Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ මාර්ග නීති උල්ලංඝනය කළ විට රියදුරන්ට නිකුත් කරන demerit points මුදලට විකුණුවොත් දඩ පිට දඩ

Cat at the steering wheel
Source: Facebook / VicRoads via Facebook

ඔස්ට්‍රේලියාවේ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් වෙත නිකුත් කරන demerit points විකිණීම අන්තර්ජාළය ඔස්සේ සිදු වෙමින් පවතින අතර ව්‍යාජ ලෙස අනුන්ගේ demerit points තමා වෙත පවර ගන්නා පුද්ගලයන්ටත් නව නීති සංශෝධන මගින් දඩ මුදල් හඳුන්වා දේ.


Published

By Athini Amarasiri, Michelle Elias

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් වෙත නිකුත් කරන demerit points විකිණීම අන්තර්ජාළය ඔස්සේ සිදු වෙමින් පවතින අතර ව්‍යාජ ලෙස අනුන්ගේ demerit points තමා වෙත පවර ගන්නා පුද්ගලයන්ටත් නව නීති සංශෝධන මගින් දඩ මුදල් හඳුන්වා දේ.


Online මාර්ග ඔස්සේ නීතිවිරෝධී නිෂ්පාදන හෝ සේවා විකිණීම ඔස්ට්‍රේලියාවේ තහනම් කර ඇති නමුත් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් වෙත නිකුත් කරන demerit points විකිණීම අන්තර්ජාළය ඔස්සේ සිදු වෙමින් පවතී.

කෙනෙක් තවකෙකුගේ demerit points තමා වෙත පවරා ගැනීම සිය පවුලේ සාමාජිකයෙකුට හෝ මිතුරෙකුට වෙනුවෙන් සිදු කරන උදව්වක් ලෙස සිදු කරනවා විය හැකිය.

සිය සහෝදරයෙකුට, සහෝදරියකට, සහකරුට හෝ සහකාරියට නැත්නම් වෙනත් හිතවතෙකුට ඔවුන්ගේ රියදුරු බලපත්‍රය අහිමි වීම වැළැක්වීමට ඔවුන් වෙත නිකුත් කළ demerit points තමන්ගේ නමට පවරා ගැනීමට යම් කෙනෙකු සාමාන්‍යයෙන් එකඟ මුදල් අය කිරීමකින් තොරව හිතවත්කමට එකඟ වනවා විය හැක.

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)

නමුත් මේ වන විට ඇතැම් පුද්ගලයින් මුදල් ලබා ගනිමින් නාඳුනන පුද්ගලයින්ගේ demerit points තමාගේ නමට පවරා ගැනීමට කටයුතු කරනු ලබයි.

මාර්ග නීති කඩ කළ රියදුරු ලෙස ඔවුන්ව නම් කිරීම වෙනුවෙන් ඇතැමුන් demerit point එකකට , ඩොලර් 80ක් අය කරනු ලබනවා. ඇතැමුන් demerit point එකක් සඳහා ඩොලර් 1000 ක් අය කරන අතර මෙලෙස demerit points තුනක් විකුණනු ලබන අවස්ථා ද තිබෙනවා.

මෙම ක්‍රියාව නීති විරෝධී වන නමුත් එය වසර ගණනාවක් තිස්සේ සිදු වෙමින් පවතිනවා.

මෙසේ demerit points මුදලට විකිණීම මීට පෙර සිදු කර තිබෙන්නේ වෙළඳ ප්‍රචාරක දැන්වීම් පල කිරීම මගිනි. පුවත් පත් වල එවැනි ලුහුඬු දැන්වීම් පල කිරීම 2009 වසරේදී නවතා ඇති අතර දැන් එම දැන්වීම් පල කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදු වේ.

සිය හිතවතුන්ට උපකාර කිරීමට demerit points තමා වෙත පවරා ගැනීමෙන් පසුව, හිතවතුන් විසින් දඩ මුදල නොගෙවා සිටීම නිසා තම රියදුරු බලපත්‍රය අහිමි වූ හෝ ඒ වෙනුවෙන් විශාල දඩ මුදලක් ගෙවන්නට ඇතැමුන්ට සිදු වූ අවස්ථා ද ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

මේ දින වල Facebook වැනි online මාධ්‍ය වල demerit points විකිණෙමින් පවතී . ෆේස් බුක් අයත් වන මෙටා සමාගම විසින් නීති විරෝධී නිෂ්පාදන විකිණීම තහනම් කළද, demerit points පිළිබඳ දැන්වීම් තවමත් ප්‍රචාරය වෙමින් පවතී.

ඔස්ට්‍රේලියාවේ සිය නිවාස කුලිය ගෙවා ගැනීම සඳහා මෙම demerit points තමාට පවරා ගෙන මුදල් ලබා ගන්නා බව එක් පුද්ගලයෙකු SBS සේවය වෙත සදහන් කොට තිබේ.

මෙය Online වංචාකරුවන්ට තම වාසනාව උරගා බැලීමට පහසු මාර්ගයක් ද වී ඇත. මෙම ක්‍රියාව නීතිවිරෝධී වන බැව් ජනතාව මෙවැනි සිදුවීම් වාර්තා කිරීමෙන් අදහස් කරන්නේ ඔවුන් නීතිය කඩ නොකරන්නට උත්සාහ කරන බවයි.

