෙලා තියනවා

මෙවාගෙන් පළවෙනි ම සිද්ධිය වාර්තා වෙන්නෙ ඔස්ට්‍රේලියන් ඩේ එක දවසෙ, පසුගිය සිකුරාදා north Sydney වලින් . කලු පැහැති ලෝගු සහ මුව ආවරන ඇදගත්ත 60 දෙනෙකුගෙන් යුක්ත වුන කන්ඩායමක් විරෝදතාවක් නියැළුනා. එයට 20 දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩායමක් විසින් බාදා පමුණුවල තියෙනවා.

පොලිසිය සදහන් කරන්නේ, ඔවුන් මුහුණු ආවරණය කරගෙන, පලිහ සහ කොඩියක් අතැතිව හිටිය නිසා ඔවුන්ගෙන් 6 දෙනෙකු අත්තදන්ගුවට ගෙන, 55 දෙනෙකුට කළහකාරී හැසිරීම යටතේ දඩ නියම කලා කියන වග,

පසුව සෙනසුරාදා දවසේ, උතුරු ටරමුරා ප්‍රදේශයේ පැවැත්වුන එකරාශිවිමක් නැවතත් මහජන ආරක්ෂක නියෝගයක් නිකුත් කරමින් පොලිසිය විසින් විසිරුවා හැරලා තිබෙනවා.

ඉන් අනතුරුව, ඉරිදා උදෑසන සිඩ්නි හි උතුරු වෙරළේ පැවති තවත් විරෝධතාවයකට මැදිහත් වීමටත් ආරක්ෂක අංශ වලට සිදු වෙලා තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසී මෙම කණ්ඩායම් හෙලා දැක්කා, ඉන් අනතුරුව දක්ෂිනාංශික අන්තවාදයේ නැගීම පිලිබඳව ඒසිඔ ASIO [[ඕස්ට්‍රේලියානු බුද්ධි අංශය ]] එම කණ්ඩායමට අනතුරු ආගවීමක් සිදු කළා. තව දුරටත් ඔහු වෛරය තුලින් මේ රටට ලැබෙන කිසි දෙයක් නැති බවත් කියා සිටියා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය, ක්‍රිස් මින්ස් ජාතිවාදී නාසි මතවාදය නීති විරෝධී කිරීම සඳහා ප්‍රාන්තයේ නීති සම්පාදනය කිරීමට ප්‍රතිඥා දුන්නා

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පස්සේ, 2022 දී, නාසි ධජයක් එසවීම හෝ නාසි සංකේත ප්‍රදර්ශනය කිරීම තහනම් කළ දෙවන ප්‍රාන්තය බවට නිව් සවුත් වේල්ස් පත් වුණා

කෙනෙක් එහෙම කළොත්ඩොලර් 100,000 කට වැඩි දඩයක් සමඟ වසරක් දක්වා සිරගත වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්.

NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් මෙම නාසි කණ්ඩායමේ සාමාජිකයින් රාජ්‍ය සේවකයින් බවට පළ වූ වාර්තා පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළා. ඔවුන්ව හඳුනාගැනීම පොලිසියට භාර දෙන බව ප්‍රකාශ කළා.

අන්ත දක්ෂිණාංශික අන්තවාදය පිළිබඳ ස්වාධීන පර්යේෂකයෙකු වන ආචාර්ය Kaz Ross, විශේෂයෙන්ම තරුණයින් එවැනි මතවාදයන් විසින් රැඩිකල්කරණයට ලක්වීම වැළැක්වීම සඳහා ප්‍රජා සහයෝගය ඉතා වැදගත් බව පැවසුවා


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now