සිල්ලර භාණ්ඩ බිල්පත් අගය අඩුම ප්‍රාන්තය නොදර්න් ටෙරිටරියයි, වැඩිම අගය ටස්මේනියාවෙන්: වාර්තාවක් කියයි

The Cost of Healthy Eating

Shoppers point of view of supermarket receipt and trolley in the fruit and vegetable section. (Details Blurred.) Credit: John Lamb/Getty Images

ඔබ වෙළඳපොළෙන් මිල දී ගන්නා බඩු භාණ්ඩවල මිල පෙරට වඩා වැඩි බවක් ඔබට හැඟෙනවා ඇති. පසුගිය වසර තුළ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක සතියක සිල්ලර භාණ්ඩ බිලෙහි සාමාන්‍ය අගය 11% කින් ඉහළ ගොස් ඇති බවත්, එය ඩොලර් 216 සිට ඩොලර් 240 දක්වා වැඩිවීමක් බවත් මෑත කාලීනව කරන ලද Canstar Blue සමීක්ෂණයකින් පෙන්නුම් කරනවා. එම වියදම වසරකට ඩොලර් 12,480ක් දක්වා අගයක් ගන්නා අතර එය 2021දී එවැනි පවුලක් විසින් ගෙවූ මුදලට වඩා ඩොලර් 3,000කට ආසන්න ප්‍රමාණයක ඉහළ යාමක් වනවා. මේ කෙටි විශේෂාංගයේ අවධානය ඒ පිළිබඳවයි.


ඕස්ට්‍රේලියානුවන් 2,800 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම් වූ සමීක්ෂණයේ දී පලතුරු, එළවළු, කිරි සහ බේකරි නිෂ්පාදන, වියලි ආහාර, පාන වර්ග, ශීත කළ ආහාර වැනි සාමාන්‍ය බඩුභාණ්ඩවල මිල නිරීක්ෂණය කර තිබෙනවා.

Canstar Blueහි ප්‍රකාශක ඊඩ්න් රැඩ්ෆර්ඩ් පැවසුවේ ඔවුන් මිලෙහි යම් වැඩිවීමක් අපේක්ෂා කළ නමුත් එය මෙතරම් වේයැයි නොසිතූ බවයි. පාරිභෝගිකයන් වැඩිපුර වියදම් කරන නමුත් වසර කිහිපයකට පෙර පැවති මිලට සාපේක්ෂව අඩු වටිනාකමක් ලබන බව ඔවුන් සිතන බව ද ඇය කියා සිටියා.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව දත්ත අනුව උද්ධමනය තරමක් පහත වැටී ඇති බව පෙන්නුම් කරනවා. එය ජූනි කාර්තුවේ දී 2.4% සිට 2.1% දක්වා අඩු වී තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ මිල ගණන් ඉහළ යමින් පවතින බවත්, වසරක දී වැඩි වන කුඩා අගයක් පවා ඊට එකතු වන බවත් Canstar Blueහි ප්‍රකාශක ඊඩ්න් රැඩ්ෆර්ඩ් කියා සිටියා. මිල ඉහළ ගිය පසු, යළි මිල පහළ යන්නේ කලාතුරකින් බවත්, මිල සාමාන්‍යයෙන් එලෙසම පැවතීම හෝ තවත් ඉහළ යාම සිදු වන බවත් ඇය තවදුරටත් කියා සිටියා.

පසුගිය වසරේ ජූලි සිට මෙම වසරේ ජුනි 30වන දිනෙන් අවසන් වූ වසරක කාලයේ දී, Trimmed mean inflation අගය 2.7%ක් වූ අතර එය පෙර කාර්තුවේ තිබූ අගය වන 2.9% සිට තරමක් අඩු වී තිබෙනවා. සමස්ත මිල ප්‍රවණතා පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දීම සඳහා මිලෙහි දැඩි වෙනස්කම් නොසලකා හරින මිනුම් ක්‍රමයක් ලෙස Trimmed mean inflation හඳුන්වා ගැනීමට පුළුවන්.

