Dating Apps හරහා සිදුවන ලිංගික හිංසනයන් මැඩලීමට ඕස්ට්‍රේලියාවෙන් නව ආචාරධර්ම පද්ධතියක්.

Crowd of faces on discs, a woman being lifted out

Credit: Dimitri Otis/Getty Images

සහකරුවකු හෝ සහකාරියක සොයාගැනීමට ඕස්ට්‍රේලියාවේදී භාවිතා වන ජනප්‍රියතම ක්‍රමවේදය Dating Apps භාවිතාව බව සන්නිවේදන කටයුතු අමාත්‍ය Michelle Rowland පවසා සිටී. කෙසේ උවත් මෙම Dating Apps භාවිතා කරන සෑම හතර දෙනෙකුගෙන් තුන්දෙනෙක්ම ලිංගික හිංසනයන්ට මුහුණ දීමට සිදුවී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් මෙම apps භාවිතා කරන්නන්ට නව නීති හඳුන්වා දීමට කටයුතු කර තිබේ.


ඔස්ට්‍රේලියාව තුල සහකරුවකු හෝ සහකාරියක සොයාගැනීම සඳහා Dating Apps භාවිතා කරන තම පාරිශීලකයින් ගේ ආරක්ෂාව සම්බන්දයෙන් කැපවන බවට Dating Apps ආයතන ප්‍රකාශ කර ඇත.

ලිංගික හිරිහැර කිරීම් , මෙන්ම අපවාදාත්මක සහ තර්ජනාත්මක ලෙස ආමන්ත්‍රණය කිරීම් සහ අනවශ්‍ය ලිංගික ඡායා රූප භාවිතාව වැනි ක්‍රියාවන් මෙම dating apps හරහා බහුල වශයෙන් සිදුවේ

Tinder, Hinge, Bumble, Grindr, RSVP and eHarmony යන ආයතන මේ ආකාරයට Dating Apps භාවිතා කරන්නන් ආරක්ෂාකිරීමට ඔස්ට්‍රේලියාව විසින් හඳුන්වා දී ඇති ලොව ප්‍රමුඛ පෙලේ ආචාරධර්ම පද්දතියක් අනුගමනය කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.

දශකයකට පමණ කාලයක් පුරාවට මෙම අන්තර්ජාල සේවාවන් සඳහා අවශ්‍ය නීති සකස් වී නොමැති අතර මේ හේතුවෙන් එම සේවාවන් ලබා ගන්නා අයගේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු පැ නැගී ඇති බව සන්නිවේදන කටයුතු අමාත්‍ය Michelle Rowland පවසා සිටී. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් අදාළ සේවා සපයන ආයතන සඳහා ලොව ප්‍රමුඛ පෙලේ අචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇති බව ඇය වැඩිදුරටත් පවසා සිටී.

ලිංගික හිරිහැර කිරීම් , මෙන්ම අපවාදාත්මක සහ තර්ජනාත්මක ලෙස ආමන්ත්‍රණය කිරීම් සහ අනවශ්‍ය ලිංගික ඡායා රූප භාවිතාව වැනි ක්‍රියාවන් මෙම dating apps හරහා බහුල වශයෙන් සිදුවන බව වාර්තා වේ.

Dating Apps සඳහා වන මෙම නව නීති මොනවාද?
  • Dating Apps ආයතන විසින් පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන අතර ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ.
  • පැමිණිලි විදිමත්ම යොමුකිරීම සඳහා ක්‍රම වේදයක්, නීති කඩ කරන පුද්ගලයින් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සහ එවැනි පුද්ගලයින්ගේ ගිණුම් අත්හිටුවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම සිදුවේ.
  • නීති කඩකිරීම හේතුවෙන් අක්‍රීය කරනලද ඕස්ට්‍රේලියාවේ ගිණුම් සම්බන්ද වාර්තාවක් විනිවිද භාවයකින් යුතුව නිකුත් කිරීම අවශ්‍ය වේ.
මේ ආකාරයෙන් නව ආචාරධර්ම පද්දතියක් හඳුන්වා දීමට හේතු මොනවාද?

පසුගිය වසරේ dating apps භාවිතාව හා එහි ආරක්ෂාව පිළිබඳව විශේෂඥයන් ගණනාවක් අදාළ සේවා සපයන ආයතන සමග එකතු වී වර්තමානයේ පවතින ගැටළු සම්බන්දව සාකච්චා කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නව අචාරධර්ම පද්දතිය හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙහිදී මෙම අචාරධර්ම පිළිපැදීම විමර්ශනයට සහ අදාළ ආයතන සම්බන්ද තීරණ ගැනීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමටද කටයුතු කර ඇත.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now