රාජකාරී වේලාවෙන් පසුව රාජකාරී කටයුතු සඳහා ඔබව සම්බන්ධ කරගැනීම තහනම්: නව යෝජනවක් පාර්ලිමේන්තුවට

Young employee working late on computer in dark.

Young employee working late on computer Credit: Heath Korvola/Getty Images

රාජකාරී වේලාවෙන් පසුව රාජකාරී කටයුතු සඳහා ඔබව සම්බන්ධ කරගැනීම තහනම් කරමින් පාර්ලිමේන්තුවට නව යෝජනා ඉදිරිපත් කිරීමට යයි.


Fair Work පනත ප්‍රතිසංස්කරණය කිරීමට පාර්ලිමේන්තුව එකඟ වුවහොත් ඕස්ට්‍රේලියාව පුරා සිටින කම්කරුවන්ට තම රාජකාරී වේලාවෙන් පසුව රාජකාරී කටයුතු වලින් ඉවත්ව සිටීමේ අයිතියක් හිමිවනු ඇත.

වෙලාවට නිවෙස්බලා යාමේ දිනය නමින් ඕස්ට්‍රේලියාවේ දිනයක් වෙන්කර ඇති බව ඔබ දනසිටියාද ?

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදක ආයතනයක් වන The Australia Institute විසින් මෙය 2009 යේ දී හඳුන්වා දෙන ලදී. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ, පූර්ණ කාලීන සේවකයන්ගෙන් සියයට 79ක් ඔවුන්ගේ නියමිත වේලාවෙන් පිටත රාජකාරී කටයුතු කර ඇති බව, Australia Institute's Centre for Future Work හි 2022 වාර්තාව මගින් හෙළි දැක්වේ.

The Centre for Future Work වාර්තාවට අනුව මිනිසුන් අතිකාල වැඩ කිරීමට වඩාත් පොදු හේතුව ඔවුන් මත පැටවී ඇති අධික වැඩ කොටසයි
The Centre for Future Work Report
නොගෙවූ අතිකාල පිළිබඳ සමීක්ෂණයක් ගෙනහැර දක්වමින් මෙම ආයතනය විසින් සිය පර්යේෂණ වාර්තාව නිකුත් කර තිබේ. වැටුප් නොගෙවන අතිකාල රාජකාරී ප්‍රතික්ෂේප කිරීමට සේවකයින්ට ඇති අයිතිය පිලිබඳ වැඩිදුර සාකච්චා පර්ලිමෙන්තුවීදී සාකච්චාවට ගැනීමට නියමිතයි. මෙහිදී අතිකාල රාජකාරි ප්‍රතික්ෂේප කිරීම් වලට අමතරව තම සේවා වැඩමුරයෙන් අනතුරුව සේවා වගකීම් වලින් මිදී කාලය ගතකිරීමට සේවකයින්ට ඇති අයිතිය පිලිබඳ කාරණා සංවාදයට ගැනීමට නියමිතයි.

මෙහිදී සේවා වගකීම් වලින් මිදීම යනුවෙන් අදහස් කරනුයේ තම රාජකාරි වෙලාව නිමාවූ පසු රාජකාරියට සම්බන්ද දුරකථන ඇමතුම්,email පණිවිඩ ඇතුළු කිසියම් හෝ ඩිජිටල් මාද්‍ය සන්නිවේදනවලින් බැහැර වී සිටීමයි.

An office worker sits working in an empty office
An office worker working overtime Credit: Dimitri Otis/Getty Images

සේවා වගකීම් වලින් ඉවත් වීමට ඇති අයිතිය යනු කුමක්ද?

Right to Disconnect යනුවෙන් හදුන්වන මෙම සංකල්පය මුලින්ම ප්‍රංශයේ 2017 වසරේදී හඳුන්වාදෙන ලදී. වැඩ කරන වේලාවෙන් පිටතදී රාජකාරියට සම්බන්ධ දුරකථනවලට පිළිතුරු නොදීම හේතුවෙන් සේවකයන්ට දඬුවම් කිරීම නවතාලීම මෙහි ප්‍රදාන අරමුණ විය. ඉන් පසුව ස්පාඤ්ඤය අයර්ලන්තය ඇතුළු රටවල් 20 මෙය නීතිගත කර තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය ඇතුළු සමහර ඕස්ට්‍රේලියානු සේවා ස්ථාන වල මෙය ප්‍රතිපත්තියක් ලෙස දැනටමත් ක්‍රියාත්මක වනවා.කෙසේ උවත් බොහෝමයක් රාජ්‍ය ආයතනවල නම් තත්වය මීට වඩා වෙනස්.

2024-02-06_17-21-55.png

මෙමගින් ඕස්ට්‍රේලියානුවන්ට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

  • ජීවිතයේ සමබරතාවයක් ඇතිකර ගත හැකිවීම.
  • රැකියාව හේතුවෙන් ඇතිවන ආතති තත්වය මගහරවා ගැනීමට හැකිවීම.
  • මානසික උද්ධීපනයක් ඇතිවීම.
  • පුද්ගලික ජීවිතය තුල ඉතා ඵලදායී කාලයක් ගත කිරීමට ලැබීම.
මෙය ඉතා ඵලදායී ක්‍රමයක් වනු ඇති බව සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙක් විශ්වාස කරයි.

ඕස්ට්‍රේලියානු මානව සම්පත් ආයතනයේ පර්යේෂන වලට අනුව මෙවැනි නීතියක් හෝ ප්‍රතිපත්තියක් ගෙන ඒම සේවකයින් ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව සේවා යෝජකයින්ගෙන් සියයට 64ක් විශ්වාස කරන බව වාර්තා වේ.





Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service