ඕස්ට්‍රේලියාවේ දියේ ගිලීම් ඉහල ගොසින්. මේ ගිම්හාන නිවාඩු කාලයේ වතුරට බහින්න කලින් මේ ගැනත් සිතන්න

A swimmer takes to the water at Bronte Baths in Sydney

A swimmer takes to the water at Bronte Baths in Sydney Source: AAP

පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් 281 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර, මේ සම්බන්ධ දැනුවත් කිරීම් වැඩි කරන ලෙස විශේෂඥයින් ඉල්ලා සිටී.


රජයේ නිවාඩු දිනවල ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීමේ අවදානම වැඩි බවට නව පර්යේෂණයක් අනතුරු අඟවා තිබේ.

පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් 281 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර, මේ සම්බන්ධ දැනුවත් කිරීම් වැඩි කරන ලෙස විශේෂඥයින් ඉල්ලා සිටී.

ජාතික දියේ ගිලී මිය යාමේ වාර්තාව දැන් ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත මහජන සෞඛ්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙම දත්ත ප්‍රසිද්ධියට පත් කෙරුණි.

Royal Life Saving Society Australia විසින් Surf Life Saving Australia (SLSA) සමඟ එක්ව කරන ලද පර්යේෂණය මගින් ඔස්ට්‍රේලියාවේ නිවාඩු දිනවල සහ දිගු සති අන්තවල දියේ ගිලීමේ වැඩි අවදානමක් ඇති බව හඳුනාගෙන තිබේ.

තම විනෝද සවාරි සඳහා water safety හෙවත් ජලයේදී ආරක්ෂාවීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා යම් වැඩපිළිවෙලක හදිසි අවශ්‍යතාවයක් පවතින බව Surf Lifesaving හි පර්යේෂක ආචාර්ය Jasmin Lawes පවසයි.

වසර 10 ක සාමාන්‍යයට සාපේක්ෂව වයස අවුරුදු 0 සිට 4 දක්වා ළමුන් අතර දියේ ගිලීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව සියයට 33 කින් පහත වැටී ඇති බව වාර්තාව සොයාගෙන ඇත.

Justin Scarr යනු ඔස්ට්‍රේලියාවේ Royal Life Saving Society හි ප්‍රධාන විධායක නිලධාරියා වේ.

මෙම සංඛ්‍යා තවත් පහත වැටෙනු දැකීමට තම සංගමයට අවශ්‍ය බව ඔහු පවසයි.

ඔස්ට්‍රේලියාවේ ළමයින් දියේ ගිලීම අඛණ්ඩව අඩුවෙමින් පවතින අතර, පසුගිය වසර 20 තුළ ළමුන්ගේ දියේ ගිලීම සියයට 53කින් පමණ අඩු කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

නමුත් වෙරළ තීරයේ දියේ ගිලීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව තවමත් වසර 10 ක සාමාන්‍යයට වඩා 29% කින් වැඩි වන අතර ප්‍රධාන වෙරළබඩ ආශ්‍රිතව මේ සඳහා ඉහළ අවදානම් සාධකය වන්නේ rip currents හෙවත් දියවැල්රිය.

වයස අවුරුදු 45 ට වැඩි සියලුම වයස් ඛාණ්ඩවල දියේ ගිලී මිය යාමේ පැහැදිලි වැඩිවීමක් ඇති නිසා ආරක්ෂක විශේෂඥයෝ වඩාත් කනස්සල්ලට පත්ව සිටිති.

මාරාන්තික අනතුරුවලින් 57% ක් මෙම ඛාණ්ඩය තුළ සිදුවී ඇති බව Surf Lifesaving හි පර්යේෂක ආචාර්ය Jasmin Lawes පවසයි.

යම් යම් දිගු කාලීන රෝගී තත්ත්වයන්, එළිමහන් ජලයට යන විට ඔබේ සීමාවන් නොදැන සිටීම හෝ ජලය වෙත යන විට සූදානම් නොවී සිටීම වැනි සාධක වැඩිහිටියන් දියේ ගිලීමේ අවදානම වැඩි කරන සාධක බවද ඇය පවසයි.

දුර බැහැර ප්‍රදේශවල වෙසෙන අයට ඇති දියේ ගිලී මිය යාමේ අවදානම පිළිබඳව පර්යේෂණය මගින් යම් සොයාගැනීම් ද සිදු කර තිබේ..

දුර බැහැර ප්‍රදේශවල වෙසෙන අය දියේ ගිලී මියයාමේ සම්භාවිතාව දෙගුණයක් පමණ වේ.

බොහෝ විට පුද්ගලයෙකුට පිහිනීම හෝ විවිධ පරිසරවල අත්දැකීම් තිබීම වැනි සම්පත් වෙත ප්‍රවේශය නොමැති නම්, එය ඇත්ත වශයෙන්ම ඒ පුද්ගලයාව අවදානමට ලක් කරන බව Surf Lifesaving හි පර්යේෂක ආචාර්ය Jasmin Lawes පවසයි.

දියේ ගිලී සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා විශේෂඥයින් "stop, look and plan" හෙවත් " නවතින්න, බලන්න සහ සැලසුම් කරන්න" යන ප්‍රවේශයක් ඉල්ලා ඇත.

එය ජල සුරක්ෂිතතාව තමන් අතට ගැනීමට ප්‍රජාවට ඒත්තු ගැන්වීමේ ක්‍රමයක් බව ඔස්ට්‍රේලියාවේ Royal Life Saving හි ආචාර්ය Katrien Pickles පවසයි.

සෑම විටම ජලයේ සහ ඒ අවට සිටින දරුවන් අධීක්ෂණය කරන්න, පිහිනීම සහ ජල ආරක්ෂාව සහ ජීවිතාරක්ෂක කුසලතා ඉගෙන ගන්න, එය පිහිනුම් පන්තියකට යාම හෝ ඔබේ ප්‍රදේශයේ පිහිනුම් තටාකයට ගොස් යම් උපදෙස් අනුව පිහිනීමට සහ ඔබේ පිහිනුම් යෝග්‍යතාවය වැඩි කර ගැනීම මගින් කළ හැකි බව ඇය පැහැදිලි කරයි.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service