කිකිළියන් ලක්ෂ 5ක් මරා දමලා. ඔස්ට්‍රේලියාව තුල බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක්

H5N1.png

Image Credit: Getty Images

ඔස්ට්‍රේලියාව තුල බිත්තර හිඟයක් ඇතිවීමේ අවධානමක් සහ ඒ හරහා බිත්තර මිල ඉහළයාමේ හැකියාවක් ඇති බවට වාර්තා වේ. කුරුළු උණ තත්වයක් කුකුළු ගොවිපල ආශ්‍රිතව වාර්තා වීම මෙයට හේතුවී ඇත.


වික්ටෝරියා ප්‍රාන්තයේ බිත්තර ගොවිපල දෙකක කුරුළු උණ පැතිරීම නිසා කුකුළන් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් මරා දැමීමට තීරණය කෙරුනා. ඉතාම දරුණු ලෙස පැතීරී යන මෙම වෛරස තත්වය හේතුවෙන් ලක්ෂ පහකට අධික කිකිළියන් ප්‍රමාණය මරා දැමීමට සිදුවූ බව Victorian Farmers Federation විසින් නිවේදනය කර ඇත.

කුරුළු උන නිසා එක දිනකට බිත්තර 450,000ක හිඟයක් බිත්තර වෙළඳපොල තුල පවතී
2024-06-04_14-03-54.png
Source: Getty / Peter Garrard Beck

බිත්තර නිෂ්පාදනය හොඳින් සිදුවන කාලවලදී එක කිකිළියක් විසින් සතියකට බිත්තර 5ක් හෝ 6ක් පමණ ලබා දෙන බව Victorian Farmers Federation හි උපසභාපති ලෙස කටයුතු කරන සහ බිත්තර ගොවිපල හිමිකරුවකු වන Danyel Cucinotta පවසා සිටී.

මේ අනුව මේ වනවිට එක දිනකට බිත්තර 450,000ක් පමණ වෙළඳපොළට නොපැමිණෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.

ඉදිරි දින කිහිපය තුල තම වෙළඳ සැල් තුල යම් ආකාරයක බිත්තර හිඟයක් දැකගත හැකිවනු ඇති බවට ALDI සුපිරි වෙළඳසල් සමූහයේ ප්‍රකාශකයකු පවසා සිටී.

කෙසේ උවත් මෙම වසන්ගත තත්වය තම සැපයුම් ජාලවලට බලපෑමක් නොකරනු ඇති බව Woolworths ආයතනේයේ ප්‍රකාශකයකු පවසා සිටී.

කෙසේ උවත් සතුන් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් මරාදැමීම නිසා ඇතිවූ තත්වය යතාතවයට පත්වීමට මාස 6 සිට වසර තුනක් දක්වා වූ කාලයක් ගතවිය හැකි බව Victorian Farmers Federation හි උපසභාපති ලෙස කටයුතු කරන Danyel Cucinotta පවසා සිටියේය.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now