විදෙස් රියදුරු බලපත්‍ර හිමි සියලු දෙනා සඳහාම NSW ප්‍රාන්ත රියදුරු බලපත්‍රය අනිවාර්ය කිරීමට NSW රජය තීරණය කර තිබේ. මෙහිදී 2023 වසරේ ජූලි පළමු වනදායින් පසුව NSW ප්‍රාන්තයට පැමිණි අයවලුන් සඳහා පමණක් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට මින් පෙර යෝජනා වී තිබුනද මෙය සියලුම විදෙස් ගමන් බලපත්‍ර හිමියන් සඳහා ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.
ඔස්ට්‍රේලියාවට තාවකාලික වීසා මත පැමිණෙන අය සඳහා බොහෝ ප්‍රාන්තවල කිසිදු තනමකින් තොරව රිය පැදවීමේ අවස්තාව හිමි වෙනවා. මෙහිදී NT රජය සහ VIC රජය මෙසම්බන්ද නීති පැනවීමට මින් පෙර තීරණය කර තිබිණි.
NSW රජය මේ සම්බන්දයෙන් නීති සැකසීමක් කිරීමට යෝජනා කර තිබුනේ 2023 වසරේ ජූලි 1 වනදායින් පසුව NSW ප්‍රාන්තයට තාවකාලික විසා මත පැමිණෙන අය සඳහා පමණක් NSW රියදුරු බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය කරමිනි. කෙසේ උවත් මෙහිදී මෙම නීතියේ පවතින අඩුපාඩුකම් භාවිතා කරමින් රියදුරන් මාර්ග ආශ්‍රිත වැරදි සිදුකිරීම හේතුවෙන් මෙම නව තීරණය ගෙන තිබේ.
විදෙස් රියදුරු බලපත්‍රයකින් රිය පදවන එක් රියදුරකු හට දඬුවම් ලකුණු 35ක් එකතු වී තිබුනද තම රියදුරු බලපත්‍රය අවලංගු වීමකින් තොරව රිය ධාවනයට කල අවස්තාවක් වාර්තා වේ
මින් පෙර තිබූ තත්වය අනුව විදෙස් රියදුරු බලපත්‍රයකින් රියපදවන අය සිදුකරන වැරදි සඳහා දඬුවම් ලකුණු රියදුරු බලපත්‍රයට එකතු වීමක් සිදු නොවේ. මේ හේතුවෙන් මේ ආකාරයට මාර්ග වැරදි සිදුකරන රියදුරන්ට රියදුරු බලපත්‍රය අවලංගු වීමකින් තොරව පවත්වාගෙන යාමට අවස්තාව හිමිවේ.
මෙහිදී පවතින නීතිමය තත්වය තුල මෙම විදෙස් රියදුරු බලපත්‍ර හිමියන් ගේ බලපත්‍ර අවලංගු කිරීමට බලධාරීන්ට හැකියාවක් නොපවතී.
මෙසේ විදෙස් රියදුරු බලපත්‍රයකින් රිය පදවන එක රියදුරකු හට දඬුවම් ලකුණු 35ක් එකතු වී තිබුනද තම රියදුරු බලපත්‍රය අවලංගු වීමකින් තොරව රිය ධාවනයට අවස්තාව හිමිවී තිබේ. මෙය NSW ප්‍රාන්තයේ අනෙකුත් රියදුරන්ට සිතාගැනීමටවත් නොහැකි තත්වයකි.
විදෙස් රියදුරු බලපත්‍ර හිමි රියදුරන් හේතුවෙන් 2018 සිට 2022 අතර වසර පහක කාලය තුල මාරාන්තික රිය අනතුරු 23ක් සහ බරපතල තුවාල සහිත රිය අනතුරු 468ක් NSW මාර්ග වලදී සිදුවී තිබේ.
මෙම නව නීතිය අනුව 2023 ජූලි පලමුවනදාට ප්‍රථමයෙන් NSW ප්‍රාන්තයට පැමිණි අය සඳහා NSW ප්‍රාන්ත රියදුරු බලපත්‍රය ලබාගැනීමට මාස 12ක කාලයක් හිමි වේ. මෙහිදී මෙම පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් ඇතිවන තදබදය අවම කිරීම සඳහා නව මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටද NSW රජය කටයුතු කරමින් සිටී. මේ අනුව සියලුම විදෙස් රියදුරු බලපත්‍ර හිමියන්ට නව නීතිය අනුව NSW ප්‍රාන්තයේ රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා පරීක්ෂණයකට යොමු වීමට සිදුවේ.






