ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තනයේ හැඩවැඩ පෙන්වන ඇය නමින් ශශිලා පෙරේරා. පසුගිය දා ඇය ප්‍රමුඛ නර්තන කණ්ඩායම Victorian Multicultural Commission (VMC) විසින් වාර්ෂිකව පවත්වන වසර අවසාන උත්සවයේ නර්තනාංගයක් ඉදිරිපත් කළා. මෙවැනි ඉදිරිපත් කිරීමකට ආරාධනා ලැබූ පළමු ශ්‍රී ලාංකේය නර්තන කණ්ඩායම ශශිලා ප්‍රමුඛ ඇගේ කණ්ඩායමයි. අගේ ඉදිරිපත් කිරීමෙන් පසු බහුසංස්කෘතික ප්‍රජාවගෙන් ඇයට බොහෝ ප්‍රතිචාර හිමි වී තිබුණා. ඒ බොහෝ ප්‍රතිචාර තුළ තිබුණේ මේ නර්තනාංග දැකීමෙන් ඇති වූ විස්මය සහ අපූර්වත්වයයි. සිය නර්තන කෞශල්‍යයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ සෞන්දර්යාත්මක හැඩයක් මවා පෑ ශශිලා VMC අත්දැකීම, සිය වෘත්තීය ජීවිතය, බහුසංස්කෘතික ප්‍රජාවගෙන් හිමි වන ප්‍රතිචාර සහ නර්තනය තුළින් ඈ ලබන සතුට SBS සමඟ අකුරු කළ මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.
එළියේ හිටපු මගේ කණ්ඩායමේ කෙනෙක් කිව්වා... ඔයාලා නටනකොට ඔයාලගේ අඩි එකින් එක එතන ඉස්සරහ හිටපු අය ගණන් කරා කියලා... අපේ උඩරට නර්නතනය ඇත්තටම පොළවත් එක්ක බද්ධ වෙලා නටන්නේ. අපේ නැටුම් ලෝකේ අනෙකුත් නර්තනාංග එක්ක වෙනස් වෙන්නේ ඒකයි.


ලංකාවේ අයත් ඇවිත් හිටියා. එයාලා අපි ළඟට ඇවිත් කතා කළේ අපි නටනකොට... බෙර සද්දේ ඇහෙනකොට... හිරිගඩු පිපෙනවා කියලා.


මට ගොඩක් සතුටුයි මේ දවස් ටිකේ... ශ්‍රී ලංකාවේ නම බබළවන්න පුළුවන් වුණ නිසා.

Share






