පිහි ඇනීම් හේතුවෙන් සිදුවන අපරාධ මැඩලීමට ඕනෑම අයකු පරීක්ෂා කලහැකි පරිදි NSW පොලිසියට විශේෂ බලතල.

Scene of the crime

A view of a crime scene tape blocking an entrance. Credit: South_agency/Getty Images

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාලව නව නීති සම්මත කර ගැනීමට NSW ප්‍රාන්ත රජය ක්‍රියා කරමින් සිටී. මෙහිදී වරෙන්තුවක් නොමැතිව යම් යම් පොදු ස්ථාන වලදී පිහි හා ලෝහමය තියුණු ආයුධ රැගෙන යන්නන් පරීක්ෂාකිරීමට, ලෝහමය ද්‍රව්‍ය හඳුනාගැනීමට ආරක්ෂක අංශ භාවිතා කරන ස්කෑන් උපකරණ එනම් metal detectors භාවිතා කිරීමේ නීතිමය අවසරය පොලිසිය වෙත හිමිවේ.


ඕස්ට්‍රේලියාව තුල පිහි භාවිතාව සම්බන්දයෙන් විවිද නීති සම්පාදනය වෙමින් පවතී. ඕස්ට්‍රේලියානු නීතියට අනුව කැපෙන සුළු, තියුණු තලයක් සහිත ආයුධයක් ලෙස භාවිතා කළහැකි ඕනෑම උපකරණයක් පිහියක් ලෙස සැලකේ. මෙහිදී කුඩා පිහියක් වන Swiss Army පිහි සහ සෙන්ටිමීටර 10ට අඩු තලයක් සහිත කුඩා පිහි හැරුණු කොට වෙනත් කිසිදු පිහියක් ඕස්ට්‍රේලියාවේ පොදු ස්ථානයකට රැගෙන යාම තහනම් වේ.

එසේම ඔස්ට්‍රේලියාවේදී භාවිතාවන පිහි, තහනම් සහ සීමා පනවා ඇති පිහි ලෙස වර්ග දෙකකට වෙන් කෙරේ.

තහනම් පිහි යනු මිලදී ගැනීමට, භාවිතයට, රැගෙනයාමට හෝ ළඟ තබාගැනීමට තහනම් පිහි වර්ග වේ. මේ සඳහා දෙපැත්තම කැපෙන සේ නිමවා ඇති පිහි කඩු වැනි තියුණු ආයුධ අයත් වේ. මේවා ලඟතබා ගැනීම වසර 14ක් දක්වා සිරගතවිය හැකි වරදක් වේ.
 
පසුගිය කාලය තුල දක්නට ලැබුණු බිහිසුණු පිහිඅනුම් සිදුවීම් තවදුරටත් සමාජය තුල ඇතිවීම වැලක්වීමට මේ ආකාරයට නවනීති සම්පාදනය කලා.
Premier Chris Minns

සීමා පැනවූ පිහි මිලදී ගැනීම සහ භාවිතයට අවසර ඇති අතර පොදු ස්ථානවලට රැගෙන යාම තහනම් වේ. දඩයම් සඳහා භාවිතා වන පිහි, සූපවේදීන් භාවිතාකරන පිහි වැනි දෑ මේ සඳහා අයත් වේ.

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාලව නව නීති සම්මත කර ගැනීමට NSW ප්‍රාන්ත රජය ක්‍රියා කරමින් සිටී. මෙහිදී වරෙන්තුවක් නොමැතිව යම් යම් පොදු ස්ථාන වලදී පිහි හා ලෝහමය තියුණු ආයුධ රැගෙන යන්නන් පරීක්ෂාකිරීමට, ලෝහමය ද්‍රව්‍ය හඳුනාගැනීමට ආරක්ෂක අංශ භාවිතා කරන ස්කෑන් උපකරණ එනම් metal detectors භාවිතා කිරීමේ නීතිමය අවසරය පොලිසිය වෙත හිමිවේ.

තරුණ පරපුර අතර පිහි සහ තියුණු ආයුධ භාවිතාව අවම කිරීම සහ පිහි ඇනුම් ආශ්‍රිතව සිදුවන අපරාධ අවමකිරීම මේ ආකාරයේ නව නීති ගෙන ඒම හරහා අපේක්ෂා කෙරේ. මෙහිදී 2019 වසරේදී කුවීන්ස්ලන්ත ප්‍රාන්ත රජය විසින් Jack's Law ලෙසින් මෙවැනි නීතියක් සම්මත කරගැනීමට කටයුතු කර ඇත. වයස අවුරුදු 17ක් වන Jack Beasley පිහි ඇනුමක් හේතුවෙන් මියයාමෙන් පසුව මෙම නීති සම්පාදනයට කුවීන්ස්ලන්ත ප්‍රාන්ත රජය කටයුතු කර ඇත.

නව නීති ප්‍රතිපාදන යටතේ, සහකාර කොමසාරිස් හෝ ඊට ඉහළ නිලයක් දරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට මෙම නීති හරහා සඳහන් කර ඇති ස්ථාන තුල මෙම සෝදිසි කිරීමේ බලතල ක්‍රියාත්මක කළ හැකිය.

