Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ණය හිමියන්ට සහනයක් වෙමින් තවත් පොලී අනුපාත කප්පාදුවක් ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු කරයි

2025-08-12_16-43-42.jpg

Reserve Bank of Australia governor Michele Bullock says the board is prioritising employment and stability and hinted at further cuts to the official cash rate. Source: AAP / Dan Himbrechts

ඕස්ට්‍රේලියානු මහ බැංකුව බොහෝ දෙනා අපේක්ෂා කල පරිදි පොලී අනුපාත කප්පාදුවක් ලබාදීමට අද, එනම් අගෝස්තු 12 වෙනිදා කටයුතුකර තිබෙනවා.


Published

Updated

By Cheyne Anderson

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියානු මහ බැංකුව බොහෝ දෙනා අපේක්ෂා කල පරිදි පොලී අනුපාත කප්පාදුවක් ලබාදීමට අද, එනම් අගෝස්තු 12 වෙනිදා කටයුතුකර තිබෙනවා.


අගෝස්තු මාසයේ පැවති දින දෙකක සාකච්චා වලින් අනතුරුව ඕස්ට්‍රේලියානු මහ බැංකුව පොලීි අනුපාත කප්පාදුවක් ලබා දීමට එකඟ වී තිබෙනවා. මේ අනුව පෙර පැවති 3.85%ක පොලීි අනුපාතය 3.60%ක් දක්වා අඩුවන බව වාර්තා වනවා.

මෙවර හමුවීමේදී පොලීි අනුපාත කප්පාදුවක් ලබාදෙනු ඇති බවට බොහෝ ආර්ථික විසේසක්නයින් අනාවැකි පල කළා. මීට අමතරව ප්‍රධාන බැංකුද මෙවර පොලීි අනුපාත කප්පාදුවක් ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු කරනු ඇති බවට අනාවැකි පල කර තිබුනා.

මේ අනුව මේ වසරේදී ලබාදුන් තුන්වන පොලීි අනුපාත කප්පාදුව මෙය වන බව වාර්තා වනවා.

ratecut.jpg

පෙබරවාරි මාසයේ සහ මැයි මාසයේ පොලීි අනුපාත කප්පාදුවකට යාමට මහබැංකුව තීරණය කලත් පසුගිය ජූලි මාසයේ පොලීි අනුපාත කප්පාදුවකට නොයාමට ඕස්ට්‍රේලියානු මහබැංකුව තීරණය කළා. මෙහිදී ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජුනි කාර්තුව සඳහා වන දත්ත ලැබෙන තුරු පොලීි අනුපාත පිළිබඳව නිසි තීරණයක් ගැනීමට අපහසු බව මහබැංකුව සඳහන් කර සිටියා.

ජුලි මාසයේ අග නිකුත්වූ මෙම දත්ත හරහා ඕස්ට්‍රේලියාවේ උද්ධමනය 2.4% සිට 2.1% දක්වා පහත ගොස් ඇතිබව වාර්තා වුනා. මීට අමතරව විරැකියා අනුපාතයද 4.2% දක්වා ඉහල ගොස් තිබුනා. මෙවර පොලීි අනුපාත කප්පාදුව සඳහා මෙම දත්ත ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

කෙසේ වුවත් ට්‍රම්ප් පරිපාලනයේ ඇතැම් තීරණ හේතුවෙන් ගෝලීය ආර්ථිකයට ඇතිවී තිබෙන අස්ථාවර භාවය පිළිබඳවද මෙහිදී සඳහන්කර සිටීමට ඕස්ට්‍රේලියානු මහබැංකුව කටයුතු කර තිබුනා.

2025 වසරේ ඉතිරි කාලයේ සහ 2026 වසරේ මුල් මාස කිහිපයේ ගෝලීය සහ දේශීය ආර්ථිකයේ මන්දගාමී තත්වයක් අපේක්ෂාකරන බව ඕස්ට්‍රේලියානු මහා බැංකු ප්‍රධානි මිෂෙල් බුලොක් පවසා සිටියා.

———————————————————————————————————————

මෙය SBS News වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරින් නිෂ්පාදනය කල පොඩ්කාස්ට් විශේෂාංගයකි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now