උද්ධමන අගයන් තරමක් පහත වැටී ඇතත්, අප මිලදී ගන්නා බොහෝ දේ සඳහා මිල තවමත් ඉහළ යමින් පවතින බවයි Canstar Blue ප්‍රකාශක පවසා සිටියේ.

ඉන්ධන, ගබඩා පහසුකම් සහ ප්‍රවාහනය වැනි පිරිවැය බොහෝ විට සුපිරි වෙළඳසැල්වල ඉහළ මිල ගණන්වලට හේතු වන බව ඇය කියා සිටියේ එම අමතර වියදම් අවසානයේ පාරිභෝගිකයන් විසින් ගෙවන බව අවධාරණය කරමින්.

ඕස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් විසින් භාණ්ඩවල ඉල්ලුම ඉහළ මට්ටමක පවතින විට හෝ සැපයුම අඩු වූ විට අසාධාරණ ලෙස මිල ඉහළ නංවන බවට සමහරු චෝදනා කරනවා.

Coles සහ Woolworths වැනි සුපිරි වෙළඳසැල් ජාල මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, Australian Competition and Consumer Commission වාර්තාවකින් ද එම චෝදනාවලට පක්ෂ කිසිදු සාක්ෂියක් හමු වී නැහැ.

ඔබ ජීවත් වන ප්‍රදේශය ද බඩුභාණ්ඩවල මිලට බලපාන බව CHOICE කණ්ඩායම විසින් කරන ලද වාර්තාවකින් සොයා ගෙන තිබෙනවා.

ප්‍රදේශ 27ක් පුරා සුපිරි වෙළඳසැල් 104ක මිල ගණන් පරීක්ෂා කිරීමෙන් පසු, සිල්ලර බඩුවල මිල ප්‍රාන්තය අනුව වෙනස් වන බව CHOICE සොයා ගෙන තිබෙනවා.

භාණ්ඩ බිල්පත් අගය අඩුම ප්‍රාන්තය නොදර්න් ටෙරිටරිය බවත් මිල වැඩිම ප්‍රාන්තය ටස්මේනියාව බවත් Canstar Blue වාර්තාවක දී හෙළි වී තිබෙනවා.

සිල්ලර බඩුවල මිල ඉහළ යාම නිසා බොහෝ ඕස්ට්‍රේලියානුවන් භාණ්ඩ මිල දී ගැනීමේ රටාව වෙනස් කර ඇති බව Canstar Blue ප්‍රකාශක රැඩ්ෆර්ඩ් කියා සිටියා. පසුගිය වසර පුරා, වැඩි පිරිසක් නැවුම් ආහාර වෙනුවට ශීත කළ ආහාර මිලදී ගැනීමට පටන් ගෙන ඇති අතර, සමහරු උදෑසන සහ රාත්‍රී කාලය වශයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ වේලාවන් නිර්මාණය කරගෙන තිබෙනවා.

බොහෝ දෙනෙක් වඩා හොඳ ගනුදෙනුවකට සෑම සතියකම සුපිරි වෙළඳසැල් කිහිපයකට යන බව ද ඇය පවසා සිටියා. Canstar Blue සමීක්ෂණයේ පුද්ගලයන්ගෙන් 80%ක් පවසා ඇත්තේ වියදම් කළමනාකරණය කිරීම සඳහා ඔවුන්ගේ පුරුදු වෙනස් කර ඇති බවයි. ඉහළ මිල ගණන් අපහසු තත්ත්වයන් නිර්මාණය කළත් විවිධ වෙළඳසල්වලට යාම වැනි විකල්පවලට පෙළඹෙනු දැකීම දිරිගන්වන සුළු බව ඇය තවදුරටත් කියා සිටියා.

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න

Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service