Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නව ඉන්ධන නීති මගින් ඕස්ට්‍රේලියානුවන් ඩොලර් දහස් ගණනක් ඉතිරි කර ගන්නේ මෙහෙමයි

A man pumps petrol at a service station

A man pumps petrol at a service station Source: AAP

ඕස්ට්‍රේලියාවේ වාහන හිමිකරුවන්ට වසරකට $1000 ක් පමණ ඉතුරු කරගත හැකිවන නව නීති ගෙන එන්න රජය කටයුතු කර තිබේ. මෙම නීති හදුන්වා දීමත් සමග කාබන් විමෝචනය අඩු හෝ ශූන්‍ය වාහන සහන දායී මිලට වැඩි වශයෙන් වෙළඳ පොලට එකතුවනු ඇති බව විස්වාස කෙරේ.


ඕස්ට්‍රේලියාවේ යෝජිත වාහන කාර්යක්ෂමතා ප්‍රමිතීන් නිසා නව මෝටර් රථ ගැනුම්කරුවන්ට වඩාත් දැරිය හැකි මිලකට වාහන ලබා ගැනීමට හැකිවනු ඇති බව අපේක්ෂා කරයි. ශුන්‍ය විමෝචන එනම් zero-emission වාහන වෙළඳපොළට ගෙන ඒමට සමාගම් දිරිමත් කිරීම මඟින් පාරිභෝගිකයින්ට වාහනයක් තෝරාගැනීමට වැඩි අවස්ථාවක් ලබා දීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මේ නිසා ඕස්ට්‍රේලියාවේ රියදුරන්ට වසරකට ඩොලර් 1,000 ක පමණ ඉන්ධන ඉතිරියක් ලබාගැනීමට හැකියාවක් පවතින බව වාර්තා වේ.

කාබන් විමෝචන ප්‍රමිතීන් හඳුන්වා දීමත් සමග ඕස්ට්‍රේලියාව අවසානයේ ලෝකයේ මෙම නීති හඳුන්වා දුන් රටවල් අතරට එකතු වේ. මධ්‍යම රජය හදුන්වා දුන් මෙම නව කාබන් විමෝචන නීති සමගින් රථ වාහන මිලදීගන්නන්ට වාහන තෝරා ගැනීමේ අවස්ථා පුළුල් කිරීමක් සිදු වේ.

මෙහිදී වාහන වෙළඳපොල තුල තරඟකාරීව සහ සහන මිලගණන් යටතේ කාබන් විමෝචනය නැති වාහන ගෙන්වීමට සමාගම් දිරිමත් කිරීමට රජය බලාපොරොත්තු වේ.

ඇමරිකානු කාබන් විමෝචන තත්වයන් අනුගමනය කරමින් ඔස්ට්‍රේලියාව මෙම නව නීති හදුන්වා දී තිබේ. එහිදී ඉන්දන කාර්යක්ෂම තාවයෙන් ඉහල වාහන සඳහා නිෂ්පාදකයින් වැඩි වශයෙන් ආයෝජනයට පෙළඹවීමට බලා පොරොත්තු වේ. ඉන්ධන පරිභෝජනය අධික වාහන සහ කාබන් විමෝචනය ශූන්‍ය හෝ අවම වාහන අලෙවිය සමතුලිත කිරීමද මෙම නීති මගින් අපේක්ෂා කරයි.

මේ වන විට විමෝචන ප්‍රමිතියක් නොමැති දියුණු ආර්ථිකයන් ලෙස පවතින්නේ ඔස්ට්‍රේලියාව හා රුසියාව පමණයි

මෙයින් මිනිසුන්ට තමන් ගතයුත්තේ කුමන වර්ගයේ වහනයක්ද යන්න බල කිරීමක් සිදු නොකරන බවත් මෙයින් සිදු වන්නේ පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය වහනය තෝරා ගැනීම සඳහා වැඩි අවස්ථාවන් ලබා දීම බවත් ප්‍රවාහන අමාත්‍ය Catherine King මහත්මිය පවසා සිටී.

 

ඇමරිකාවේ අලුතින් අලෙවිවන වාහන ඕස්ට්‍රේලියාවේ වාහන වලට වඩා සියයට 20කින් පමණ ඉන්ධන ඉතුරු කිරීමක් සිදු කරන බව වාර්තා වනවා.

රියදුරන්ට මෙම ක්‍රමවේදය මගින් වසරකට $ 1000ක් පමණ ඉතුරු කරගැනීමට හැකිවන අතර වාහනයේ ආයු කාලය පුරාවට ඩොලර් 17,000 ක් ඉතිරි කර ගැනීමට හැකිවන බව රජයේ විස්වාසයයි.

මේ හරහා ඔස්ට්‍රේලියාව 2028 දී ඇමරිකානු කාබන් විමෝචන තත්වයන්ට සමවීමට බලාපොරොත්තු වේ.

මෙමගින් කාබන් විමෝචනය ටොන් මිලියන 369 කින් අඩු කරන අතර 2050 වන විට වාතයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමෙන් ඩොලර් බිලියන 5 ක සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙනු ඇති බව විශ්වාස කෙරේ

රවාහන අංශය ඕස්ට්‍රේලියාවේ විමෝචනයෙන් සියයට 21 ක් වේ. මෝටර් රථ සංගම් මේ සම්බන්ධ තම එකඟතාවය පල කර තිබේ. හොඳම සහ ලාභම විද්‍යුත් වාහන සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සැමවිටම පිටුපසින් සිටින බව ප්‍රධාන විධායක Behyad Jafari පවසා සිටී.

මේ තත්වය ඉක්මනින්ම වෙනස් විය යුතු අතර ඔස්ට්‍රෙලියාවත් ඉන්ධන ප්‍රතිපත්ති සම්බන්දයෙන් ඇමරිකාව අනුගමනය කල ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු බව ජාතික මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ සංගමය පවසා සිටී.

සාමාන්‍ය ක්‍රමවේද තුලින් ඕස්ට්‍රේලියානුවන්ට තාක්ෂණයේ දියුණුව නිසා ඇතිවන වාසිය ලබා ගැනීමට නොහැකි වන බව මෙම සංගමයේ ප්‍රධාන විධායක Rohan Lund පවසා තිබේ. 2025 දී අධික ලෙස කාබන් විමෝචනය වන වාහන තහනම් කිරීමෙන් පසුව මෙම නව විමෝචන ප්‍රමිතීන් හදුන්වා දීමට බලා පොරොත්තු වේ.

මෙහිදී වාහන නිපදවන සමාගම් වලට Euro 6d noxious යන විමෝචන ප්‍රමිතීන් වලට අනුගත වීමට සිදු වේ. මෙම විමෝචන ප්‍රමිතීන් මේ වනවිතත් යුරෝපය, එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව ඇතුළු බොහෝ ප්‍රධාන මෝටර් රථ වෙලඳපොලවල් විසින් සම්මත කර ඇත.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now