Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ අලෙවිවන ළදරු අහාර වල ප්‍රමිතිය සම්බන්දයෙන් අලුත්ම හෙළිදරව්වක්.

H5N1 (16).png

Source: Getty / Chris Tobin

ඕස්ට්‍රේලියාවේ ළදරුවන් සහ කුඩා ළමුන් සඳහා ලබාදෙන වෙළඳපොලේ මිලදීගැනීමට ඇති ආහාර අන්තර්ජාතික පෝෂණ ප්‍රමිතීන්ට අනුව සකස්කළ ඒවා නොවන බවට වාර්තා වේ. මීට අමතරව මෙවැනි ආහාර අලෙවිය සඳහා විවිද ව්‍යාජ වෙළඳ ප්‍රචාරණ උපක්‍රම භාවිතා කිරීම තහනම් කිරීමට කටයුතු කලයුතු බවටද යෝජනා වී තිබේ.


Published

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ ළදරුවන් සහ කුඩා ළමුන් සඳහා ලබාදෙන වෙළඳපොලේ මිලදීගැනීමට ඇති ආහාර අන්තර්ජාතික පෝෂණ ප්‍රමිතීන්ට අනුව සකස්කළ ඒවා නොවන බවට වාර්තා වේ. මීට අමතරව මෙවැනි ආහාර අලෙවිය සඳහා විවිද ව්‍යාජ වෙළඳ ප්‍රචාරණ උපක්‍රම භාවිතා කිරීම තහනම් කිරීමට කටයුතු කලයුතු බවටද යෝජනා වී තිබේ.


ළදරුවන් සහ කුඩා ළමුන් සඳහා ඔස්ට්‍රේලියාව තුල අලෙවිවන බොහොමයක් ආහාර නිෂ්පාදන අන්තර්ජාතික පෝෂණ ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා නොමැති බව හෙළිවී ඇත. මේ අතර ව්‍යාජ ලෙස මෙම නිෂ්පාදන වල පෝෂණ තත්වයන් සම්බන්දයෙන් දැන්වීම් පලකිරීමටද මෙම ආයතන කටයුතු කරන බවද වාර්තා වේ.

George Institute for Global Health ආයතනය විසින් ආහාර නිෂ්පාදන 309ක් යොදා සිදුකල පර්යේෂණ වලට අනුව ඉන් හතරෙන් තුනක් නිෂ්පාදන අවශ්‍ය පෝෂණ මට්ටම් සපුරාලීමට අපොහොසත් වී ඇති බව හෙළිකරගෙන තිබේ. අධික සීනි ප්‍රමාණයක් මෙම නිෂ්පාදන වල අඩංගු වීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.

එකතු කළ සීනි නොමැති වීම වැනි ප්‍රකාශ අසුරණයේ සටහන් කර තිබුනද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සීනි ප්‍රමාන භාවිතා කර ඇත්තේ අධ්‍යයනය සඳහා යොදාගත් නිෂ්පාදන වලින් අඩක් පමණක් බවද හෙළිවී ඇත.

මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නිෂ්පාදන සඳහා ප්‍රචාරණ කටයුතු සිදු නොවන බවද හෙළිවී ඇත. අධ්‍යයනයට භාජනය කල සියලුම නිෂ්පාදන වල එකතු කළ සීනි නොමැති වීම, කාබනික වීම හෝ වර්ණ හා රසයන්ගෙන් තොර වීම වැනි ප්‍රකාශ මත පදනම් වූ දැන්වීම් පල කිරීම් සිදු කලද එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිසි ප්‍රමිතීන්ට අනුකූලව සිදු නොවන බවද මෙම වාර්තාව හෙළිකර ඇත.

ළමුන් තුල පවතින අධික තරබාරුව හේතුවෙන් ඇතිවන රෝග ඉහල යාම නිසා ආහාර පිලිබඳ නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු අමාත්‍යවරුන් හමුවී ළදරු ආහාර වල පෝෂණ ගුණාත්මක භාවය ඉහල නැංවීම පිළිබඳව සාකච්චා කර ඇත. කෙසේ උවත් අධික සීනි ප්‍රමාණයක් සහිත ආහාර අනුභවය තුලින් පැණිරස ආහාර ගැනීම සඳහා ළමුන් හුරුවීම නිසා පසුකාලීනව ඔවුන් විවිධ රෝග වලට ගොදුරුවන බව මෙම පර්යේෂණයේ ප්‍රධානියා සඳහන් කර ඇත.

කුඩා අසුරණයන් වල බහා ළදරුවන් සහ කුඩා ළමුන් සඳහා අලෙවිකරණ ආහාර නිෂ්පාදන (Pouches) එකතු කළ සීනි නොමැති වීම වැනි ප්‍රකාශ අසුරණයේ සටහන් කර තිබුනද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සීනි ප්‍රමාන භාවිතා කර ඇත්තේ අධ්‍යයනය සඳහා යොදාගත් නිෂ්පාදන වලින් අඩක් පමණක් බවද හෙළිවී ඇත.

තරබාරුකමට සහ දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා ඇතුළු ඒ ආශ්‍රිත රෝගවලට සීනි වල ඇති සම්බන්ධය සැලකිල්ලට ගෙන, ප්‍රතිපත්ති සම්පාදකයින් එවැනි නිෂ්පාදනවලට කොපමණ සීනි ප්‍රමාණයක් ඇතුළත් කළ හැකිද යන්න සීමා කළ යුතු බව පර්යේෂකයෝ පවසා සිටී.

මීට අමතරව එකතු කළ සීනි නොමැති වීම, කාබනික වීම හෝ වර්ණ හා රසයන්ගෙන් තොර වීම වැනි ප්‍රකාශ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගැනීම මෙන්ම අසුරන වල සටහන් කිරීම වැනි කාරනා සඳහා නව නීති රෙගුලාසි හඳුන්වා දිය යුතු බවද යෝජනා වී ඇත.

ළදරු අවධියේ සිට නිදන්ගත රෝග වල ප්‍රධාන හේතූන් මැඩපැවැත්වීම සඳහා වඩාත් පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය බවත් අනාගත පරම්පරාවේ සෞඛ්‍යය එය මත රඳා පවතින බවත් පර්යේෂකයින් මෙහිදී අවධාරණය කර සිටී.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now