Covid 19 එන්නත් නිසා ස්නායු, මොලයේ ලේ කැටි සහ හදවත් රෝග ඇතිවීමේ අවදානමක්: නවතම පර්යේෂණ වාර්තා තහවුරු කරයි

Female doctor giving injection to patient,Vaccination and prevention against flu or virus pandemic.

Pandemic,Vaccination. Source: Moment RF / Visoot Uthairam/Getty Images

Covd 19 එන්නත් පිළිබඳ ලොව මෙතෙක් සිදුකල විශාලතම පරීක්ෂණය සිදුකර තිබේ . මෙහිදී එන්නත් ලබා ගත් මිලියන 99ක් දෙනා යොදාගෙන එන්නත නිසා ඇතිවියහැකි අතුරු ආබධ සම්බන්දයෙන් පරීක්ෂණයට ලක් කර ඇත.


මිලියන ගණනක් Covid 19 එන්නත ලබා ඇති පුද්ගලයින් යොදා සිදුකල මෙම පරීක්ෂණය මගින් ඉතා දුර්ලභ ස්නායු, රුධිරය සහ හෘද ආශ්‍රිත රෝගී තත්වයන් COVID-19 එන්නතේ අතුරු විපාක බවට තොරතුරු අනාවරනය කරගෙන තිබේ. තත්වය එසේ උවත් එන්නත මගින් ලැබෙන ප්‍රතිලාබ ඊට වඩා ඉහල බව වෛද්‍ය මතය වී තිබේ.

2020 වසරේ සිට මේ වන තෙක් බිලියන 13.5කට වඩා වැඩි Covid 19 එන්නත් ප්‍රමාණයක් ජනතාව වෙත ලබා දී ඇති බවව වාර්තා වේ. මෙය සම්පූර්ණ ජනගහනයේ 71%ක් පමණ වේ
.

මෙම නවතම අධ්‍යයනය සඳහා ඔස්ට්‍රේලියාව, නවසීලන්තය,කැනඩාව ඩෙන්මාර්කය , ආජන්ටිනාව, ප්‍රංශය වැනි රටවලින් Covid 19 එන්නත ලබාගත් පුද්ගලයින් විශාල වශයෙන් සම්බන්ධ කරගෙන තිබේ. මෙහිදී මෙල්බර්න් නුවර Murdoch Children's Research Institute සහ Global Vaccine Network විසින් එන්නත සහ අතුරු අබාද සම්බන්ද නව සොයාගැනීම් ඉදිරිපත් කර තිබේ.

තවද මෙහිදී සිදු කල තවත් අධ්‍යයනයක් ලෙස AstraZeneca COVID-19 එන්නත හා ස්නායු සම්බන්ද රෝග ඇතිවීමේ අවදානම ගැන අධ්‍යයනය කර තිබේ.


පර්යේෂකයන් පහත සඳහන් රෝගී තත්වයන් සමඟ එන්නතේ ඇති සම්බන්ධතා හඳුනාගෙන ඇත:

  • Myocarditis (හෘද පේශිවල ඇතිවන ඉදිමීම්)
  • Pericarditis (හදවත ආවරණය කරන තුනී මන්ෂපෙශී ඉදිමීම)
  • Guillain-Barré syndrome (ස්නායු වලට ප්රතිශක්තිකරණ පද්ධතියෙන් බලපෑම් එල්ල වීම )
  • Cerebral venous sinus thrombosis (මොළයේ රුධිර කැටි ඇතිවීමේ තත්වය)
  • Acute disseminated encephalomyelitis (මොළයේ සහ කොඳු ඇට පෙළේ ඉදිමීම)

ඔස්ට්‍රේලියාව විසින් සිදුකල පර්යේෂණ වලින් AstraZeneca Covid 19 එන්නත හා මොළයේ සහ කොඳු ඇට පෙළේ ඉදිමීම වැනි තත්වයන් ඇතිවීම තහවුරු කර තිබේ. කෙසේ උවත් එන්නත් මිලියනයකට රෝගීන් 0,78 කට මෙම අවධානම පවතින බව සොයාගෙන තිබේ.

මෙහිදී පවතින අවධානම අවබෝධ කර ගැනීම සහ එන්නත් භාවිතයේ වාසි අවාසි ඉදිරි එන්නත් වැඩසටහන් වලදී හොඳින් සලකා බැලීම ඉතා වැදගත් බව වසංගත රෝග විශේෂඥ Hannah Morgan පවසා තිබේ.

මේඅතර මෙම එන්නත් මගින් මෙසේ අතුරු ආභාධ ඇතිවීමේ අවධානම මෙන්ම වෛරසය නිසාද මේ ආකාරයේ රෝගී තත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව University of Sydney School of Public Health හි මහාචාර්ය Julie Leask පවසා තිබේ.

වෛරසය ආසාධනය හේතුවෙන් මේ ආකාරයේ ස්නායු ආශ්‍රිත අතුරු අභාධ ඇතිවීමේ අවධානම එන්නත නිසා අතුරු අබාධ ඇතිවීමේ අවධානමට වඩා 617 ත් ගුණයකින් ඉහල බව දත්ත වාර්තා කර තිබේ.

Covid 19 එන්නතේ මෙවැනි අතුරු ආබාද ඇති උවත් තවමත් එන්නත ලබා ගැනීම නිසා පවතින ප්‍රතිලාබ ඉහල බව ඉහල බව විශේෂඥ මතය වී තිබේ.

අවුරුදු 75ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා Booster එන්නතක් ලබා ගැනීම වෛද්‍ය නිර්දේශය වී තිබේ.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service