කාණ්ඩ කිහිපයක Centrelink දීමනා සඳහා අයදුම්පත් සලකා බැලීමේ දැඩි ප්‍රමාදයක්.

2024-07-04_19-06-06.png

Source: Getty Images

ඕස්ට්‍රේලියාවේ සමාජ ආරක්ෂණ ගෙවීම් සහ සේවා ලබාදෙන Centerlink ආයතනය විසින් එම දීමනා සඳහා ලැබෙන අයදුම්පත් සලකාබැලීමේ යම් ප්‍රමාදය පවතින බව වාර්තාවේ. මෙහිදී තරුණයින් සඳහා ලබා දෙන දීමනා, රැකියා නොමැති අය සඳහා ලබාදෙන දීමනා මෙන්ම දරුප්‍රසූත සඳහා ලබාදෙන දීමනා ඇතුළු දීමනා රාශියක් ලබාදීමේ යම් ප්‍රමාදයක් පවතින බව වාර්තා වේ.


Centerlink දීමනා නියමිත කාලය තුල ලබාදීමට නියමිත උවද සමහර දීමනා අතරින් 75%ක් පමණ නියමිත කාලයේදී ලබාදීම සිදු නොවන බව service Australia ආයතනයේ දත්ත අනුව හෙළිවී ඇත.

දරුවන් රැක බලාගනීමෙදී ලබාදෙන දීමනා අතරින් සමහරක් දීමනාද නිශ්චිත කාලය තුල ලබාදීමේ නොහැකියාවක් ඇති බවද වාර්තා වේ

ඕස්ට්‍රේලියානු සෙනට් සභාවේ කොමිටිය වෙත ඉදිරිපත් කරන ලද දත්ත හරහා මේ වසරේ මුල්මාස හතර ඇතුලත සිදුකරන ලද ගෙවීම් වලින් 43%ක් පමණක් නියමිත කාල රාමුව ඇතුලත ලබාදීමට කටයුතු කර ඇති බව හෙළිවී ඇත.

මේ වසරේ ජනවාරි 1 සිට මැයි මස 1 දක්වා වූ කාලයේ දී තරුණයින් සඳහා වන youth Allowance ලබාදීමේදී 10%ක ප්‍රමාණයක් පමණක් නියමිත කාලය ඇතුලත ලබාදීමට කටයුතු කර ඇත. මීට අමතරව AUStudy දීමනා අයදුම්පත් වලින් 23%ක් පමණක් නියමිත කාල සීමාව තුල ලබා දී ඇතිබවද හෙළිවී ඇත.

දරුවන් රැක බලාගනීමෙදී ලබාදෙන දීමනා අතරින් සමහරක් දීමනාද නිශ්චිත කාලය තුල ලබාදීමේ නොහැකියාවක් ඇති බවද වාර්තා වේ.

අතපසු වී ඇති දීමනා කඩිනමින් සකස්කර ලබාදීමට තම දෙපාර්තමේන්තුව දැඩි වෙහෙසකින් යුතුව ක්‍රියා කරන බව Services Australia හි ප්‍රධාන විධායක David Hazlehurst පවසයි. මේ සඳහා අමතර සේවකයින් බන්දවාගනීමටද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.

පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් විවිද දීමනා සඳහා අයදුම්පත් මිලියන 1.35ක් පමණ ලැබී ඇති බව ඔහු වැඩි දුරටත් පවසා සිටී. තම දෙමර්තමෙන්තුවේ ප්‍රධාන අරමුණ ප්‍රමාදවී ඇති අයදුම්පත් ප්‍රමාණය සලකා බැලීම කඩිනම් කිරීම බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

මෙහිදී මිලියන 1.5කට අධික ප්‍රමාණයක් අයදුම්පත් ප්‍රමාද වී තිබේ. මෙම ප්‍රමාණයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් දින 120ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ප්‍රමාද වී ඇති බව හෙළිවී ඇත.

මෙහිදී සියලුම Centerlink දීමනා අයදුම්පත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සඳහා ගතවන දින ප්‍රමාණයේ සාමාන්‍ය දින 41ක් වී ඇත.

2024-07-04_19-09-07.png

Centerlink දීමනා ලබාගැනීමට අයදුම් කිරීමට දුරකථන ඇමතුම් ලබාගැනීමට රැඳී සිටියයුතු කාලයද වැඩිවී ඇති බව වාර්තා වේ. මෙහිදී දුරකතනයෙන් සම්බන්ද වීම සඳහා රැඳී සිටියයුතු කාලයේ සාමාන්‍ය විනාඩි 31යි තත්පර 55ක් වී ඇත. මෙය පෙර වසරේ පැවතියේ විනාඩි 21යි තත්පර 19ක් ලෙසයි. මෙම සේවාවන් කඩිනම් කිරීමට තවත් බොහොදා කිරීමට ඇති බව David Hazlehurst පවසා සිටී.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now