ඕස්ට්‍රේලියාවේ ගෙවල් මිලදී ගන්න විදේශිකයින්ට නව නීති: ගෙවල් අරන් නිකන් තිබ්බොත් ලොකු දඩයක්

HOUSE PRICES STOCK

Residential housing in Australia Source: AAP / DAN HIMBRECHTS/AAPIMAGE

ඕස්ට්‍රේලියානුවන් වර්තමානයේ දැඩි නිවාස අර්බුදයකට මුහුණ දීල තිබෙනවා. නිවාස මිලගණන් ඉතා ඉහල ගොස්තිබෙනවා වගේම කුලීනිවස සොයාගැනීමේ දැඩි අර්බුදයකටද ඕස්ට්‍රේලියානු ජනතාව පත්වෙලා ඉන්නවා. මේ සම්බන්ධයෙන් විසදුම් සොයන රජයේ වැඩපිළිවෙල යටතේ විදෙස් ආයෝජකයින් සඳහා නව නීති පැනවීමට වර්තමාන Labour රජය කටයුතු කර තිබේ.


ඕස්ට්‍රේලියාවේ නිවාස ප්‍රමාණය ඉහළ නැංවීමට සහ ඕස්ට්‍රේලියානුවන් සඳහා වැඩි නිවාස ප්‍රමාණයක් වෙන්කිරීමට නව විදේශ ආයෝජන ප්‍රතිපත්ති සකස් කිරීමට Labour රජය කටයුතු කරමින් සිටී.

ස්ථාපිත නිවාස මිලදී ගැනීම සඳහා ඉහළ ගාස්තු සහ දේපල හිස්ව තබන අය සඳහා දඩ මුදල් වැඩි කිරීම වැනි නව ක්‍රමවේද හදුන්වා දී තිබේ. මෙහිදී නිවාස හා දේපල ක්ෂේශ්ත්‍රයට ලැබෙන විදෙස් ආයෝජන මෙරට ජාතික අවශ්‍යතාවයන්ට සරිලන අයුරින් යොදා ගත හැකිවේ.

කුලියට දීම සඳහා කෙරෙන විදෙස් ආයෝජන වල අයදුම්පත්‍ර ගාස්තුද කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ නිවාස ක්ෂේශ්ත්‍රයට එකතු වන නිවාස ප්‍රමාණය ඉහල යනු ඇතැයි විස්වාස කෙරේ.

The Foreign Acquisitions and Takeovers Fees Imposition Amendment Bill 2024 ලෙස මෙම නව පනත හැඳින්වේ. දැරිය හැකි මිලකට නිවාස ලබාදීම සහ පවතින නිවාස සැපයුම ඉහළ නැංවීම සඳහා වන රජයේ න්‍යාය පත්‍රය සමඟ මෙරටට ලැබෙන විදේශ ආයෝජන සමපාත වන බවට සහතිකවීම මෙම නව පනත මගින් සිදුවේ.

මාධ්‍ය වාර්ෂික ආර්ථික පුරෝකථන වාර්තාවට අනුව මේ සම්බන්ද කාරනා කිහිපයක් යෝජනා වී තිබේ.

  • ඉදිකළ නිවාස මිලදීගනීමෙදී විදෙස් ආයෝජකයින් සඳහා වන ගාස්තුව තුන්ගුණයකින් ඉහල දැමීම සිදුකර තිබේ.
  • 2017 මැයි 9 සිට විදේශිකන් විසින් මිලදී ගෙන පුරප්පාඩු වී තිබෙන සියලුම නිවාස සඳහා ගාස්තු දෙගුණ කර තිබෙනවා.
    අනාගතයේ මෙසේ පුරප්පාඩුව තබන නිවාස සඳහා වන ගාස්තුව හය ගුණයකින් වීමක් සිදුවේ

දැරිය හැකි මිලකට නිවාස ලබාදීම සහ නිවාස සැපයුම වැඩිකිරීම සඳහා වන Albanese රජයේ පුළුල් න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස මෙම නව වෙනස් කම් හදුන්වා දිය හැකිවේ. රජයේ මෙම න්‍යාය පත්‍රයට ඩොලර් බිලියන තුනක නව නිවාස දීමනා, ඩොලර් බිලියන 2 ක සමාජ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති සහ ඩොලර් බිලියන 10 ක Housing Australia Future Fund වැනි විසදුම් ඇතුලත් වේ.

සාමාන්‍යයෙන් විදෙස් ආයෝජකයින්ට ඕස්ට්‍රේලියාවේ ඉදිකළ නිවාස මිලදී ගැනීම තහනම් වන අතර ඕස්ට්‍රේලියාවේ රැකියා හෝ අධ්‍යාපනය සඳහා පැමිණීමේදී වැනි ඉතා සීමිත අවස්ථා කිහිපයකදී පමණක් මෙසේ නිවසක් මිලදී ගැනීමේ අවස්තාව උදා කර දී තිබේ. කෙසේ උවත් ඔවුන් පුරවැසිභාවය ලබා නොගෙන ඕස්ට්‍රේලියාවෙන් පිටව යන්නේ නම් මෙම නිවාස විකිනීමට ඔවුන්ට සිදුවේ.

 

මෙම නව නීති මගින් විදෙස් ආයෝජකයින්ට නව නිවාස ඉදිකිරීමට තවදුරටත් උනන්දු කිරීමක් සිදුවේ.

General view of housing in Sydney, Friday, Dec. 9, 2016. Home loan approval numbers fell 0.8 per cent in October, a slightly smaller fall than the 1.0 per cent decline the market expected. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING
Source: AAP

මෙහිදී ආර්ථිකයට විශේෂ වාසි කිහිපයක් සැලසේ.

  • නව නිවාස ඉදිකිරීමේ වියපෘති සඳහා ආයෝජනය කිරීමට විදේශීය ගැනුම්කරුවන් දිරිමත් කිරීමක් මෙයින් සිදුවේ. මෙය රටතුල අතිරේක නිවාස ප්‍රමාණයක් නිර්මාණය කිරීමට හේතුවනවා. එසේම ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා සහ ආර්ථික වර්ධනයට ද මෙය හේතුවක් වේ.
  • හිස්ව තබන නිවාස සඳහා ගාස්තු වැඩිකිරීම මගින් විදේශීය ආයෝජකයින් ඔවුන්ගේ භාවිතයට නොගත් දේපල කුලී නිවැසියන්ට ලබා දීමට කටයුතු කරනවා. මෙයින් කුලීනිවාස මිල ගණන් පහල යාමට හැකියාවක් පවතී.

එමගින් වර්තමානයේ ඔස්ට්‍රේලියාව පුරා පවතින නිවාස අර්බුදයටද විසදුම් ලැබෙනු ඇති බවට රජය බලාපොරොත්තු වේ.

**********************************************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

ගුවන් විදුලියෙන්

97.7 Fm NSW

93.1 Fm VIC

93.3 Fm QLD

96.9fm WA

105.5 Fm ACT

105.7 Fm TAS

106.3 Fm SA

100.9 Fm NT

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now