එම ස්ථාන පහත පරිදි වේ.
  • පොදු ප්‍රවාහන ස්ථාන සහ ඒ අවට ස්ථාන.
  • ස්ථිර ගමනාන්ත දෙකක් අතර දිවෙන පොදු ප්‍රවාහන රථ
  • සාප්පු සංකීර්ණ සහ ඒ අවට ප්‍රදේශ
  • ඇතැම් ක්‍රීඩා පිටි සහ ඒ අවට ප්‍රදේශ
  • රාත්‍රී උත්සව පවත්වන ස්ථාන වැනි විවිද සැණකෙළි පැවැත්වෙන ස්ථාන.
මෙහිදී කුවීන්ස්ලන්ත Jack's නීතියට සාපේක්ෂව NSW පොලිසිය සඳහා විවිද ස්ථාන වලදී පුද්ගලයින් සෝදිසි කිරීම සඳහා බලය හිමිවේ. මෙම සෝදිසි කිරීමේ නීතිය පැය 12ක් පුරාවට ක්‍රියාත්මක කිරීමට බලය හිමිවන අතර අවශ්‍ය අවස්ථාවලදී එම කාලය දීර්ග කිරීමේ බලතලද ලබා දී තිබේ.

මෙහිදී ලෝහ අනාවරක උපකරණ එනම් metal detectors යොදාගනිමින් මෙවැනි ස්ථාන වලදී ඕනෑම පුද්ගලයකු සෝදිසි කිරීමේ බලය පොලිසියට හිමිවන අතර මෙහිදී පොලිසියේ රාජකාරී කටයුතු වලට බදා කිරීමක් සිදු උවහොත් එහිදී $5500ක උපරිම දඩයකට යටත් වීමේ හැකියාවක් පවතී.

මේ අතර පසුගිය මාස 12 ඇතුලත පිහි ඇනුම් ආශ්‍රිත සිදුවීමක් ඇතිවී තිබෙන ප්‍රදේශවල මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය හිමි වේ. මේ අනුව පහත සඳහන් ප්‍රදේශ මෙයට ඇතුලත් වේ.
  • පිහි හා සම්බන්ද එක අපරාධයක් හෝ සිදුවී ඇති ප්‍රදේශ,
  • ප්‍රචණ්ඩත්වය සම්බන්ධ බරපතල චෝදනා කළ හැකි වරදක් සිදුවී ඇති ප්‍රදේශ
  • නීත්‍යානු කූල නොවන ලෙස පිහි හෝ තහනම් ආයුද ලන්ගතබාගෙන හසු වී ඇති ප්‍රදේශ
මීට අමතරව වයස අවුරුදු 18ට අඩු අය සඳහා පිහි විකිණීමද නීතියෙන් තහනම් කිරීමට NSW රජය කටයුතු කර තිබේ. තවද නීත්‍යානුකූල නොවන ලෙස පිහි විකුණා ඇති අය සඳහා වන දඩ මුදලද ඉහල දැමීමට කටයුතු අර ඇති බව වාර්තා වේ.

පිහි ඇනුම් ආශ්‍රිත අපරාධ අවම කිරීමට NSW රජය පසුගිය කාලයේ ක්‍රියාත්මක කල නව නීති සහ ක්‍රියාකාරකම් පහත පරිදි වේ.

  • පිහි ආශ්‍රිත අපරාධ සඳහා වන දඩ මුදල් දෙගුණ කිරීම.
  • ගිනි අවි, පිහි සහ වෙනත් ආයුධ වැරදි සඳහා දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් NSW Sentencing Council මගින් අඛණ්ඩ සමාලෝචන සිදු කිරීම.
  • නීත්‍යානුකූල නොවන ආකාරයට පිහි හෝ තියුණු ආයුධ ළඟ තබාගනන් සොයා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ. පසුගිය වසරේ පමණක් අනවසරයෙන් ළඟ තබාගත් පිහි 4000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය කාලය තුල දක්නට ලැබුණු බිහිසුණු පිහිඅනුම් සිදුවීම් තවදුරටත් සමාජය තුල ඇතිවීම වැලක්වීමට මේ ආකාරයට නවනීති සම්පාදනය කල බව NSW ප්‍රාන්ත අමාත්‍ය ක්‍රිස් මින්ස් පවසා සිටී. මෙවැනි බිහිසුණු අපරාද මැඩලීමට සහ NSW හි මහජන ආරක්ෂාව තර කිරීමට තම රජය කැපවී සිටින බවද ප්‍රාන්ත අග්‍රාමාත්‍ය වරයා වැඩිදුරටත් පවසා සිටී.

 
ඕස්ට්‍රේලියාව ගැන රසවත් කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොචාස්ට් මාධ්‍යයක් හරහා SBS සිංහල ලෙස සර්ච් කරන්න. වැඩි විස්තර සඳහා www.sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service