මුහුදක් වගේ මහා ජලකඳක් අඟහරු අභ්‍යන්තරයේ ඇති බවට සාක්ෂි සොයාගත්තේ මෙහෙමයි.

Perseverance selfie with Cheyava Falls on the surface of Mars (NASA supplied image).jpg

මුහුදක් තරම් විශාල ජලකඳක් අඟහරු මතුපිට ඇති බවට විද්යාඥයන් මත පල කරනවා. රතු ග්‍රහලෝකයේ අභ්‍යන්තරයේ සිදුවන භූකම්පන කම්පන වාර්තා කර ඇති නාසා හි ඉන්සයිට් ලෑන්ඩර් යානයේ දත්ත විශ්ලේෂණය මත මෙම සොයාගැනීම් පදනම් වී තිබෙනවා.


1971 සිදුවූ පළමු අඟහරු ගවේශනයේදී අඟහරු මත ජීවය පැවතිය හැකි බවට යම් බලාපොරොත්තුවක් ඇති උනා. එහිදී NASA ආයතනය විසින් සිදුකල මාද්‍ය සාකච්චාවකදී අඟහරු ග්‍රහයා මත අයිස් තට්ටු ඇති බවට මුල් වරට අනාවරණය කර තිබෙනවා.
අඟහරු ග්‍රහයා මත සිදුවන භූ කම්පන නිරීක්ෂණය සඳහා ගිය මෙම මෙහෙයුම හරහා අඟහරු මතුපිට පෘෂ්ටයේ සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් අතිවිශාල ජල කඳක් ඇතිබව නිගමනය කර තිබෙනවා.
නමුත් වර්තමානයේ සිදු කර ඇති නවතම පරීක්ෂනවලට අනුව අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ විශාල ජල ප්‍රමාණයක් පැවතිය හැකි බවට අනුමාන කරනවා. වාෂන් රයිට් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සැන් ඩියාගෝ හි ස්ක්‍රිප්ස් සාගර විද්‍යා ආයතනයේ සහකාර මහාචාර්යවරයකු වන අතර පර්යේෂණයට නායකත්වය දී තිබෙනවා. අඟහරුගේ ජල චක්‍රය අවබෝධ කර ගැනීම ග්‍රහලෝකයේ පරිණාමය අවබෝධ කර ගැනීම සඳහා ඉතා වැදගත් බව රයිට් මහතා පවසා සිටිනවා.

මෙම සොයාගැනීම් පරිගණක ආකෘති නිර්මාණය හරහා වගේම NASA හි ඉන්සයිට් ලෑන්ඩර් යානයේ භූ කම්පන මිනුම් දත්ත මත පදනම් වී තිබෙනවා. රතු ග්‍රහලෝකයේ භූ කම්පන ස්පන්දනයනට සවන් දෙමින් වසර හතරක් ගත කිරීමෙන් පසු මෙම ඉන්සයිට් ලෑන්ඩර් යානය සිය මෙහෙයුම 2022 දී අවසන් කර තිබෙනවා. එම යානය තම මෙහෙයුම් අවසන්කරන මොහොත වනවිට අඟහරු ග්‍රහයා මත සිදුවූ භූ කම්පන 1300කට අධික ප්‍රාමාණයක් වාර්තාකර තිබෙනවා. අඟරු ග්‍රහයාගේ භූකම්පන වල හඬපට පටිගත කිරීමටද මෙහිදී කටයුතු කර තිබෙනවා.
ඉදිරි දශක කිහිපය තුල අඟහරු මත ජනාවාස පිහිටුවන බව Elon Musk මහතා පවසනවා.
අඟහරු ග්‍රහයා මත සිදුවන භූ කම්පන නිරීක්ෂණය සඳහා ගිය මෙම මෙහෙයුම හරහා අඟහරු මතුපිට පෘෂ්ටයේ සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් අතිවිශාල ජල කඳක් ඇතිබව නිගමනය කල ආකාරය සොයා බැලීම වැදගත් වනවා.

මෙහිදී භූ කම්පනයක් ඇතිවීමේදී එම තරංග එක් එක් පදාර්ථ හරහා ගමන් කිරීමේදී ඇතිකරන විවිද ශබ්ද වෙනස් බවත් ඒ හරහා අති විශාල ජල ප්‍රමාණයක් අඟහරු ග්‍රහයා අභ්‍යන්තරයේ ඇතිබවට විශ්වාස කරන බවත් NASA හි Deep Space Network හි Glen Nagle පෙන්වා දෙනවා.

මීට වසර බිලියන ගණනකට පෙර අඟහරු ග්‍රහයා මතුපිට ගංගා සහ විල් පැවතී ඇති අතර එහි මතුපිට පෘෂ්ටයෙන් ජලය බොහෝ විට කාන්දු වී ඇතිබවට විද්‍යාඥයන් විශ්වාස කරනවා. මේ අනුව අඟහරු ග්‍රහයා මත ජීවය පවතීද යන්න සම්බන්දයෙන් මේ වනවිට විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. අඟහරු ග්‍රහයා මත මිනිස් ජනාවාස පිහිටවිය යුතු බවට Space X ආයතනයේ නිර්මාතෘ Elon Musk දශකයක පමණ කාලයක සිට මත ඵල කරමින් සිටිනවා. ඉදිරි දශක කිහිපය තුල අඟහරු මත ජනාවාස පිහිටවීම සම්බන්දයෙන් Elon Musk මහතා 2017 වසරේදී අදහස් දක්වා සිටියා.

අඟහරු ග්‍රහයා මත ජීවය පවතින බව සනාත උවත් මිනිස් ජනාවාස පිහිටුවීම ඉතාමත් අසීරු කාර්යයක් වනු ඇති බව Nagel මහතා පෙන්වා දෙනවා.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************


  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service