Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කුවීන්ස්ලන්තයේ පොදු ප්‍රවාහන ගාස්තුව සත 50ක් දක්වා අඩුකරයි.

2024-06-06_15-30-14.png
Source: AAP / Darren England

ඕස්ට්‍රේලියාව තුල වර්තමානයේ පවතින ආර්ථික අර්බුධය හමුවේ ජනතාවට යම් සහනයක් ලබා දීමට කුවීන්ස්ලන්ත ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටී. මේ අනුව ප්‍රාන්තය තුල පොදු ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.


Published

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාව තුල වර්තමානයේ පවතින ආර්ථික අර්බුධය හමුවේ ජනතාවට යම් සහනයක් ලබා දීමට කුවීන්ස්ලන්ත ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටී. මේ අනුව ප්‍රාන්තය තුල පොදු ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.


කුවීන්ස්ලන්ත ප්‍රාන්ත තුල පොදු ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ. මේ අනුව සියලුම මගීන් සඳහා ප්‍රවාහන ගාස්තුව සත පනහක් දක්වා අඩු වනු ඇත. මෙම ක්‍රියාවලිය අගෝස්තු 5වනදා ආරම්භ කිරීමට කුවීන්ස්ලන්ත ප්‍රාන්ත රජය විසින් කටයුතු යොදා ඇත.

මෙය උද්දමන තත්වයටද විසඳුමක් වනු ඇති බවට ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

මෙම ගාස්තු අඩුකිරීමේ සහනය මාස හයක් පුරා ලබාදීමට කටයුතු කරන බව ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත. කෙසේ උවත් මේ සඳහාද smart ticketing, go card භාවිතය හෝ හෝ ටිකට් පතක් මිලදී ගැනීම සිදුකලයුතු වේ.

මෙහිදී ආර්ථික අපහසුතා වලින් පීඩා විඳින ජනතාවට යම් සහනයක් ලබා දීමට ප්‍රාන්ත රජය බලාපොරොත්තු වේ. එසේම බොහෝ පුද්ගලික වාහන භාවිතා කරන්නන් පොදු ප්‍රවාහන සේවා වෙත යොමුකරවා ගැනීමද අරමුණ වී ඇත.

Mango Hill සිට බ්‍රිස්බේන් නුවර වෙත යාමට දුම්රිය භාවිතා කරන්නෙකුට සාමාන්‍යයෙන් සතියකට $96ක් පමණ වැය වන බව ප්‍රාන්ත අගමැති Steven Miles පවසා සිටී. එසේම එම දුර ප්‍රමාණය යාමට පුද්ගලික වාහන භාවිතා කරන්නේනම් පවතින වාහන තදබදයද සමගින් ඊටත් වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කර සිටී.

බ්‍රිස්බේන් නුවර පවතින වාහන තදබදය අවම කිරීමද මෙහි ප්‍රදාන අරමුණක් වී ඇත.

මෙය උද්දමන තත්වයටද විසඳුමක් වනු ඇති බවට ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි. මෙහිදී පොදු ප්‍රවාහන ක්ශේෂ්ත්‍රයේ වියදම් අඩු වීම හේතුවෙන් ඒ හරහා ප්‍රාන්තයේ උද්දමන තත්වයද අඩුවනු ඇති බවට අපේක්ෂා කෙරේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now