සරම්ප රෝගය පිළිබදව දැඩි අවදානයෙන් සිටින ලෙස ඕස්ට්‍රේලියානු සෞක්‍ය අංශ බලදරින් , NSW , කැන්බරා සහ වික්ටෝරියා ජනතාවට අනතුරු ඇගවීම් සිදු කරමින් යනවා.
අවම වශයෙන් සරම්ප රෝගීන් 5 දෙනෙක් වත් මේ වනවිට වාර්තා වෙලා තිබෙනවා . ඉතා වේගයෙන් අසාදනය වෙන මේ සරම්ප රෝගය මේ වෙද්දී සිඩ්නි, මෙල්බර්න්, කැන්බරා, නගර වලින් වාර්තා වෙලා තියෙනවා. විදේශ රටවල් වලින් මේ රෝගී තත්වය ඔස්ට්‍රේලියාවට එන්න ඇති කියල තමයි විශ්වාස කරන්නේ.

Source: Getty / Getty Images
මේ රෝගයට ලක්වීමේ අවදානම තියන පිරිස විදියට ඇය නම් කරන්නේ, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල අය, වෙනත් රෝග වලින් පෙලෙන අය වගේම ඉතා කුඩා දරුවන්.

Children playing with LEGO building bricks. Source: AAP / AAP/Kristina Stedul Fabac/PIXSELL)
කුඩා දරුවන් මේ සදහා එන්නත් ලබා ගන්නේ මාස 12දී, එනිසා මාස 6ත් 12ත් අතර දරුවන් තුළ මවගෙන් ලැබුණු ප්‍රතිදේහ මේ කාලය තුළදී ක්‍රමයෙන් අඩු වෙමින් යනව. එතකොට මේ මස 6ත් 12ත් අතර දරුවන් දැඩි අවදානම් තත්ත්වයක සිටිනවා. මේ වගේ පුංචි දරුවෙකුට මේ රෝගය වැළදුනොත්, නිව්මෝනියා තත්වය, ඇතැම් වෙලාවට, එන්සේඵලයිටිස් හෝ කලාතුරකින් පෑන් එන්සේඵලයිටිස් තත්වය උනත් ඇති වෙන්න පුළුවන් බව ඇය කියනවා, මේ පෑන් එන්සේඵලයිටිස් තත්වය ඇතිවෙන්නේ සරම්ප වැළදිලා වසර 7ට හෝ 8ට පස්සේ, එයින් මරණය පවා ඇති වෙන්න පුළුවන් බවත් ඇය පැවසුවා
බෝවන රෝග පිළිබද සහ ප්‍රජා සෞඛ්‍ය නිලදරිනියක් වෙන වෛද්‍ය කැතරීන් ගිබ්නි පවසන ආකාරයට, පසුගිය කොවිඩ් සමයේදී ලෝකේ අඩු අදායම් ලබන රටවල් වල කුඩා දරුවන් 3න් 1කට එන්නත් ලබාදීම සිදු වෙලා නැති නිසා ඒ රටවල දරුවන් අතරේ මේ සරම්ප රෝගය ව්‍යාප්ත වීම වැඩි වීමක් දකින්නට ලැබෙනව. ඉන්දියාව, පාකිස්ථානය, ඉන්දුනීසියාව, පිලිපීනය වගේ මේ රටවල් සහ ඔස්ට්‍රේලියාව අතර බහුලව සිද්ද වෙන සංචාරයන් නිසාම ඔස්ට්‍රේලියාව තුළත් සරම්ප රෝගය ව්‍යාප්තවීම සිද්දවෙන බවත් ඇය ප්‍රකාශ කළා.
——————————————————————————————————————————-
SBS සිංහල සේවයට සවන්දෙන්න දැන් SBS Aadio APP මඟින් පුළුවන් (free download)
——————————————————————————————————————————-
ROYAL AUSTRALIAN COLLEGE OF GENERAL practitioners හි සභාපතිනිය වන වෛද්‍ය නිකෝල් හිගින්ස් අවධාරණය කරන්නේ, සියලුදෙනාම එන්නත් මාත්‍රා දෙක නොවරදවා ලබා ගත යුතු අතර, කෙනෙක්ට එන්නත කලින් ලබාගෙන ඇතිද යන්න එන්නත් කාඩ් පතක, පොතක දෙමුපියන් විසින් සටහන් කර ඇතිනම් දන ගත හැකි බවයි. එසේත් නැතිනම් රුදිර පරීක්ෂණයක් සිදු කරලත් සරම්ප රෝගයට අදාළ ප්‍රතිදේහ තජ්මන්ගේ සිරුරේ තියෙනවද යන්න දන ගත හැකි බව ඇය මේ විදියට කියා සිටිය.
තමන්ට එන්නත කුඩා කලේ ගත්ත ද යන්න මතකයක් නැති නම්, ඔබට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම්, තමන්ගේ පවුලේ වෛද්‍ය වරයා වෙත යන ලෙස ඇය තව දැනුවත් කර සිටියා. නමුත් සායනයට යන්න කලින් වෛද්‍යවරයාව දුරකතනයෙන් දැනුවත් කරලා, ඔවුන් අනෙක් අයට රෝගය ව්‍යාප්ත නොවන විදියට සුදානම් උනාට පස්සේ වෛද්‍ය මද්යස්ථානයට යන ලෙසට ත් ඇය අවධාරනය කර සිටිනවා.
******************************************************************************************************
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට හැකි අයුරු
· SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Aadio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.