ඇතැම් පුද්ගලයන් ව්සින් රිය නොපදවන ඔවුන්ගේ වයසක මව්පියන්ගේ රියදුරු බලපත්‍ර අලුත් කරමින්, සිය මාර්ග නීති කඩ කිරීමේ අවස්ථා දෙගුණ කර ගැනීමට හුරු වී සිටී.

සමාජ මාධ්‍යවල සිටින තවත් අය විසින් දිගු කලක් සිරගතව සිටින හෝ සිරගත වීමට සිටින අයෙකුගෙන් සිය demerit points පවරා ගන්නා ඉල්ලා සිටිනවා.

මාර්ග නීති කඩ කර ලැබෙන දඩය ගැන බොරු කිව්වොත් ඔබට කුමක් වේවිද ?

රියදුරෙකු ලෙස, ඔබ demerit points බිංදුවෙන් ආරම්භ කරන අතර ඔබ මාර්ග නීති උල්ලංඝනය කළ හොත් ඊට ලැබෙන දඩුවමක් ලෙස ඔබට දඩ මුදලක් නියම වන අතර යම් demerit points ගණනක් ඔබේ රියදුරු වාර්තාවට එකතු කරනු ලැබේ. විවිධ ප්‍රාන්තවල සහ ටෙරිටරි වලට අනුව , ඔබට ඔබේ රියදුරු බලපත්‍රය අහිමි වීමට ලැබිය යුතු උපරිම demerit points ගණන 11 සිට 14 දක්වා වේ.

ලියාපදිංචි මෝටර් රථ හිමිකරුවෙකු වරදක් සිදු කරන අවස්ථාවේ රිය පැදවූයේ තමා නොවේ නම්, වෙනත් රියදුරෙකු නම් කර එම demerit points ඔවුන් වෙත මාරු කිරීම නීති විරෝධී නොවේ.

නමුත් මාර්ග නීති කඩ කළ අවස්ථාවේ වාහනය පැදවූ රියදුරු කවුරුද යන්න පිළිබඳ නම් කිරීමේදී අසත්‍ය තොරතුරු ලබා දීමක් ගැන හෙළි වුවහොත් දෙපාර්ශවයටම අසත්‍ය තොරතුරු සැපයීම ගැන චෝදනාවක් හෝ දඩ මුදලක් නිකුත් කිරීමට ඉඩ ඇත.

'Heavy fines: Loss of licence' speed camera sign
Source: Moment RF / Simon McGill/Getty Images

ඔබ NSW ප්‍රාන්තයේ දී වෙනත් රියදුරෙකු ව්‍යාජ ලෙස නම් කළහොත්, එය ඔබට ඩොලර් 723 ක දඩයක් නියම කළ හැකි වරදක් වන අතර, ඔබ ඒ සඳහා උසාවියේදී වරදකරු වුවහොත්, උපරිම දඬුවම ඩොලර් 11,000 ක් දක්වා විය හැකිය.

පසුගිය මාසයේ NSW ප්‍රාන්තයේ දී ආදායම්, දඩ සහ වෙනත් නීති සංශෝධන පනත මගින් වාහනයකට අදාළ දඩුවමක් ඉදිරිපත් කරන හෝ පිළිගැනීමට එකඟ වන පුද්ගලයින් සඳහා දඩුවම් හඳුන්වා දෙන ලද අතර ඩොලර් 704 ක දඩයක් හෝ ඩොලර් 5,500 ක උපරිම උසාවි දඬුවමක් මීට අදාළ වේ.

ඔස්ට්‍රේලියාව පුරා මේ සඳහා ඇති දඬුවම් වෙනස් වන නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ දඩ මුදල් වඩා දැඩි වන අතර උපරිම දඩ මුදල ඩොලර් 9,000 ක් වේ.

2009 දී, හිටපු ෆෙඩරල් උසාවියේ විනිසුරු මාකස් අයින්ෆෙල්ඩ්ට ඩොලර් 75 ක දඩයක් මග හැරීමට අසත්‍ය තොරතුරු ලබා දීම හේතුවෙන් අවම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් නියම වී තිබේ.

ඔබේ රියදුරු බලපත්‍රය යටතේ demerit points ලැබීම ඔබේ වාහනයේ රක්ෂණ වාරිකය වැඩි නොකරනු ඇති නමුත් ඔබ 'අධි අවදානම් රියදුරෙකු' ලෙස නම් කිරීමට එය හේතු වේ.

රක්ෂණ සමාගම් සාමාන්‍යයෙන් ඔබේ රක්ෂණ වාරිකය ගණනය කිරීමට ඔබ රැස් කරන demerit point ගණන පදනම් කර නොගන්නා නමුත් demerit points හේතුවෙන් ඔබේ රියදුරු බලපත්‍රය අත්හිටුවා ඇත්නම්, ඔබ අධි අවදානම් රියදුරෙකු බවට නම් කර ඔබේ රක්ෂණ වාරිකය වැඩි කළ හැකි වනවා.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now