SKIP TO MAIN CONTENT

ටස්මේනියාව ඇතුළු ප්‍රාන්ත කිහිපයක අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම්වල කැපීපෙනෙන ඉහල යාමක්

H5N1 (7).png
Image Credit: Pexels.com/Andrea Piacquadio

ඕස්ට්‍රේලියානුවන් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රවණතාවය ඉහල ගොස් ඇතිබව වාර්තා වේ. ඔස්ට්‍රේලියාව තුල ජීවන වියදම් අර්බුදයක් පවතින අවස්තාවක මේ ආකාරයට මිලදී ගැනීම් ඉහල ගොස් ඇති බව වාර්තා වේ.


Published

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියානුවන් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රවණතාවය ඉහල ගොස් ඇතිබව වාර්තා වේ. ඔස්ට්‍රේලියාව තුල ජීවන වියදම් අර්බුදයක් පවතින අවස්තාවක මේ ආකාරයට මිලදී ගැනීම් ඉහල ගොස් ඇති බව වාර්තා වේ.


ඕස්ට්‍රේලියාවේ පසුගිය මූල්‍ය වර්ෂය අවසානයේ විවිද වට්ටම් සහ දීමනා ලබාදීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුල අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම් ඉහල ගොස් ඇති බව වාර්තා වේ. කෙසේ උවත් මිලදී ගන්නා භාණ්ඩවල වටිනාකම අඩුවී ඇති බව පෙනෙන්නට තිබෙන බව Australia Post ආයතනයේ දත්ත අනුව පෙනී යයි. 2024 ජුනි මාසයෙන් අවසන්වන මාස 12ක කාලය තුල අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම 2% කින් ඉහල ගොස් ඇත.

ටස්මේනියාව අන්තර්ජාල මිලදීගැනීම් වල විශාලතම වර්ධනය පෙන්නුම් කරන අතර 8.1% ක වාර්ෂික වැඩිවීමක් පෙන්නුම් කරයි.

මීට අමතරව මූල්‍ය වර්ෂය අවසානයේ විවිද වට්ටම සහ දීමනා ලබාදීම හේතුවෙන් සිදුවී ඇති මිලදී ගැනීම් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 4.4% කින් ඉහල ගොස් ඇත.

ඕස්ට්‍රේලියානුවන් වැඩිවශයෙන් මිලදී ගෙන ඇති භාණ්ඩ මොනවාද?

ඕස්ට්‍රේලියානුවන් වැඩිවශයෙන් ඇඳුම් සඳහා වියදම් කර ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව 19%ක ඉහල යාමකි. මීට අමතරව සෞඛ්‍ය, රූපලාවන්‍ය සහ විනෝදාස්වාදය සඳහා ද ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් මුදල් වියදම් කර ඇති බව වාර්තා වේ.

2024-08-01_18-29-52.png

උද්දමනයේ බලපෑම කෙබඳුද?

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රවනතාවය ඉහල ගියද මිලදීගන්නා භාණ්ඩ වල වටිනාකම් අඩුවී ඇති බව මෙහිදී වාර්තා වේ. මිලෙන් අඩු භාණ්ඩ නිරන්තරයෙන් මිලදීගැනීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් පෙළඹී ඇතිබව Australia Post ආයතනයේ දත්ත අනුව හෙළිවී ඇත.

ආහාර, ව්‍යෛදය ප්‍රතිකාර සඳහා වියදම් සහ නිවාස කුලී වැනි අත්‍යවශ්‍ය වියදම් මැයි මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුල 4%කින් ඉහල යාම මිලෙන් අඩු භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රවණතාවයට හේතු වී ඇතිබව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත වාර්තා කරයි.

එක් එක් ප්‍රාන්ත අනුව අන්තර්ජාල මිලදීගැනීමේ ප්‍රවණතා කෙසේද?

ටැස්මේනියාව අන්තර්ජාල මිලදීගැනීම් වල විශාලතම වර්ධනය පෙන්නුම් කරන අතර 8.1% ක වාර්ෂික වැඩිවීමක් පෙන්නුම් කරයි. නොදර්න් ටෙරිටරිය 6.7%ක වර්ධනයක්ද, ක්වීන්ස්ලන්තය ප්‍රාන්තය 5.5%ක වර්ධනයක්ද පෙන්නුම් කරයි.

දකුණු ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල මිලදීගැනීම් වල 2.3% ක වර්ධනයක් ඇති අතර බටහිර ඔස්ට්‍රේලියාවේ 0.4% ක වර්ධනයක් වාර්තා විය.

අන්තර්ජාල මිලදීගැනීම් වල යම් අඩුවක් සමහර ප්‍රාන්ත පෙන්නුම් කර ඇත. ACT හි සියයට 1.2 කින්, වික්ටෝරියා ප්‍රාන්තයේ සියයට 1 කින් සහ NSW සියයට 0.3 කින් අන්තර්ජාල මිලදීගැනීම් අඩු වී ඇතිබවද වාර්තාවේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now